දිඹුලාගල නාහිමි
අදින් වසර 17 කට පෙර කොටි ත්රස්තයන්
දැයට අහිමි කළ දිඹුලාගල නාහිමි
ශ්‍රී ලංකාවට එක්සත්කම ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් අති සුවිශේෂ යුග මෙහෙවරක යෙදී සිටියදී 1995 මැයි මස 26 වැනිදා අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ මාතර කිතලගම අසරණසරණ සිරි කස්සප ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ 17 වැනි වර්ෂ පූර්ණ ගුණානුස්මරණය මේ මැයි මස 26 වැනිදාට (අදට) යෙදෙයි.
අප රටේ ජාතික සමගිය හා ජාතික ඒකාබද්ධතාව වෙනුවෙන් උන්වහන්සේගෙන් ඉටුවන සේවාවන් කාටත් විශේෂයෙන් අද වැනි අවධියකට ඉතාමත් ආදර්ශවත්ය. මේ රටේ සෑම ජන කොටසකටම රටේ ඕනෑම ප්‍රදේශයක සමාන අයිතීන් භුක්ති විඳිමින් ජීවත් වීමට ඇති අයිතිය පෙන්වා දීමට උන්වහන්සේ හැම විටම උත්සාහ ගත් සේක.
ශ්‍රී ලංකාව නිජබිම කර උපන් සෑම රට වැසියකුගේම නිජබිම ශ්‍රී ලංකාව බව උන්වහන්සේගේ අදහස විය. දුගී දුප්පත්කමේ අනන්තයට ගිය දිළිඳු ජනතාවගේ හඬ දිඹුලාගල නාහිමියන් විය. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන අහිංසක ජනතාවගේ අයිතීන් සුරැකීමට, ඔවුන් නඟා සිටුවීමට උන්වහන්සේ ගත් අපරිමිත උත්සාහය කිසිදා අමතක නොවනු ඇත.
මාතර කිතලගම උපත ලබා අප රටේ උතුරු නැගෙනහිර ඝන වනාන්තරවලින් වැසී තිබුණු ප්‍රදේශ සොයා වැඩම කළ උන්වහන්සේ ඒ වියළි බිම් තෙත් බිම් කරවීමට මුල්වූ සේක. කිසි කෙනකු මේ ප්‍රදේශ ගැන අවධානය යොමු නොකළ අවධියක උන්වහන්සේ සිය දහඩිය කඳුළු එක් කළේ තම පෞද්ගලික සුඛ විහරණය සඳහා නොවේ.
දුගී දුප්පත්කම නිසාම නූගත්කම උරුම කරගත් මේ අහිංසක ජනතාවට දැන උගත්කම තුළින් රටේ සෙසු ජනතාව හා එක් වන්නට දිඹුලාගල නාහිමියන් එහි වැඩම නොකරන්නට කිසිදාක හැකි නොවනු ඇත.
දිඹුලාගල නාහිමියන් වැනි සංඝ පීතෘ වහන්සේලා එක් නමක් නොව බොහෝ නමක් අද අප රටට අහිමිවී ඇත. උන්වහන්සේ තම ගෝල ස්වාමීන් වහන්සේලා බිහි කළේද තම උදාර අදහස් මුදුන්පත් වන අයුරිනි. මහවැලි කලාපවල විහාරස්ථාන
75 කට වැඩි ප්‍රමාණයකට ගෝල භික්ෂුන් වහන්සේලා 800 නමක් උන්වහන්සේ ගෙන ගිය උදාර ජාතික සේවාවන් ඉදිරියට ගෙන යැමට මහත් උත්සාහයක් දරති. එහෙත් දිඹුලාගල නාහිමිගෙන් ලද එඩිතර නායකත්වය අද උන්වහන්සේලාට අහිමිවී ඇත. උන්වහන්සේලාට සහය දැක්වීම අපගේ යුතුකමකි.
