වගකීමෙන් කියන්නෙ කඩේ තියන එක ඔය බූමිතෙල් ඩිසල් වලට කපුරු දාල ගාන එකට වඩා හොදයි මම ඔය දෙකම කරලා තියනවා, බූමිතෙල් වලට කපුරු දාල ගාල බොහොම ටික දවසකින් ගුල්ලො ගහන්න ගන්නවා කඩේ තියන ඒව ගෑවම එහෙම වෙන්නෙ නැහැ
ලීයෙ ෆිනිශින් වැඩ කරලා පේන්ට් කරන්න කලින් ගාපන් එහෙම නැත්නම් දැව ආරක්ශක ගාල වැලි කොලෙන් කපනකොට එන ඩස්ට් එක පට්ටම විසයි
කඩේ තියන එක ගානකොට ඒකෙ කියලා තියන විදියට ලීයට තවත් උරාගන්නෙ නැති වෙනකන් තුන් හතර වතාවක් ගාන්න ඕන
ඒකෙ කියලා තියෙන්නෙ ලී ඒකෙ ගිල්ලවලා තියන්න පුලුවන් නම් හොදයි කියලා මම නම් කරේ හතර සැරයක් විතර ගාපු එක
පලවෙනි සැරෙ ගාද්දි ටිකක් වැඩිපුර යනවා මොකද ලීයට ගොඩක් උරාගන්න නිසා අනෙක් ඒවට ඒ තරම් යන්නෙ නැහැ අනික ගොඩක් ඉක්මනට ගාන්න පුලුවන් තින්ත වගේ නෙමෙයි