දිමූ ජයරත්න ජයගනී.
මාපලගම විමලරතන, චන්ද්‍රසිරි බණ්ඩාර, සුමනදාස අබේගුණවර්ධන පරදා දිමූ ජයරත්න ජයගනී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 08 වන දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ඒකාන්තයෙන්ම ජය ගන්නා බව ඔහුගේ හිතවත් දෛවඥයින් වන මාපලගම විමලරතන, චන්ද්‍රසිරි බණ්ඩාර හා සුමනදාස අබේගුණවර්ධන ඒකාන්තයෙන්ම ප්‍රකාශ කරන ලදී. මාපලගම විමලරතන කීවේ එසේ නොවුන හොත් තමා ගිනි තබා ගන්නා බවයි. චන්ද්‍රසිරි බණ්ඩාර කිව්වේ තමා හෘදයාංගමව වෙඩි තබා ගන්නා බවයි. නමුත් හිටපු අගමැති දිමූ ජයරත්න ඒකාන්තයෙන්ම ප්‍රකාශ කර සිටියේ පාප් තුමා ලංකාවට එද්දී ලංකාවේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක් බවයි.
හිටපු රාජකීය දෛවඥයන් ලෝක බොරු කාරයින් බව මේ වන විට ඔප්පු වී ඇති අතර ඔවුන් තමන්ගේ ලැජ්ජාව වසා ගැනීමට එක එක බයිලා කියමින් සිටී. සුමනදාස අබේගුණවර්ධන වැනි තක්කඩියන් මාධ්‍යවේදිනියන්ට කියන්නේ තමන්ට මඩ නොගසන ලෙසයි. ඒකත් හරියට ජනාධිපතිවරයාට මෛත්‍රී කිරීම තමන්ගෙන් හා තමන්ගේ පවුලේ උදවියගෙන් ආරම්භ කරන ලෙස විමල් වීරවංශ කියන්නා වැනිය.
කෙසේ නමුත් හිටපු අගමැති දිමූ ජයරත්න මහතාට පරණ ජොබ් එක අහිමිවූ නිසා අලුත් ජොබ් එකක් පටන් ගත හැකිය. එනම් හරියටම හරියන අනාවැකි කීමය. ‘පාප් තුමා එනවිට ලංකාවේ සිටින්නේ අලුත් ජනාධිපති කෙනෙක් කී එකම අනාවැකිකරු' යනුවෙන් ටිරාන්ට කියා මව් - බිම පත්තරේ දැන්වීමක් පලකරවා ගැනීමෙන් අනාවැකි ව්‍යාපාරය ආරම්භ කල හැක. මින් පසු මාධ්‍යවේදීන් අනාවැකි සඳහා විමසිය යුත්තේ හිටපු අගමැතිවරයා මිස ඉහත කී දෛවඥ ජෝකර්ලා නොවේ.