- දිනපතා භාවිතයට සුදුසු බ්‍රා වර්ග 5ක් -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - දිනපතා භාවිතයට සුදුසු බ්‍රා වර්ග 5ක් -

    මෑතක් වන තුරුම බ්‍රා ආදී ඇඟලුම් ගැන ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම ටැබූ එකක්, සංස්කෘතික තහනමක් වෙලා තිබුණා.
    බ්‍රා එකක් කියන්නෙ හංගන්න ඕනෙ දෙයක් විදියටයි සැළකුණේ.
    විවිධ විලාසිතා, මෝස්තර වල ඇඳුම් ඇන්දත්, ඒ හැම ඇඳුමකට අපි අඳින්න හුරු වෙලා හිටියෙ එකම වර්ගයක බ්‍රා විතරයි.
    මේවා හුඟක් වෙලාවට අපි අඳින ඇඳුමට ගැලපෙන්නෙ නැති, සිරුරෙ හැඩය ඉස්මතු නොවෙන, ඇතැම්විට සිරුරෙ හැඩයත් ටිකක් අවලක්ෂණ කරන ඒවා වුණ අවස්ථාවන් තිබුණා.
    ඇඳුමට නොගැලපෙන බ්‍රා ඇඳීම නිසා බ්‍රා එකකින් සිදුවෙන මූලික කාර්යයක් වුණු සිරුරේ නිවැරදි හැඩය ඉස්මතු කිරීම, ලාලිත්‍යය ඔප්නැංවීම ආදිය සිදුවුණේ නම් නැහැ.
    නමුත් මෑත කාලයේ දී ප්‍රසිද්ධ කාන්තා යට ඇඳුම් වර්ග කීපයක් ලංකාවේ ප්‍රචලිත වීමත්,
    ජාත්‍යන්තර ප්‍රමිතියේ කාන්තා කොමු පිළි නිර්මාපකයින් ශ්‍රී ලංකාවෙන් බිහිවීමත් සමඟ මේ “බ්‍රා ටැබූ” එක ක්‍රමයෙන් ඉවත්වෙන්නට ගත්තා.
    තමන් අඳින ඇඳුමට ගැලපෙන අයුරින් විවිධ විලාසිතාවන්ගේ බ්‍රා ‍තෝරාගන්න වර්තමානයේදි බොහොමයක් කාන්තාවන් උත්සුක වෙනවා.
    එයට සහයක් ලෙස, විවිධ අවස්ථාවන්හිදී භාවිතා කළ යුතු බ්‍රා වර්ග 5ක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප කල්පනා කළා.
    non-wired-701x467.jpg



    ටී-ෂර්ට් බ්‍රා

    සිරුරේ හැඩයට ටී ෂර්ට් අඳින බොහොමයක් තරුණියන් මුහුණපාන ගැටළුවක් තමයි ටී ෂර්ට් එක මතින් බ්‍රා එකේ දාරයන් ඉස්මතුව පෙනීම.
    බ්‍රා එක ඉස්මතුව පෙනීම ලැජ්ජාවට කරුණක් නොවුණාට, එයින් ඔබට ගෙනදෙන්නේ එතරම් විලාසිතානුකූල පෙනුමක් නම් නොවෙයි.
    ඒ නිසා එම ගැටළුවෙන් මිදෙන්න නම් හොඳම විසඳුම ටී ෂර්ට් බ්‍රා තමයි.
    ටී ෂර්ට් බ්‍රා, එහි දාර සහ මූට්‍ටු කැපී නොපෙනෙන සහ අවම වන ආකාරයට නිපදවා ඇති ඇඟලුමක්.
    ඔබ සිරුරට ඇලෙන ඇඳුම් වලට ඇල්මක් දක්වන්නියක් නම් ඔබට ගැලපෙනම බ්‍රා වර්ගය මෙයයි.
    අද වන විට විවිධ වර්ණයන්ගෙන්, විවිධ මෝස්තරයන්ට නිමවුණු, පැඩඩ් සහ පැඩඩ් නොවන ආදී වශයෙන් ටී ෂර්ට් බ්‍රා වෙළඳපොළෙන් මිළට ගැනීමේ හැකියාව තිබෙනවා.
    තමන්ගේ බ්‍රා එක ටී ෂර්ට් එක මතින් කැපී පෙනෙනවාට අකමැති නම් මේ වර්ගයේ බ්‍රා ඔබට වඩාත් සුදුසුයි.
    t-shirt-bra.jpg



