දිකිරට බළලුත් සක්කිලු - meaning?

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    දිකිරට බළලුත් සක්කිලු - meaning?


    මේක දැන් ගොඩක් තැන් වල දැක්කා, මොකක්ද මේකේ තේරුම
     
    • Like
    Reactions: Solo Rider

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒ කියන්නේ ඔය හදුන්නෙත්ති වගේ ගොං හරකෙක් මොකක් හරි ගොං කථාවක් කිව්වහම ඒක සාධාරණකරනය කරන්න @shenat වගේ වහල් ජෙප්පෝ ගෝට් චීස් මතක් කරනවා වගේ දේවල් කරන ඵක..😹😹😹
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    බලල්ලු හෙන මෝඩයි කියල කියන්නෙ ඔය
    dog-doggy.gif
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කවුරුත් වාසි ඇත පැත්ත ට එකතු වේ

    දී කිරි කියන්නෙ මොනවද?
    ****************************
    පොල්ගෙඩියක භ්‍රෑණ පෝෂය යනු පොල් ගෙඩියේ කලලයට පෝශනය සපයන ජලයේ දිය නොවන ද්‍රව්‍යයකි .මේ සදහා කුරුම්බා ගෙඩියක් පොල් බවට පරිවර්තනය වීමේදී පොල් වල පවතින
    ඇල්ෆා ඩී ග්ලුකොසිඩේස් එන්සයිමය මගින් කුරුම්බා වතුර ඝන පොල් පොල් වතුර බවට පත්කරයි.නමුත් ස්භාවිකව ඉතා සුලු ප්‍රතිශතයක් පමණක් ඇති දීකිරි පොල් ලෙස හදුන්වන පොල් ගස් වල හටගන්නා පොල්වල මෙම ඇල්ෆා ග්ලුකොසිඩේස එන්සයිමය නිපදවීම සදහා පවතින ජානය විකෘති ව පවතී.එමනිසා එම ගස්වල කුරුම්බා පොල් බවට පත්වීමේදි පොල් හා පොල් වතුර බවට පත් නොවී ඒ වෙනුවට ජෙලි ආකාර සුදු පැහැ ද්‍රව්‍යයක් සාදයි.පොල් ගෙඩියේ කුහරය පුරාම මෙම ද්‍රව්‍ය පිරී පවතී.මෙම පොල් දීකිරි පොල් ලෙස හදුන්වයි..
    දීකිරි පොල් ඉතාමත් ශක්ති ජනක ආහාරයකි.
    මුස්ලිම් ජාතිකයන් දීකිරි පොල් වලට ඉමහත් ප්‍රිය කරයි.
    මැලේසියාව හා ඉන්දුනීසියාවේ මේවා ඉතාමත් ජනප්‍රියය..
    දීකිරි පොල් යොදා සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු ලංකාවේද පැරණිතමයින් සාදා ඇත.
    පොල් ටොෆි දීකිරි පොල් වලින් සෑදූ විට ඉතාමත් රසය.ඊට අමතරව
    - ජෑම් සෑදීමට
    -පාන් වලට ගාන ක්‍රීම් එකක් ලෙස(මුස්ලිම් අය සාදයි)
    -අයිස්ක්‍රීම් සමග අමතරව එක්කර කෑමට.(මෙවැනි අතුරුපසක් ඉතාමත් මිළ අධිකය.මැලේසියාවේ ඇත)
    -සීනී සමග හෝ පැනි එක්කර මීකිරි ලෙස ආහාරයට ගැනීම
    සිදුකරනු ලබයි.
    ~දීකිරි වල ඇති පෝශණ ගුණ~
    *********************************
    *අධික තන්තු සහිත ආහාරයකි.ආහාර දීරවීම පහසුකරයි.අජීර්ණ ඇති අයට සුදුසුය.
    *මේද අම්ල අධිකය.
    *ඛනිජ ලවණ අධිකය.
    *විටමින් අධිකය.
    *ජීර්ණය කළ හැකි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අධිකය.
    *ප්‍රෝටීන් ප්‍රමාණය අධිකය.
    දීකිරි පොල් වැඩි වශයෙන් දක්නට ඇත්තේ දකුණු පලාතේ වැලිගම දෙනිපිටිය ගමේයි.
    විකෘතියක් ලෙස භ්‍රෑන පෝශය ඇති හෙයින් කලලයට අවශ්‍ය පෝශනය සැපයීමට මෙම පොල් අපොහොසත් හෙයින් දීකිරි පොල් වලින් පැල හට ගැනීමෙ ප්‍රතිශතය අඩුය.
    නමුත් CRI (පොල් පර්‍යේශන ආයතනය) විසින් මෙම පොල් ආර්තික වශයෙන් ලාබදායි ලෙස නිශ්පාදන කිරීම සදහා දීකිරි පොල් වලින් ඒවායේ කළළ පිටතට ගෙන වෙනම පෝශන මාධ්‍යයක කළල රෝපණය කර දීකිරි පොල් පැල සාදා ඉහළ ඉල්ලුම පවතින සමාගම්වලට සපයයි.
    දීකිරි පොල් ගස් ගැන නොදන්නා සමහරුන් එම ගස් පොල් කුණුවන ගසක් යැයි සිතා නොදැනුවත්කම මත කපා දැමූ අවස්තාද ඇත.
    දීකිරි පොල් ගෙඩියක් රුපියල් 500කට වඩා මිලය..
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    දීකිරි දුන්න ම පූසොත් අල්ලගන්න පුලුවන් කියන එක. සාක්කි දෙන්න එන්න බයයි නෙ කවුරුත්. චොක්ලට් බිස්කට් දුන්න ම නටන ඇඩ් එක වගේ එකක් අදහස