දිගින් දිගට කපුටා සුදු යයි කියන්න. ඔබට ඌ සු&#3

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දිගින් දිගට කපුටා සුදු යයි කියන්න. ඔබට ඌ සු&#3

    18 වෙනි සංශෝධනයෙන් සිදුවුනේ තිබුන ස්වාධීන කොමිසම් සභා අහෝසි කිරීමයි. එහෙත් ඒ වෙනුවට ස්වාධීන පාර්ලිමේන්තු කොමිසම් යෝජිත ය. ස්වාධීන යයි කීවාට ඒවා ස්වාධීන නැත. එහෙත් ස්වාධීන පාර්ලිමේන්තු කොමිසම් සභා යයි දිගින් දිගට කියන විට එය ස්වාධීන බව මිනිසුන්ට දැනෙන්නට පටන් ගනී.

    දැන් ඇත්තේ දක්ෂිණාංශික ආණ්ඩුවකි. එහෙත් එය වමේ ආණ්ඩුවයක් යයි වාසු සහෝදරයාම කියවන විට එයට නැති වමේ හැඩයක් ලැබේ. මිනිසුන් එය ‍වමේ ආණ්ඩුවක් ලෙසට තේරුම් ගනිති.

    මාධ්‍ය නිදහසක් නැති විරුද්ධ පාක්ෂිකයින් පොලීසිය විසින් ගොනු කරන බොරු චෝදනාවලට යටත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන වත්මන පාලනය මුලුමනින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. එහෙත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවයක් යයි දිගටම සගයින් ලවා කියවන විට ජනතාවට එය ප්‍රජාතන්ත්‍රවාදී යැයි හැගෙන්නට පටන් ගනී.

    අසපුවක මොනම ලක්ෂණ නැතත් තරු පහේ හෝටලයක් මෙන් දිස් වෙතත් අසපුව යැයි දිගට කියන විට මේ නම් තවත් ‘බුද්ධ බාර්’ එකක් නොව අසපුවෙකැයි අපට ද හිතේ.

    රෝහල්වල බෙහෙත් නැති නිසා‍ කොන්ඩිස් වතුරවල සිට පපුවෙ ඇම්මට දිව යට තියා ගන්නා බෙහෙත් දක්වා සියල්ල මිලට ගන්නා රෝගීන් හිතා ඉන්නේ තමන් නිදහස් සෞඛ්‍ය සේවයක් භුක්ති විදින බව ය. ඒ ඒ බව දිගින් දිගට කියන නිසා ය.

    රුපියල් ලක්ෂ ගණනක් දී දරුවා පාසලට දමා ගෙන ‍ටියුෂන් ගුරුවරුන්ට සල්ලි පූජාකොට සිය දරුවන්ට උගන්වන දෙමාපියන් සිතන්නේ ද තමන් නිදහස් අධ්‍යාපනය භුක්ති විදින බව ය. ඒ මේ රටේ පවතින්නේ නිදහස් අධ්‍යාපනයක් යයි අතෝරක් නැතිව කියන නිසා ය.

    බුදුන් වදාළ සියල්ලට පිටුපාමින් දිවි ගෙවනා මිනිසුන්ට අපි බෞද්ධයින් යයි කියමු. ඒ උන් තමන් බෞද්ධයින් බව කොඩි එල්ලීමෙන් ද පෙරහැර කරවීමෙන් ද බොරු සිල් රැකීමෙන් ද ලොවට දක්වා ඇති නිසා ය.

    රට යන අත ගැන පුංචි විවේනයක් කළ සැනින් සරම උස්සාගෙන කුණුහරුප කියාගෙන බ්ලොග් අඩවියට එන කට්ටියක් සිටියෝ ය. උන් කීවේ උන් දේශප්‍රේමීන් බව ය. දිගින් දිගට උන් කී ඒ කතාව අපිදු අපේ අදහස කළෙමු. ඒ එය සත්‍යය නිසාම නොවේ. උන් දිගින් දිගට එසේ කියන විට ‍අපට ද නිකම්ම වගේ ඒ බව ඇගට ජීර්ණ වන නිසා ය.

    සිකුරාදා හා සෙනසුරාදා එන ඉරිදා පත්තර විශේෂයක් තිබේ. අප ඒවාට කියන්නේ ඉරිදා පත්තර කියා ය. ඒ ඒවා ඉරිදා පත්තර බව අපට කියා ඇති නිසා ය. දිගින් දිගටම කියලා අපම ඒවා ඉරිදා පත්තර ලෙස විශ්වාස කිරීමට පටන් ගෙන ඇති නිසා ය.

    මේ තාක්ෂණයට කියන්නේ එන් එල් පී (NLP – Neuro-linguistic programming) තාක්ෂණය කියා ය. මෙහි ඇති වඩාත් අරුමය නම් ඔබ විශ්වාස කිරීමට උත්සහ ගන්නා කාරණය සම්බන්ධයෙන් ‍හේතු අවශ්‍ය නොවීම යි. ජනාධිපතිගේ කැමැත්ත මත පමණක් ඇති කළ හැකි පාර්ලි‍මේන්තු කොමිසමක් ස්වාධීන වන්නේ කෙසේදැයි එහි දී පැහැදිලි කෙරෙන්නේ නැත. නිකම් ම එය ස්වාධීන ලෙස නම් කරනවා පමණය. එපමණින් එය ස්වාධීන යයි මිනිසුන්ගේ සිත් තුළට ඇතුළත් වීමේ වරම ලබයි. අවශ්‍ය දිගින් දිගට ඒ බව කියා සිටීම පමණකි.