    සාරි බ්‍රා

    මේ සාම්ප්‍රදායික විලාසිතා නැවතත් භාවිතයට එන යුගයක්.
    එනිසා වෘත්තිමය අවස්ථාවන් වලටත්, උත්සව වැනි විශේෂ අවස්ථාවන් වලටත් බටහිර පන්නයේ ගවොම්, කලිසම් ආදිය වගේම සාම්ප්‍රදායික සාරියෙන්, ඔසරියෙන් සැරසීමටත් කාන්තාවන් මහත් ඇල්මක් දක්වනවා.
    කෙසේ නමුත් සාරි අඳින බොහොමයක් ආසියාතික කාන්තාවන් මුහුණදෙන ගැටළුවක් තමයි සාරි හැට්ටයට උචිත බ්‍රා වර්ගයක් ‍තෝරාගැනීමේ අපහසුව.
    සාරි පමණක් නොවෙයි, කුර්තා, ශාල්වාර් වැනි ඇඳුම් වලට ප්‍රිය කරන ශ්‍රී ලාංකික ඔබත් මේ ගැටළුවට අනිවාර්යයෙන්ම මුහුණපානවා විය යුතුයි.
    සාරි හැට්ටයෙන් ඉස්මතු කරවන ආසියාතික ලාලිත්‍යය එලෙසම ‍රැකගැනීමට බහුතරයක් බ්‍රා වලට නොහැකිව තිබෙනවා.
    එසේම සාරි හැට්ටයට පිටින් බ්‍රා එකේ පටි ආදිය පිටතට පෙනෙන නිසා එයින් ලැබෙන්නේ අවලක්ෂණ පෙනුමක්.
    මෙයට පිළියමක් ලෙස බ්‍රා වෙනුවට පෑඩඩ් හැට්ට හැඳීමට හැකි වුණත්, එයින් සිරුරට අසාමාන්‍ය හැඩයක් සහ අශෝභන පෙනුමක් තමයි බොහෝවිට ලබාදෙන්නේ.
    saree-bra-701x1052.jpg



    එනිසා ඔබ සාරියෙන්, කුර්තා වලින් සැරසීමට ප්‍රිය කරනවා නම් එයට උචිත බ්‍රා එකක් ‍තෝරාගැනීම අනිවාර්යයයි.
    සාරියට ඇඳීම සඳහාම නිපදවනු ලබන සාරි ෂේපර් බ්‍රා එකක් මෙයට වඩාත්ම සුදුසු වනවා. උසස් තත්ත්වයේ එවැනි බ්‍රා වර්ග වෙළඳපොළේ එතරම් සුලබ නොවුණත්, amante විසින් මෑතක දී ඉතා අලංකාර වර්ණ කීපයකින්ම saree shaper bra හඳුන්වා දී තිබෙනවා.
    සාරි ඇඳීම ප්‍රිය කරන ඔබගේ වැදගත් සහ වෘත්තිමය පෙනුම වඩාත් වැඩි දියුණු කිරීමට මේ සාරී ෂේපර් බ්‍රා ඉතාමත්ම උචිත වනු ඇති.


    ස්ට්‍රැප්ලස් බ්‍රා

    ඔබ සාම්ප්‍රදායික නොවන, “දඟකාර” විලාසිතාවන්ට ප්‍රිය කරන තරුණියක් නම් ස්ට්‍රැප්ලස් බ්‍රා (strapless bra) කියන්නෙ ඔබ සතුව තිබිය යුතුම බ්‍රා වර්ගයක්.
    පළල් කරක් සහිත, ඕෆ්-ශෝල්ඩර් (off-shoulder) ඇඳුම්, හෝල්ටර්-නෙක් (halter neck) ඇඳුම් අඳිද්දී මුහුණපාන, බ්‍රා සම්බන්ධ ප්‍රධානම ගැටළු මේ ස්ට්‍රැප්ලස් බ්‍රා භාවිතයෙන් මගහැරෙනවා.
    මේ නිසා බ්‍රා එකේ පටි පිටතට පෙනීමෙන් මෙන්ම, බ්‍රා එකේ පටි ඇඳුමට තබා ක‍ටු ගැසීමෙන් සිදුවන අපහසුතා වලටත් මුහුණ පාන්නට සිදුවන්නේ නෑ.
    strapless.jpg



    ස්ට්‍රැප්ලස් බ්‍රා වල විශේෂත්වය වන්නේ ඒවායේ පටි අවශ්‍ය පරිදි ගලවා ඉවත් කළ හැකි වීමයි.
    පටි රහිතව වුවත් සිරුරට අවශ්‍ය කරන පහසුව සහ හැඩය සැපයෙන අයුරින් මේවා නිර්මාණය කර තිබෙනවා.
    එ නිසා විවිධ මෝස්තරයන්ගේ ඇඳුම් සමඟ කිසිදු අපහසුතාවයකින් තොරව ස්ට්‍රැප්ලස් බ්‍රා ඇඟලිය හැකියි.
    මේ බ්‍රා අන්ඩර්වයර් සහිත සහ බොහෝවිටම පෑඩඩ් වන අතර, විවිධ වර්ණයන්ගෙන්, විලාසිතාවගෙන් මෙන්ම, ලේස් මෝස්තරයන්ගෙන් ද මිළට ගත හැකියි. ඇවැසි නම් මෝස්තර සහිත ස්ට්‍රැප්ස් මාරු කරමින් හැඳීමට හැකිවීම ද මේවායේ තවත් වාසියක්.
    සාමාන්‍යයෙන් ඔබ භාවිතා කරනවාට වඩා අඩු බෑන්ඩ් සයිස් එකක් සහ ඉහළ කප් සයිස් එකක් සහිත බ්‍රා එකක් ‍තෝරාගැනීමෙන්, බ්‍රා එක පහතට ලිස්සීමෙන් වළක්වා ගැනීමට හැකි වේවි.

