දැනට රට තුළ පවතින ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණක් බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඊට හේතුවී ඇත්තේ ගෑස් තොග රැගෙන ආ නෞකාවක් පසුගිය දා ආපසු හරවා යැවීම හේතුවෙන්. අදාළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටාන් නිසි ප්‍රමාණයෙන් අඩංගු නොවීම හේතුවෙන් එම නෞකාව හරවා යවා තිබෙනවා.
ගෑස් මෙටි්‍රක් ටොන් 3,700 ක් රැගත් මීලග නෞකාව මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන ඉරිදා දිනයි. එම නෞකාව මෙරටට පැමිණීමෙන් පසු එහි අඩංගු එතිල් මර්කැප්ටාන් ප්‍රමාණය සහ සංයුතිය සම්බන්ධයෙන් ද පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුවයි එය ගොඩබෑම සඳහා අවසර ලබාදෙන්නේ.
එහෙත් පවතින තත්ත්වයන් හමුවේ ඉරිදා දින එම නෞකාව පැමිණියද පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව ගෑස් ගොඩබෑම සඳහා බොහෝ විට දින දෙකක් පමණ ගතවනු ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. නෞකාවෙන් ගෑස් සාම්පල ලබා ගැනීම සඳහා යන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු අදාළ කණ්ඩායම් සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් වල එම කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ගෑස් ගොඩබෑම තවදුරටත් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.
පවතින මෙම සියලු තත්ත්වයන් හමුවේ එළඹෙන සෙනසුරාදා දිනයෙන් පසු දින දෙකක් හෝ තුනක් යන තුරු මෙරට ගෑස් හිගයක් ඇතිවීම වලක්වාගත නොහැකි බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සදහන් කළා.
Neth
UPDATE from LITRO
At least three weeks to normalise Gas supply in the country.

Last edited:

lucky owa hoya gan na amarui dan