එක්දහස් නවසිය තිස් ගණන්වල ඝන වනාන්තරයෙන් වැසී තිබුණු අඩි පාරක්වත් නොතිබුණු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මොරගොඩැල්ල, සේරුවිල වැනි ඉතාම දුෂ්කර ප්‍රදේශයන්ට වැඩමකළ දිඹුලාගල හිමියන්ගේ නිවහන වූයේ කොටාරගල ගල් ලෙනයි. එතැන්හි වැඩම කරමින් මින්නේරිය, මැදිරිගිරිය වැනි ප්‍රදේශයන්හි අහිංසක ජනතාවට සරණක් වූ උන්වහන්සේට මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා, සී. පී. ද සිල්වා මැතිතුමා, ඩඩ්ලි සේනානායක අගමැතිතුමා උන්වහන්සේගේ ජාතික සේවාවන්ට මුලසිටම අතහිත දුන් ශේ්රෂ්ඨ නායකයන්ය. එගොඩපත්තු ගම් සභාවට නියමිත මහජන නියෝජිතයෙක් ලබාදීමට උන්වහන්සේ ක්‍රියාකළ සේක. එම කාර්ය ඉටු කිරීමට උන්වහන්සේට හැකි වූයේ එවකට පළාත් පාලන උප ඇමැතිව සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් නිසාය. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, ගාමිණී දිසානායක ඇමැතිතුමා උන්වහන්සේගේ ජාතික සේවාවන්ට දායක වූහ. කඩවත්මඩුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුනානි වැනි ප්‍රදේශ ජනාකීර්ණ වූයේ දිඹුලාගල නාහිමියන්ගේ මේ ජාතික සේවාවන් නිසාය. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බිහිවූයේ දිඹුලාගල නාහිමි නිසාය. කොටින්ම කිවහොත් එකල බෞද්ධ විශ්වවිද්‍යාලයක්ව තිබූ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වර්තමානයේ බැබලූයේ දිඹුලාගල නාහිමිය. නැවතත් දිඹුලාගලට ප්‍රෙෘඪත්වය, ශ්‍රී විභූතිය රැගෙන ගියේ දිඹුලාගල නාහිමියන්ය.
ජාතිවාදියකු, අන්තවාදියකු ලෙසට උන්වහන්සේ හංවඩු ගැසීමට උත්සාහ දරන්නන්ට දිය හැකි හොඳම සාක්ෂිය උන්වහන්සේගේ සේවාවන් එකම ජන කොටසකට පමණක් සීමා නොවීමය. නියම බෞද්ධ පුත්‍රයකු ලෙස ක්‍රියාකර ඇති ආකාරය උන්වහන්සේගේ ජාතික සේවාවන් අධ්‍යයනය කරන ඕනෑම අයකුට මනාව පැහැදිලි වේ. නූගත්කම නිසාම දිළිඳුකමෙන් එළියට ඒමට නොහැකිව සිටි දහස් ගණනකගේ නෙත් විවෘත කිරීමට මනම්පිටිය සිංහල මහ විදුහල, අරලගංවිලයාය මධ්‍ය මහා විදුහල, දිඹුලාගල මහ කස්සප මහ විදුහල, සේරුවිල රෝහණ විදුහල වැනි පාසල් 18 ක් පොළොන්නරුව ප්‍රදේශය මුල් කරගෙන පිහිටුවීමට උන්වහන්සේට හැකිවිය. මනම්පිටිය රෝහල, දිඹුලාගල ආයුර්වේද රෝහල, වැව් අමුණු සිය ගණනක්, මංමාවත් සිය ගණනක් බිහිවූයේ උන්වහන්සේට පිං සිදු වන්නටය. මාදුරුඔය ව්‍යාපාරය පවතිනතාක් කල් දිඹුලාගල නාහිමියන් සමරන්නට එහි ජනපදිකයන් ක්‍රියා කරනු ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් නොව මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මුලතිව් වැනි දිස්ත්‍රික්කවල දහම් සිසිල පතුරුවන්නට උන්වහන්සේ ඇති කළ බෞද්ධ සිද්ධස්ථාන ගණන අති විශලය. තමන් රැකබලාගත් ජනතාව අතහැර දමා තම ජීවිතය රැක ගැනීමට උන්වහන්සේ ක්‍රියා නොකළ සේක. එවැන්නක් කිරීමට තරම් තමන් බියගුල්ලෙකු නොවන බව පුන පුනා ප්‍රකාශ කළ සේක.
ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ රණවිරුවන් සමග ඉතාම අවදානම් ප්‍රදේශ කරා උන්වහන්සේ වැඩම කළේ ඒ රණවිරුවන් දිරිමත් කරමින් මේ අහිංසක ජනතාව බේරා ගැනීමටය. මහවැලි කලාපවල අහිංසක ජනතාවගේ මර බියද, හද ගැස්මද උන්වහන්සේ හඳුනාගත් සේක. වරෙක ආරක්ෂක අංශයේ බලධාරීන්ට මේ ගම් ආරක්ෂා කිරීමට ආරක්ෂක කඳවුරු පිහිටුවන්නැයි අනුශාසනා කරමින් මේ ජනතාවගේ දුක හඬ බය රජයේ වගකිව යුතු අයට ප්‍රකාශ කළේ එඩිතර පියෙකු ලෙසිනි. මේ ජනතා හඬට නිසි ලෙස කන් නොදෙන විට ඒ ගැන කෙළින්ම විවේචනය කරන්නට උන්වහන්සේ මැලි නොවීය. කිසිම දේශපාලනඥයෙකුගේ අතකොලුවක්a වන්නට තරම් උන්වහන්සේ නිවට නියාලු නොවීය. ඇත්ත කතා කරන්නට හරි දේ කරන්නට උන්වහන්සේ බය නොවීය. උන්වහන්සේගෙන් ඇත්ත වසන් කරන්නට කිසිම ජගතෙකුට නොපිළිවන් විය.
නැගෙනහිර හා උතුරු ප්‍රදේශයේ හැම අඟලක් ගැනම හොඳින් දැන සිටි උන්වහන්සේ එම ප්‍රදේශ ආරක්ෂා කරගන්නට ගත යුතු උපක්‍රම ගැන හොඳින් දැන සිටි සේක. අමානුෂික ඝාතනවලට ලක්වන අහිංසක ජනතාව අතරට ප්‍රථමයෙන්ම වැඩම කළේ උන්වහන්සේය. අරන්තලාව භික්ෂු ඝාතනය, මායිම් ගම්මානවල නිරතුරුවම සිදුවූ ඝාතන ගැන ප්‍රථමයෙන්ම ක්‍රියා කිරීමට තරම් උන්වහන්සේ නිර්භීත විය.
දිඹුලාගල නාහිමි පාවහන් යුගලක් පැළඳ සිsටි කිසිම දිනක් මට මතක නැත. උන්වහන්සේ සැතපුම් ගණන් ඇවිදින්නේ පාවහන් නොමැතිවය. මහවැලි ජලාශයකින් අන් සාමාන්‍ය අය මෙන් දිය ස්නානය කිරීමට පුදුම කැමැත්තක් උන්වහන්සේ තුළ විය. ගමේ එළවළු, පලතුරු උන්වහන්සේ හැම විටම වැළ» සේක. තමන්ට දානයට ලැබුණු හාල්, පොල්, එළවළු ප්‍රදේශයේ අසරණ පවුල් අතර බෙදා දෙන්නට බොහෝ විට කටයුතු කළ සේක. කුසට ආහාරයක් සොයා ආරණ්‍ය සේනාසනයට පැමිණි ඕනෑම අසරණයකුට බඩකට පුරා ආහාර දෙන්නට උන්වහන්සේ මැළි නොවූ සේක.
1995 පෙබරවාරි 04 වනදා අප රටේ නිදහස සමරන දින උන්වහන්සේ ආරක්ෂාව සඳහා ලබාදී තිබුණ හමුදා අනුඛණ්ඩය ඉවත් කෙරිණි. ඒ වෙනුවට පොලිස් නිලධාරීන් කීපදෙනකු ලැබුණි. ගුවන්විදුලි සංඥ උපකරණ හමුදා වාහන අපගේ අවාසනාවට එම ආරක්ෂක අනුඛණ්ඩයෙන් ඉවත් කෙරුණි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්නට මම මැදිහත් වීමි. රුක්මන් සේනානායක, එච්. ජී. පී. නෙල්සන්, අර්ල් ගුණසේකර, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ඒ. එච්. එම්. අස්වර් යන මගේ සහෝදර මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කළහ. යම් විදිහකින් දිඹුලාගල හිමියන්ට කරදරයක් සිදු වුවහොත් මුළු මහවැලි බී හා සී කලාපවල වෙසෙන මහජනතාව අසරණ වන බවත්, ඔවුන් එම ප්‍රදේශ අතහැර යන බවත් පුන පුනා මා පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතදීත් කරුණු ඉදිරිපත් කළෙමි. එහෙත් මගේ හඬට කිසිම අවධානයක් බලධාරීන් යොමු කළේ නැත.
