දිනූෂා ඔබට සුබ ගමන් නංගී.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    දිනූෂා ඔබට සුබ ගමන් නංගී.

    කීර්ති අයියාගේ 'මනුස්සකම' අද මුහුණු පොතේ ප්‍රධාන මාතෘකාවයි. ඒ දිනූෂා ප්‍රනාන්දු සූරිය ආරච්චි යුවතියගේ අවසන් මොහොතේ ඇගේ අවසන් ඉල්ලීම ඉටු කරන්නට නිහතමානීව ඉදිරිපත් වූ හින්දා.
    ලයාන්විතයා දයාන්විතයෙක් බව රංජීත් මල්ලීත් ලියා තිබුණා.

    දිනූෂාගේ ප්‍රියතමයා කීර්ති අයියා. ඒ අතරිනුත් ඈ ප්‍රිය කළේ ප්‍රියතමයා ගේ කඳුළ ඉතිං සමාවෙයන් ගීතයට. ලෙඩ ඇඳේ ජීවිතයත් මරණයත් අතර මහා සටනක යෙදී සිටි අවසන් මොහොතේ ඈට උවමනා වුනේ කීර්ති අයියා ලවා එය සජීවී ලෙස ගායනා කරවන්ට. දෙවරක් නොහිතා ලයාන්විතයා ඊට හදවතින්ම එකඟව ඉදිරිපත් වුනා.

    ඔහු ඈ ඉදිරියේ ගැයුවා. ඇය නිදහසේ, සැනසිල්ලේ දෙනෙත් පියා ගත්තා.

    හරියටම එය චිත්‍රපටයක ජවනිකාවක් වගේ. ඒ වුනාට මේක දින දෙකකට පෙර සිදු වුණු සත්‍යය සිදුවීමක්.

    සත්තකින්ම කීර්ති අයියා බොහොම යහපත් කළා කරුවෙක් කියා මා දන්නේ මීට අවුරුදු විසි පහක කාලයක ඉඳන්. කාලයක් මයේ ජීවිතයේ දුක කඳුළ සහ තුටු සිනා හැම එකකදීම මට මගේ ළඟින් හිටිය කෙනෙක් කීර්ති අයියා.

    මෙවැනි හිත හොඳ මිනිසුන් කේෂ්ත්‍රයට මෙන්ම රටටත්, මහත් සම්පතක්.

    රජෙක් උනත් වැඩක් නෑ මනුස්සකමක් නැත්නම්.
    ඒ අතින් කීර්ති අයියා මට 'රජෙක්'

    දිගාසිරි වේවා ආදරණීය කීර්ති අයියේ...
    මෙන්න මම ඔබව වැළඳගත්තා හදවතින්ම.

    දිනූෂා ඔබට සුබ ගමන් නංගී.
    උතුම් නිර්වාණ සුවය අත් විඳින්නට ඔබට වාසනා උරුම වේවා..!

    "අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වුපසමො සුඛො."

    හේතුවක් නිසා හටගත් සියළු දේ වෙනස්වන සුළුය. ඒ සියල්ල ඉපදෙන මියයන සුළුය. ඉපදුන සියල්ල නැසීයයි. මේ උපදින වෙනස්වන මියයන ස්වභාවයෙන් ඉවත්වීම, ඒ උපදින වෙනස්වන මියයන ස්වභාවය සංසිදී යාම සුවයකි.

    12507666_1084670014918414_8159373294640084785_n.jpg

    12493634_1084670041585078_6432591349209920480_o.jpg


    12489455_1084670064918409_6107243328129580630_o.jpg

     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    "දිනූෂා ඔබට සුබ ගමන් නංගී.
    උතුම් නිර්වාණ සුවය අත් විඳින්නට ඔබට වාසනා උරුම වේවා..!"
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මෙවැනි හිත හොඳ මිනිසුන් කේෂ්ත්‍රයට මෙන්ම රටටත්, මහත් සම්පතක්.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කියවපු ගමන් ඇහැට කදුළු ආව, මේ වගේ කේෂ්ත්‍රයට මෙන්ම රටටත්, මහත් සම්පතක්.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උතුම් නිර්වාණ සුවය අත් විඳින්නට ඔබට වාසනා උරුම වේවා..!"
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මෙතන නියම පිරිමි දෙන්නෙක් ඉන්නව. ප්‍රධානම කෙනා තමා මේ නංගිගෙ හස්බන්ඩ්. අනිත් කෙනා තමා කීර්ති මහත්මය.
    ඇයට නිවන් සුව. මේ කොල්ල එල කොල්ලෙක්. ලෙඩ කියල වයිෆව අත ඇරියෙ නෑ. අන්තිම මොහොත වෙනකන් කරන්ඩ පුලුවන් උපරිම දේ කෙරුව.