දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් ය
දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගවලදී ඉහළ දක්ෂතා දක්වන බව එංගලන්ත ක්‍රිකට් පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් පවසයි.
අප සමග අදහස් දක්වමින් අද උදෑසන ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දක්ෂ කණ්ඩායමක්. මම ඔවුන්ට ගරු කරනවා. මේ දේශගුණය ඔවුන්ට ඉතාම හුරුයි. ඒ නිසා ඔවුන් ඉතා හොදින් ක්‍රීඩා කරාවි. මම හිතනවා ඉතා හොද තරගයක් තියේවි කියලා"
මේ අතර එංගලන්ත ක්‍රීඩක ග්‍රැහැම් ස්වෝන් ද අප සමග අදහස් පළ කළේය.
"අපි හොදින් සූදානම් වෙනවා මේ තරගාවලියට. මොකද අපි තමයි ලෝකේ ඉන්න හොදම ටෙස්ට් කණ්ඩායම. අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඉතා දක්ෂ මෙන්ම ප්‍රබල ක්‍රීඩකයෝ ඉන්න බව. ඔවුන් අතරින් කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විශේෂයි. තවත් දෙයක් කියන්න ඕන ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු සංචාරයේදි ඉතා හොදින් දක්ෂතා ප්‍රදර්ශනය කළා. විශේෂයෙන් යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ටෙස්ට් තරගාවලිය ඉතා සාර්ථකව නිමා කිරිමට ලෙහෙසි දෙයක් නෙවෙයි"
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග සංඛ්‍යාව 2කි.
පළමු තරගය ලබන සදුදා ගාල්ල අන්තර්ජාතික කිකට් පිටියේදි ආරම්භවන අතර දෙවැන්න ආරම්භ වන්නේ අප්‍රේල් 3වැනිදා බොරැල්ල පී. සරා ඕවල් පිටියේදීය.