දින 9කට ජීවිත 39ක් අහිමි වෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දෙසැම්බර් මස 20 වන දින සිට අද (29) උදෑසන 6 දක්වා වු කාලය තුළ මෙරට සිදුවු මාරක රියඅනතුරුවලින් පුද්ගලයින් 39 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

    මේ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම කාලය තුළ සිදුව ඇති සමස්ත රියඅනතුරු සංඛ්‍යාව 527ක් පමණ වන බවය.

    එම කාලය තුළ දී පුද්ගලයින් 122කට බරපතළ තුවාල සිදුව ඇති අතර, 238ක් සුළු තුවාල ලබා, අලාභ පමණක් සිදුවු රියඅනතුරු 130ක් සිදුව ඇතැයි ද අජිත් රෝහණ මහතා පැවසීය.

    මේ අතර, පසුගිය වාර්තා නිරීක්ෂණයේ දී මෙරට වැඩිම රියඅනතුරු ප්‍රමාණයක් දෙසැම්බර් 20 සිට ජනවාරි 05 වන දා දක්වා වු කාලයේ සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේය.

    එවැනි අනතුරු වැළැක්වීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුම් එම කාලය තුළ ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, වැඩිම ප්‍රමාණයක් රියඅනතුරුවලින් මියගොස් ඇත්තේ පදිකයින්, යතුරුපැදිකරුවන් හා ත්‍රීරෝද රථ රියදුරන් බව ද පැවසීය.


    Derana