දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_04

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_04

    ‘මෙලොවේදී ඔබ උපයන ධනයෙන් මිතුරන් ඇති කරගන්න. ඔබ එසේ කළොත් එම ධනය ඔබට අහිමි වූ විට ඔබට සදාකාලික වාසස්ථානයක් ලබා දිය හැකි ඒ මිතුරන් ඔබව සාදරයෙන් පිළිගනීවි.’—ලූක් 16:9.

    අපි ව්‍යාපාර ලෝකයත් එක්ක තියෙන සම්බන්ධය අඩු කරලා “සැබෑ ධනය” රැස් කරනවා නම් දෙවිගේ මිතුරන් වෙන්න අපිට පුළුවන්. ආබ්‍රහම් ජීවත් වුණේ ධනවත් නගරයක් වුණ ඌර්වල. ඒත් ඒ නගරය අත්හැරලා කූඩාරම්වල ජීවත් වෙන්න කියලා දෙවි කිව්වාම එයා කීකරු වුණා. එයාට ඕනෙ වුණේ දෙවිගේ මිතුරෙක් වෙන්න. (හෙබ්‍රෙ. 11:8-10 - "ආබ්‍රහම් තුළ තිබූ විශ්වාසය නිසා ඔහුව කැඳවනු ලැබූ විට තමාට උරුමයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු ස්ථානයකට පිටත්ව යෑමෙන් ඔහු තම කීකරුකම පෙන්නුම් කළේය. තමන් කොතැනට යනවාද කියා නොදැන සිටියත් ඔහු පිටත්ව ගියේය. ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වෙනත් රටක ජීවත් වන කෙනෙකු මෙන් තමාට පොරොන්දු වූ දේශයෙහි විදේශිකයෙකු ලෙස වාසය කළ අතර එම පොරොන්දුවට ඔහු සමඟ උරුමකම් කියන ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසය කළේය. මන්ද ඔහු බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය.") ධන සම්පත් ගැන විශ්වාසය තියනවා වෙනුවට එයා හැම වෙලේම විශ්වාසය තිබ්බේ යෙහෝවා දෙවි ගැන. (උත්. 14:22, 23 - "ඒ මොහොතේදී, ආබ්‍රම් සොදොම්හි රජුට මෙසේ කීවේය. “මගේ අත ඔසවා අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවි වන යෙහෝවාගේ නමින් මෙසේ දිවුරනවා. ‘ආබ්‍රම්ව පොහොසත් කළේ මමයි’ කියා ඔබ නොකියන පිණිස ඔබට අයිති කිසිම දෙයක් මම ගන්නේ නැහැ. නූල් පොටක්වත් පාවහන් පටියක්වත් මම ඔබෙන් ගන්නේ නැහැ.") ආබ්‍රහම්ට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න කියලා යේසුස් අනිත් අයටත් උනන්දු කළා. දවසක් යේසුස් පොහොසත් තරුණයෙකුට මෙහෙම කිව්වා. “ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඕනෑ නම් ගොස් ඔබ සතු දේවල් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගත හැකි වෙයි. ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වන්න.” (මතෙ. 19:21) ඒ තරුණයාට ආබ්‍රහම්ට තිබුණා වගේ විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් ඒ වගේ විශ්වාසයක් තිබුණ අය ඒ කාලේ හිටියා.


    www.jw.org/si