දිනේෂ් ගුණවර්ධන ගිය ගුවන් යානයේන් මාතර තානායමට දැඩි හානී

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe

    අගමැති ගිය යානයේන් මාතර තානායමට හානී​


    රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු විය.

    විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බව මාතර තානායමේ කලමණාකරු පැවසීය.

    කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබුණි.දැඩි බියට ද ඔවුන් පත්ව තිබුණේය.

    ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු විය.පිගන් කෝප්ප ද කුඩු වී තිබුණේය.බාර් එකේ වහල ගැලවී ගොස් තිබු අතර රෙස්ටොරන්ට් එකේ උලු කැට ගැලවී ගොස් තිබුණි.

    නිසි ආකාරයට ගුවන් යානය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබුණේය.

    අපහසුතාවයට පත්වු විදේශිකයින් ඇතුළු පිරිසට ඇණවුම් කල කෑම වෙනුවට ක්ෂණිකව ෆයිඩ් රයිස් සාදා නැවත පිලි ගැන්වීමට මාතර තානායමේ කලමණාකාරීත්වය කටයුතු කර තිබුණි.

    ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී තිබුණේය.

    අවමංගල්‍යය උත්සවය අවසන් වී ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබු නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මණින් මාතර තානායම පිරිසිදු කිරීමට ද කටයුතු කෙරිණි.

    කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගුවන් යානයේ සිට ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙත කැදවා ගෙන එන ලදි.

    කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමීණ තිබුණි.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේවා දකිද්දී ඇඟේ මාළු නටනවා. මේකේ තුට්ටු දෙකට කඩේ යන උන්ව මතක් වෙනකොට තවත් තරහා එනවා.

    ඕකටත් මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ගෙවයි ද දන්නේ නෑ 😡
     

    Sen-lu

    Well-known member
  • මේවා දකිද්දී ඇඟේ මාළු නටනවා. මේකේ තුට්ටු දෙකට කඩේ යන උන්ව මතක් වෙනකොට තවත් තරහා එනවා.

    ඕකටත් මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ගෙවයි ද දන්නේ නෑ 😡
    එහෙම තමා වෙන්නෙ මොකද ආයෙ දිනේෂ් නාකියා ගෙවයි කියලයෑ. ඔන්න ඕකයි කියන්නෙ මේ සයිකල් එක කඩන්න ඕන කියල. මුන් මාරැවෙන් මාරැවට හිටියට ඕව කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම තමා වෙන්නෙ මොකද ආයෙ දිනේෂ් නාකියා ගෙවයි කියලයෑ. ඔන්න ඕකයි කියන්නෙ මේ සයිකල් එක කඩන්න ඕන කියල. මුන් මාරැවෙන් මාරැවට හිටියට ඕව කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.

    මොන සයිකල් කැඩිල්ලක්ද. මේ බයියො වැඩිපුර ඉන්න රටක් ගැන කතා කරන්නෙ. තම්බිත් ආයෙ නැගිටිනවලු. බැංකු හොරා උනත් තෙල් දීපු නිසා ගෑනිත් දෙන්නංලු.

    ඔහොම හිතන බයියන්ට හොඳට විඳවන්න දෙන්න ඕන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    තානායමක් නෙවෙයි මුඩුක්කුවක ක් වගේ
    @kasun_kbp වගේ මුඩුක්කු බල්ලනට හොදයි ඔවා
     
    • Haha
    Reactions: kg3

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕකුන් ඉතිං රටට සේවයක් කරොත් ඔහොම දේකින් තමා..මහ උන්ගේ නම විකුණන් කකා පිනට පඩි කන නාකි හපුටු හැත්ත.ඔය වගේ සක්කිලි මැරිලවත් යන්නේ නෑනේ..🤢🤢
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඵකම ඉස්කෝලේ යාළුවෝ කියලා රට ඩස්පයොන්ට විකුණන රනිල් ඵක්ක ලැග්ගොත් දිනේශ් ගුණවර්ධනගෙත් අවසානේ තමා..
     

    Similar threads