දින 47 ට මහින්දගේ ගෝලයෝ හැටන් ඩිපෝව උලාකාලා !

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    දින 47 ට මහින්දගේ ගෝලයෝ හැටන් ඩිපෝව උලාකාලා !

    දින 47 ට මහින්දගේ ගෝලයෝ හැටන් ඩිපෝව උලාකාලා ! පාඩුව කෝටි ගණනක් !

    ලංකාවේ හොඳම ලංගම ආදායම් උපයන ඩිපෝව වශයෙන් හඳුන්වන හැටන් ලංගම ඩිපෝව ගත වූ දින 47 තුල බලහත්කාරයෙන් කිසියම් පිරිසක් ඩිපෝවේ පාලන බලය ලබා ගැනීම නිසා එම කාලය තුල ඩිපෝවේ ආදායම් තත්ත්වය රුපියල් එක්කෝටි හැට ලක්ෂය දක්වා පහල වැටී ඇති බව එම ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක රෝහණද සිල්වා මහතා පැවසීය.

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු හැටන් ලංගම ඩිපෝවේ කලින් පාලන සිදු කල නිලධාරින් මණ්ඩලය යලිත් ඩිපෝවේ පාලන බලය ලබා ගැනීමෙන් පසු මාධ්‍යයට රෝහණද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

    ඔහු පැවසූවේ ඇති වූ දේශපාලන පෙරළියත් සමඟ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක් වූ එම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසක් බලහත්කාරයෙන් ඩිපෝවේ පාලන බලය ලබා ගැනීම නිසා දිනපතා ධාවනය වූ දුර සහ කෙටි දුර ධාවන බස් රථ 20 ක් පමණ දිනපතා ධාවනයට එක් නොකිරීම නිසා මෙම ආදායම් තත්ත්වය මෙසේ පහල වැටී ඇති බවයි.

    එම කාලය තුල බස් රථ ධාවනය සඳහා රියදුරු සහ කොන්දොස්තරවරුන් නොමැති වීමත්, අවිධිමත් පරිපාලනයත් නිසා මෙම ආදායම් තත්ත්වය පහත වැටී ඇති බවත්, පසුගිය දින 30 තුල ඩිපෝව තුල පරිපාලනය සිදු කල රියදුරු කොන්දොස්තරවරුන් සහ ඔවුන්ට හිතවත් යැයි පැවසෙන සේවකයන් පිරිසකගේ අතිකාල දීමනා පමණක් ගෙවීමට ඩිපෝව සතු රු ලක්ෂ 8 ක මුදලක් වැය කර ඇති බවයි.

    තවද එම ඩිපෝව සතු අලුතින් මිල දී ගත් බස් රථයක් අනතුරට පත් කර විශාල පාඩුවක් සිදු කර ඇති බවත්, ඩිපෝව සතු වෑන් රථය නිසි ලෙස නඩත්තු නොකර ධාවනය කිරීම හේතුවෙන් එම වෑන් රථයේ එන්ජිම ක්‍රියා විරහිත වීමෙන් එම වෑන් රථය අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 3ක පමණ අමතර වියදමක් දැරීමට ඩිපෝවට සිදු වී ඇති බවයි ඩිපෝ පරීක්ෂකවරයා කියා සිටියේ.

    යලිත් හැටන් ලංගම ඩිපෝව වැඩිම ආදායමක් උපයන ඩිපෝවක් වශයෙන් පත් කිරීමට කටයුතු කරන බවද රෝහනද සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියේය.


    - http://sinhala.adaderana.lk/news/100826/දේශපාලන-පෙරළියත්-සමඟ-ඩිපෝවේ-සිදු-වූ-පාඩුවක්-මතු-වෙයි
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    im not surprised people tend to learn from previous experiences and actions of others. its called the cognitive behavior ,

    now what did the previous regime did just after they raised to power in 2015 .i remember robbing something BIG . do you?