අවාසනාවක මහිම දිඹුලාගල හිමියන් අපට අහිමි විය. අදත් උතුරු නැගෙනහිර ගම්මානවල බොහෝ අය තමන් උපන් බිමේම අනාථයන් වී ඇත. එහෙත් දිඹුලාගල හිමියන්ගේ ආභාෂය ලැබූ එම ජනතාව අදත් එම ප්‍රදේශවල නිර්භීතව සිටින්නට උත්සාහ දරති. දිඹුලාගල හිමියන් වෙනුවෙන් අප ඔවුන්ට ජාතියේ කෘතඥතාව පුදකළ යුතුය. දිඹුලාගල හිමි ඝාතනය කළදා මුළු රටම කම්පා විය. දුගී පැල්පතේ සිට මාළිගාව දක්වා කහ කොඩි ලෙළ දුනි. මුළු ජාතියේම ප්‍රණාමය උන්වහන්සේට නිරායාසයෙන්ම පුදකරනු ලැබීය. උන්වහන්සේට කළ හැකි උපහාරය උන්වහන්සේ වෙනුවෙන් උතුරු නැගෙනහිර ජනතාව ආරක්ෂා කිරීමය. ඔවුන්ගේ ජීවිත රැකදීමය.
මේ නිසාම මෙම අනාරක්ෂිත ගම්මානවලට මම නිතර ගියෙමි. ගම්මානවල ජනතාවගේ ජීවිත රැක දෙන්නට අනතුරු ඇඟවීමේ සයිරන් නලා ලබාදීමේ ව්‍යාපෘතියක් මා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දිඹුලාගල නාහිමි මට කළ යෝජනාවක් අනුව 1994 දී ආරම්භ කළෙමි.
දිඹුලාගල නාහිමි අද ජාතික වස්තුවක් වී ඇත. මේ නිසාම උන්වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් කරවා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිස්ත්‍රික්ක 10 ක් වටා අති පූජනීය බෞද්ධ සිද්ධස්ථාන මුල් කරගෙන ධර්ම චාරිකාවකින් දිඹුලාගලට වැඩම කරවා උන්වහන්සේගේ ඝාතනය සිදුවී වසරක් පිරුණ දින 1996 මැයි 26 වැනි දින මතු පරපුරේ දැක ගැනීමට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කරවීමට කටයුතු සංවිධානය කළෙමි.
මේ කටයුත්තේ දී අපවත් වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්Æසිහ නාහිමි, අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි, අතිපූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, අතිපූජ්‍ය කිතලගම හේමසාර හිමි, අතිපූජ්‍ය අහංගම ආනන්ද හිමි, අතිපූජ්‍ය අංගුණ බදුල්ලේ හිමි මූලිකත්වය ගෙන කටයුතු කළහ.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ආරක්ෂා කර එහි පහසුකම් වැඩිකර පූජා භූමියේ ඉතිරි වැඩ කටයුතු අවසන් කිරීම පිළිබඳව රජයේ බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි. දිඹුලාගල නාහිමිට දැක්විය හැකි ලොකුම ගෞරවය වන්නේ උන්වහන්සේ කරගෙන ආ ජාතික, ආගමික හා සාමාජික සේවාවන් ඉදිරියට ගෙන යැමයි. වර්තමාන ආරණ්‍ය සේනාසනාධිපති අති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නාහිමි ඇතුළු දිඹුලාගල සංඝ පරම්පරාව ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම අප රටේ සමස්ත ලංකාවාසී ජනතාවගේ වගකීමකි.
දිඹුලාගල පූජා භූමියේ සංවර්ධන වැඩ කටයුතු දැන් අඩාල වී ඇත. පිරිවෙනේ අඩුපාඩු දැන් බොහෝමයක් ඇත. යටිතල පහසුකම් අබලන් වී ඇත. රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසින් ඉදිකළ විශ්‍රාම ශාලාව අලුත්වැඩියා කළ යුතුව ඇත. අහස් මාළිගාවට පහුසකම් සැලසිය යුතුව ඇත. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අයත් මහවැලි ගොවිපළ සංවර්ධනය කළ යුතුය. පුරාවිද්‍යා සංකීර්ණය හා කැණීම් අඩාල වී ඇත. දිඹුලාගල නාහිමි වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය දැන්වත් මේ කටයුතුවලට යොමු විය යුතුය. සමස්ත ගෞරවනීය සංඝරත්නයේ හා බෞද්ධ සංවිධානවල වැඩි අවධානය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට යොමුවේවා යෑයි පතමි.
දොස්තර ජයලත් ජයවර්ධන
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම්

Code:
http://www.divaina.com/2012/05/26/feature01.html
Last edited by a moderator: