දින සටහන...

THILINArox87412

Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    පාන්දර 3ට ඒලාර්ම් එක වදිද්දි ගිය ආත්මෙ කරපු පව් මතක් වෙනවා.මොනවා කරන්නද?.කොහොම කොහොම හරි විනඩි 5න් නෑගිටිනව කියල ඈස් දෙක පියා ගත්තහම හරි කෙලියයි නෑගිට්ටෙද්දි හොන්දටම පරක්කුයි.දඩි බිඩි ගලා ලෙස්තිවෙල බොඩ්මෙ ඈන්ටිගෙ 5%ට හදන තෙකත් බීල බස් හොල්ට් එකට එද්දි එකෙ ඉන්න හෑමොම මගෙ දිහ අමුතු සතෙක් දෑක්කා වගේ බලන් ඉන්නවා.ඊට පස්සෙ ඉතින් කාන්තා පාසල් බස් ටික වන්දනවෙ යෙදේනව.බස් ක්රෲ මෙම්බර්ස්ලා ආවට පස්සෙ කට්ටියම ගිහින් හුන්ගක් වේගෙන් යන බස් එකකට නගිනවා.සමහර දවසට බස් එක අතුලෙ මල් පිරිලා.සමහර දවසට කොල්ලෙක්වත් නෑ...අනේ ඉතින් මලක් හිටියොත් අපි මුකුත් කියන්නෙ නෑ.එක හින්දමද කොහෙද,දෑන් අපිව දෑක්කහම ගෑනු ලමයි එ බස් එකට නගින්නෙ නෑ.අපි අපේ පඩුවෙ යන හින්දා ලන්ගදිම දවසක හොන්ද උදෙ කෑම වෙලක් නම් සෙට් වෙනවා හොන්දටම ශුවර්.
    කොහොම කොහොම හරි යන්තමින් ස්කොලෙ ගාවට 7.40 වෙද්දි යනවා.නොදන්න එකා වගෙ පොඩි එඋන්ගෙ ගේට් එකෙන් යන්න හදද්දි සිකිය්‍යුරිටි මාමා ඈවිත් වඩේ දෙල් කරනවා.
    "කොහෙද යන්නෙ?"
    එක තම්යි මේ මාත් බැලුවෙ කොහෙද යන්නෙ කියළ...
    "දන්නෙ නැද්ද මෙහෙන් ලොකු ළමයින්ට යන්න බෑ.."
    දන්නෙ නෑ නෙ...
    එකත් හරි කෙලිය තමයි අපෙ ඉස්කොලෙ අපිට ඕන තැනින් යන්න බෑ.දැන් ස්කූල් ඔෆ් අවර් ෆාදර්ස් නෙවෙයි,ස්කූල් ඔෆ් අවර් සෙකිය්‍යුරිටි....ඊට පස්සෙ ඉතින් මේන් ගෙට්ම තමයි.අනේ මාව පිලිගන්න කඩ්බෝඩ් බලකාය පෙල සැදිලා ඉන්නවා,දැක්කහම දුකේ බෑ..

    "ඕයි මෙහෙ එනවා..."
    ඇයි අයියේ?
    "මොකද පරක්කු"
    බස් එක කැඩුන අයියෙ...(මූණ ඇඹුල් කරගෙන )
    "යකෝ මාර විදියටනෙ ලන්කවේ බස් කැඩෙන්නෙ..."
    අම්මට සිරි එතකොට තමයි දැක්කෙ තව හතලිහක් විතර පිටිපස්සෙ ඉන්නවා කියල...
    (එතකොටම පස්චාත් පැත්තෙ අමාරුව තියෙන එකෙක් අවිත් 'මචන් මූ ඊයෙත් පරක්කුයි')
    "ගන්නව තමුසෙගෙ එස්.අර්.බී එක.."
    ආ....
    "කෝ ඔයි තමුසෙගෙ පොටො එක"
    අලවන්න බැරි උන අයියෙ...(හරි දැන් ඉතින් මුගෙ සමරු අත්සන ගහනව පොටො එක උඩ )
    "ලබන සතියෙ අලොගෙන එනවා...දැන් අතනට ගිහිහින් හිට ගන්නවා...."
    කොන්ඩෙ,රැවුල්,වැවිල තිබ්බෙ නැත්තන් නියපොතු වැවිලා කියල හරි බනිනවා...එතනින් ලිස්සලා පන්තියට එද්දි අනෙ අපේ සර් ගිහිල්ලා.සර්ගෙ මූණ දැක්ක කාල‍යක් මතක නෑ...ඊට පස්සෙ ඉතින් මම මගෙ ශරීර සෞඛ‍ය්‍ය ගැන තමයි.(නිදා ගැනීම යහපත් ශරීර සෞඛ්ය්‍යක් උරුම කර දේ).යන්තමින් ස්කොලෙ ඇරෙන වෙලාවට නැගිටගෙන අමාරුවෙන් පසල් ගීය යනකල් හිටගෙන ඉන්නවා...
    දැන් ඉතින් ක්ලාස්...
    කොහොමත් ඉතින් මුල් පැය 2ක 3ම ඉතින් නිදි තමයි...ඊට පස්සෙ දැන්නම් ඉගෙනගන්නවා කියලා හිතලා නගිටිනවා එතකොට කියලා දෙන එවා ග්‍රීක් වගේ...ඉතින් ඉතුරු පැය 2ක 3ත් නිදා ගන්නවා...සල්ලි දීලා ඇවිත් නිදා ගන්නෙ ඇයි කියලා හිතෙනවා...මොනවා කරන්නද? ගෙදර එ/සී නැ නේ...
    අන්තිමට නගිටලා "මෙ රට ගොඩ ගන්නා මේ රටේ දුප්පත් කම නැති කරනා ගෞරවනීය පුරවැසියෙක් වෙනවාමයි කියළා ගෙදර ඇවිත් හෙට උදේ 3ට නගිටිනව කියලා හිතගෙන එලර්ම් එක තියලා නිදා ගන්නවා....