අගමැති ගිය යානයේන් මාතර තානායමට හානී
රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු විය.
විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බව මාතර තානායමේ කලමණාකරු පැවසීය.
කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබුණි.දැඩි බියට ද ඔවුන් පත්ව තිබුණේය.
ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු විය.පිගන් කෝප්ප ද කුඩු වී තිබුණේය.බාර් එකේ වහල ගැලවී ගොස් තිබු අතර රෙස්ටොරන්ට් එකේ උලු කැට ගැලවී ගොස් තිබුණි.
නිසි ආකාරයට ගුවන් යානය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබුණේය.
අපහසුතාවයට පත්වු විදේශිකයින් ඇතුළු පිරිසට ඇණවුම් කල කෑම වෙනුවට ක්ෂණිකව ෆයිඩ් රයිස් සාදා නැවත පිලි ගැන්වීමට මාතර තානායමේ කලමණාකාරීත්වය කටයුතු කර තිබුණි.
ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී තිබුණේය.
අවමංගල්‍යය උත්සවය අවසන් වී ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබු නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මණින් මාතර තානායම පිරිසිදු කිරීමට ද කටයුතු කෙරිණි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගුවන් යානයේ සිට ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙත කැදවා ගෙන එන ලදි.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමීණ තිබුණි.
Last edited:

