දිට්ඨ දම්ම වේදනීය කර්ම

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    දිට්ඨ දම්ම වේදනීය කර්ම

    පසුගිය රජය සමයේ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටි , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් දුෂණ චෝදනාවක් එල්ල කර තිබේ.
    හිටපු අමාත්‍යවරයා විසින් ලෝක බැංකුවේ ආධාර මත 2009 වර්ෂයේ සිදුවූ වේල්ලක් ඉදිකිරීමේ ඇ.ඩොලර් මිලියන 1.8 ක ව්‍යපතියක්, ඔස්ට්‍රේලියා සමාගමකට ලබා දීමේදී විශාල මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල කරමින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් මෙම චෝදනාව එල්ල කර තිබුනි.

    එම කරුණු අනුව ලෝක බැංකුව විසින් සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව අදාළ සමගම විසින් ශ්‍රී ලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව එම ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බව සදහන්.

    ඕස්ට්‍රේලියානු සුප්‍රසිද්ධ ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වු එස්එම්ඊසි Iconic Australian engineering company, SMEC මෙසේ ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගත කළ සමාගම වේ.

    මෙම සමාගම විසින් ශ්‍රී ලංකාවේ සහ බංගලිදේශයේ ලෝක බැංකු ආධාර මත විවිධ ව්‍යාපෘති කර තිබේ. එහිදි ශ්‍රී ලංකාවේ ව්‍යාප්ති සඳහා නුසුදුසු ගෙවීමක් එවකට ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාට ගෙවූ බව එම ප්‍රවෘත්තියේ සඳහන් වේ.

    1944 දි ලෝක බැංකුව ආරම්භ වූ පසු ශ්‍රී ලංකාවේ නොයෙකුත් සංවර්ධන ව්‍යපති සඳහා ආධාර ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු සමඟ නුසුදුසු ගනුදෙනුවක් කළා යැයි චෝදනා එල්ල වී මෙසේ විදේශ සමාගමක් ලෝක බැංකුවම විසින් සිදු කල දීර්ඝ විමර්ශනයකින් පසුව වැරදිකරුකොට ආසදු ගත කල පලමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. මේ පිළිබදව වාර්තා කරන සන්ඩේ ටයිම්ස් පුවත්පත ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධර්මශ්‍රී ඒකනායකගෙන් සිදුවීම පිළිබදව විමසූ අවස්තාවේ , ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගෙන ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා වලට ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වන බව ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පතට සදහන් කර තිබේ.

    මෙම සිදුවීම පිළිබදව ද සිඩ්නි මෝනිං හැරල්ඩ්බි, බ්ස්බ්‍රේන් ටයිම්ස් , ඕස්ට්‍රේලියා නිව්ස් , ට්‍රේන්ඩ්ස් හබ්ස් , කැන්බරා ටයිම්ස් යන ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කොට තිබීම විශේෂත්වයකි

    http://nethgossip.lk/article/27828
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එම කරුණු අනුව ලෝක බැංකුව විසින් සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව අදාළ සමගම විසින් ශ්‍රී ලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව එම ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බව සදහන්.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒ උනාට කතාව නම්..... ඉස්කෝල වල උත්සව වලට ගිහින් හිටං හැමදාම පොර ටෝක් ....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ඕව බොරු බන් නොබෙල් තෑග්ගත් හම්බ වෙන නිසා ඉරිසියාවට මහින්දගේ කල්ලිය ඔස්ට්‍රේලිය ගිහින් අපේ අති ගරු ජනාධිපතිතුමාට විරුද්දව කරන මඩ ගැහිලි .උඹල ඕවට අහු වෙන්න එපා උඹ හිතනවද කෙහෙල් කොලේ ගෙදරින් බත් ගෙනත් කන අපේ අති ගරු ජනාධිපතිතුමා එහෙම කරය් කියල .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව බොරු බන් නොබෙල් තෑග්ගත් හම්බ වෙන නිසා ඉරිසියාවට මහින්දගේ කල්ලිය ඔස්ට්‍රේලිය ගිහින් අපේ අති ගරු ජනාධිපතිතුමාට විරුද්දව කරන මඩ ගැහිලි .උඹල ඕවට අහු වෙන්න එපා උඹ හිතනවද කෙහෙල් කොලේ ගෙදරින් බත් ගෙනත් කන අපේ අති ගරු ජනාධිපතිතුමා එහෙම කරය් කියල .
    අවුල තියෙන්නේ උන්නැහේ ගේ වැඩ නිකං කෙහෙල් කොලෙත් කන අය ගේ වැඩ වගේ වීම නේහ්.........
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුල තියෙන්නේ උන්නැහේ ගේ වැඩ නිකං කෙහෙල් කොලෙත් කන අය ගේ වැඩ වගේ වීම නේහ්.........

    ඔබට එසේ දිස්වනුයේ එතුමාගේ ක්‍රියා පිළිවෙත ඒ තරමටම සරල නිසා නොවෙද මා ප්‍රිය මිත්‍රය.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    අවුල තියෙන්නේ උන්නැහේ ගේ වැඩ නිකං කෙහෙල් කොලෙත් කන අය ගේ වැඩ වගේ වීම නේහ්.........

    එහෙම කියලා කෙහෙල් කොළ කන උන්ට අපහාස කරන්න නම් එපා මාමේ ,උන්ගෙන් කිරි ටිකක් ,ගොම ටිකක් වත් ගන්නවා මු හොඳා හරහට පතබාවල ඒ උඩ ඉඳගෙන රෙන්න ගන්න