දිඹුලාගල දළුකාන ආදීවාසී පවුල් 15 ක් යළිත් ව
පවතින වියළි කාලගුණය හේතුවෙන් දිඹුලාගල දළුකාන ආදීවාසී පවුල් කිහිපයක් ඊයේ සවස තම වාසස්ථාන වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දැනට එම ප්‍රදේශයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන්. දිඹුලාගල කන්දේ පිහිටි විශාල ගස් හා ලෙන් තුළට වී තම ජීවිකාව ගෙන යාමටයි මේ වන විට ඔහුන් තිරණය කර ඇත්තේ. ආදීවාසී පවුල් 15ක් පමණ මෙම වියසනයට මුණ දී තිබෙනවා.
ඒ පිළිබඳව දළුකාන ආදී වාසී නායකයා අපිට කිව්වේ මෙහෙමයි
මහත්තයෝ අපිට අවුරුද්දක ඉඳන් වැස්ස නෑ. බොන්න පිරිසිඳු වතුර ටිකක් නෑ. ඇඟ ගින්දරට රත්වුණු කබලක් වගේ. පොඩි දරුවෝ අඬනවා මේ ග්‍රීස්මය දරාගන්න බැරුව, දැන් ඉස්සර වගේම ගස් ගල් යටට වෙලා දිවුල් ගෙඩියක් කාලා දඩයම් කරලා ජීවත්වෙනවා....
අපි වැස්ස ලැබෙන්න කියා ශාන්ති කර්ම පවා කලා...
වත්මන් සමාජයට හුරු වු මොවුන් නැවතත් වන ගත වීමෙන් සිය දුවා දරුවන් ඉමහත් අපහසු තාවයට පත්වන බවයි ඔවුන් අපට කියා සිටියේ.