මචංලා 05 වෙනිදා ගේදර වැඩ පටන් ගත්තා. දැන් ෆවුන්ඩේෂන් දාලා ඉවරයි බිත්ති නග්ගන්න තියෙන්නේ. වයිෆ්ගේ තාත්තට කඩපු ගෙදරක ලී වගයක් සෙට් වෙලා 15000.00 කට ජනෙල් උලුවහු, යට ලී බාල්ක, පරාල කලවමට තියනවා. පොර ඒ ලී ටික ගෙනල්ලා. වටිනාකම බැලුවොත් ලක්ෂ 3 ක විතර ලී තියනවා. බාල්ක ලීයක් අඩියක් විතර ඝණකම්. ලී ගත්ත ගෙදර අවුරුදු 100ක් විතර පරණ ගෙයක්. ඒ ගෙදර ඇතුලේ දෙන්නෙක් වහ බීලා මැරිලත් තියනවලු. ඕක දැනගත්ත වෙලේ වයිෆ් කන්කෙදිරි ගානවා ඒ ලී ටික අයින් කරමු කියලා. වඩු බාසුත් ඇවිල්ලා කීවලු ඒ ලී පාවිච්චි කරන්න එපා කියලා. දැන් හදන කෑල්ලට විතරක් ජනෙල් උළුවහු වලට අලුතින් ලී ගන්න ගියොත් 70000.00 ක් විතර යනවා. තේක්ක ලී. වහලේ ලී වලට නම් පොල් ගස් 3ක් තියනවා පලන්න. තව මදි උනොත් ගස් 2-3ක් ගන්න පුලුවන්. මට ලී සම්බන්දව දැනුමක් නෑ බං. මොකද කරන්නේ අලුතින් ලී ගන්නද නැත්නම් මේ ලී දාන්නද?