    මේ තාක්ෂණය යොදා ගෙන යන සියුම් ආකාරය බලන විට මහින්දගේ ඇවෑමෙන් රජ බවට පත්වෙන්නේ නාමල් කුමාරයා ය. එය දැන් අපේ කණට හුරුවෙමින් තිබේ. එය තව ටික කලකින් ඇගට ජීරණය වනු ඇත්තේ ය. එය එසේ විය යුත්තේ ඇයි දැයි හේතු අවශ්‍ය නොවේ. කෙටියෙන් කියතොත් එය එසේ ය. එය එසේ වනු ඇත්තේ ය.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දන්න economics වලට අනුව සම්පත් හිඟයි නෙ ලෝකෙ. ඉතින් හැමදාම අරගලයක් තමයි, පන්ති බේදයක් තියන නිසා, ඔය සම්පත් කළමනාකරනය හැමදාම ක්‍රියාත්මක වෙන්නෙ එක පිරිසකට අවාසි වෙන්න. මහින්ද නෙවෙයි, වාසු නෙවෙයි, ජවිපෙ බලයට ආවත් ප්‍රශ්න ඔහොමම තමයි. වෙන වෙන ස්වරූප වලින් එලියට එනව. මම අහල තියන විදිහට මාක්ස් වාදයට අනුව සුපිරි ධනවාදය පවා උපරිමයකට ගිහින් පුපුරල යනව. මූලික ප්‍රශ්නෙ එහෙමමයි. සම්පත් හිඟයි, මිනිස්සු ආත්මාර්ථකාමී.
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දන්න economics වලට අනුව සම්පත් හිඟයි නෙ ලෝකෙ. ඉතින් හැමදාම අරගලයක් තමයි, පන්ති බේදයක් තියන නිසා, ඔය සම්පත් කළමනාකරනය හැමදාම ක්‍රියාත්මක වෙන්නෙ එක පිරිසකට අවාසි වෙන්න. මහින්ද නෙවෙයි, වාසු නෙවෙයි, ජවිපෙ බලයට ආවත් ප්‍රශ්න ඔහොමම තමයි. වෙන වෙන ස්වරූප වලින් එලියට එනව. මම අහල තියන විදිහට මාක්ස් වාදයට අනුව සුපිරි ධනවාදය පවා උපරිමයකට ගිහින් පුපුරල යනව. මූලික ප්‍රශ්නෙ එහෙමමයි. සම්පත් හිඟයි, මිනිස්සු ආත්මාර්ථකාමී.



    oya meka sampath higakama mata atiwana loka aragalayak widiyata dakinawanam hitanne patu widiyata..........ape rate deshapalakayo jara jathiyak .....unwa pat karana mi harak chanda dayakayo tama okkotama mula.....kauru karat mehemai kiyala meya karana waradi walata kata wahagena innawa kiyanne ekata anubala dimak........naraka wadakata anubala denne naraka ayamai...........
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දිග වැඩියි බන්
    කියවන්න එපා වෙනවා

    by da way i forgot today again ........this is from BEYOND FRAME Blog.........a blog i like very much.........kelin liyana blog ekak........konda tiyana kauru hari liyana ekak
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oya meka sampath higakama mata atiwana loka aragalayak widiyata dakinawanam hitanne patu widiyata..........ape rate deshapalakayo jara jathiyak .....unwa pat karana mi harak chanda dayakayo tama okkotama mula.....kauru karat mehemai kiyala meya karana waradi walata kata wahagena innawa kiyanne ekata anubala dimak........naraka wadakata anubala denne naraka ayamai...........

    උඹ කියන එක වැරදි කියල මම කියන්නෙ නෑ. මම කියන්නෙ එක එක පුද්ගල වේශයෙන් එලියට එන්නෙ එකම ලොකු ප්‍රශ්නයක්. ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙම එහෙමයි. නිකමට හිතල බලන්න මුලු ලෝකෙම තෙල් ටික එක තැනකට අරගෙන හැමෝටම භාවිතා කරන්න සමසේ බෙදල දුන්නොත් මොකද වෙන්නෙ (මේක අම්බානට අතාත්වික උදාහරණයක්). තෙල් වලට ගහ මරා ගන්න එක නැති වෙනව, තෙල් හින්ද බදු ගෙවන එක නැති වෙනව. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ.

    දුප්පත් පංතියක් හැමදාම පීඩා විදිනව. මොන ආගමේ උනත්, මොන ජාතියෙ උනත්, මොන රටේ උනත් සම්පත් ලබා ගන්න හැකියාව අඩු පිරිසක්, සම්පත් තියෙද්දිත් ඒව නැතුව දුක් විදිනව. ඇමෙරිකාවෙත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි. ඒත් අපි මොකද කරන්නෙ, දේශපාළනෙ වැරදියි, එක එක පුද්ගල නාම වල හරි වැරදි හොය හොය අර ලොකු වැරද්ද වැහෙන්න අරිනව.