    ඩෙමි බ්‍රා

    demi-bra-WP-Ready-701x1051.jpg



    ඔබ පළල් හෝ පහත් කරක් සහිත ඇඳුම්, V හැඩැති කරක් සහිත ඇඳුම් අඳින්නට ප්‍රිය නම්, බ්‍රා එකේ උඩු කොටස ඇඳුමේ කර ප්‍රදේශයෙන් පිටතට පෙනීම වළක්වාගැනීම අත්‍යවශ්‍යයි.
    මෙයට පිළියමක් ලෙස ඩෙමි බ්‍රා හඳුන්වාදිය හැකියි.
    බ්‍රා කප් එක පියයුරු සම්පූර්ණයෙන්ම ආවරණය නොකරන, කෙටි එකක් වීම නිසාත්, බ්‍රා ස්ට්‍රැප්ස් පිටතට පෙනීමේ හැකියාව අවම නිසාත් පුළුල් කරක් සහිත ඇඳුම් සමඟ ඩෙමි බ්‍රා ඇඳීම වඩා උචිතයි.
    ඩෙමි බ්‍රා වල නිමැවුම හේතුවෙන් පහසුවෙන් ක්ලීවාජ් එකක් නිර්මාණය කරන නිසා කුඩා පියයුරු සහිත කාන්තාවන්ට ඩෙමි බ්‍රා ඉතා සුදුසුයි.
    එනිසා මින්පසු ඔබ ලෝ-කට් හෝ v-නෙක් ඇඳුම් මිළට ගැනීමේ දී දෙවරක් සිතිය යුතු වන්නේ නැහැ.

    ෆුල් කවරේජ් බ්‍රා

    full-cover-WP-ready-701x1051.jpg



    වඩාත් පිරුණු පියයුරු සහිත කාන්තාවන්ට මේ ෆුල් කවරේජ් බ්‍රා (full coverage bra) ඉතා සුදුසුයි.
    මේවා මගින් වඩාත් හොඳ ආවරණයක් ලබා දෙනවා මෙන්ම, විශිෂ්ට ආධාරයක් ද ලබාදෙනවා. ෆුල් කවරේජ් බ්‍රා වල ඇති සුවපහසු ගතිය නිසා දවස පුරාම කිසිදු අපහසුවකින් තොරව හැඳ සිටීමටත් මේවා ඉතා සුදුසුයි.
    මේවා පෑඩඩ් මෙන්ම පෑඩින් රහිතවත්, අන්ඩර්වයර් සහිතව මෙන්ම රහිතවත් මිළට ගත හැකියි.
    බ්‍රා, එහෙමත් නැතිනම් බ්‍රැසියර්, නිකන්ම නිකන් කාන්තා යට ඇඳුමක් වුණේ බොහොම කාලයකට කලින්.
    වර්තමානයේ දී බ්‍රා එක එය පළඳින කාන්තාවගේ ලාලිත්‍යය සහ වැදගත්කම විදහා දක්වන ප්‍රකාශයක් බවට පත්ව තිබෙනවා.
    ඔබේ පිටත පෙනුම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔබේ ඇතුලාන්තය මතයි. ඒ සඳහා අපේ මේ ලිපි පෙළ ඔබට උපකාරී වේ යැයි අප විශ්වාස කරනවා.

    ---------------------------------------------
    Received from roar Email Group
    :D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අදම බලන්න ඕන එහා ගෙදර නංගි අඳින්නේ මොන ජාතියද කියල
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    adan innawa balanna asa unata mahana heti dannawada?me thiyenne basic operation breakdown akak bra wala

    OP # SEWING PROCESS SAM MACHINE
    1 Join Cups 0.57 SNLS
    2 Attach Tape to Cups 0.73 DNLS
    3 attach Elastic to side cups 0.44 3SZZ
    4 Set support Panels 0.39 SNLS
    5 Serge support panels 0.62 3TOL
    6 Join support panels, cup and front 1.52 SNLS
    7 Attach coverstitch tape to front 0.61 DNLS
    8 Join backs to cups 0.55 SNLS
    9 Attach coverstitch tape to sides 0.47 DNLS
    10 Attach lace and tape to cups 0.76 DNLS
    11 Attach elastic to band 0.90 ZZ
    12 Attach upper elastic & straps 0.91 3SZZ
    13 Cover support panels edges 0.54 3TOL
    14 Attach hooks and eyes to straps 1.39 SNLS
    15 Set eye to back 0.36 ZZ
    16 Set hook to back 0.50 SNLS
    17 Attach trimming to front 0.25 SNLS
    18 Trim thread and inspect 1.00 MAN
    Total SAM 12.51