දිඹුලාගල මහ කන්දේ සිහරජු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දිඹුලාගල මහ කන්දේ සිහරජු

    දිඹුලාගල මහ කන්දේ සිහරජු

    33649395_1667517466700241_8646763812554276864_n.jpg


    සෑම දින ම පාසැල නිම වී ගෙදර එන පුංචි චාර්ලිස් පැත්තකට වී බලාගත් අත බලාගෙන කල්පනා කරමින් සිටින අන්දම දෙමාපියන් සිත් තැවුලට කාරණයක් විය. මේක ඉස්කෝලෙදි කරන දඟ වැඩවලට ගුටිකාගෙන ඇවිත් දැන් හිමිජ්ජ වගේ ඉන්න හැටි. මූටත් යන කලක් තියෙන්න එපායැ හාමිනේ. අපි මේකව මහණ කරමු. පුංචි චාර්ලිස් දරුවා දෙමව්පියන් විසින් වල්පිට ආරණ්‍ය සේනාසනයට කැදවාගෙන ගෙන ගිය අතර, දරුවාගේ හෙට දවස මැනවින් හැඳිනගත් උඩුපිහිල්ලේගොඩ පඤ්ඤලංකාර හිමිපාණන් වහන්සේ උන්වහන්සේ යටතේ කුඩා චාර්ලිස් කිතලගම සීලාලංකාර නමින් පැවිදි බිමට පත් කරන ලදි.

    පසු කලෙක බුද්ධ ශාසනයටත් සිංහල ජාතියටත් ඉමහත් සේවාවාක් කරන ලද්දා වූ මේ කිලතලම සීලාලංකාර යන ශ්‍රී නාමය ගෞරවාදර සහිතව හෙළ ඉතිහාසයට එක් වන්නේ දිඹුලාගල මහ නාහිමිපාණන් වහන්සේලෙසිනි. තම නායක ස්වාමිපාදයාණන් වහන්සේ අනුව යමින් වාසය කළ තරුණ සීලාලංකාර ස්වාමීන් වහන්සේ තම සහෝදර ස්වාමීන් වහන්සේලා සමග එකට වැටී කල් මරමින් නො ඉද සොහොන්පිටිවල, පාළු කැලෑවලට වැදී භාවනා කරන්නට විය. භාවනායෝගීව වැඩසිටි උන්වහන්සේගේ ගමන වෙනස් වීමට ලක්වූයේ 1948 දී පොළොන්නරුව ප‍්‍රදේශයේ සොරිවිල ගම්මානයට වැඩම කිරීමත් සමඟ ය. පාරම්පරික සිංහලයින් සිංහල භාෂාව නො දැන ද්‍රවිඩ භාෂාව කථා කරමින් ද්‍රවිඩ ජනයා මෙන් දිවි ගතකරන ආකාරය දැක කම්පාවට පත් උන්වහන්සේ මෙවැනි අසරණයින්ට පිහිට වීමේ තිර අදිටනක පිහිටියේ ය.

    එදා සොරිවිල ග‍්‍රාමයෙන් ඇරඹි ගමනේ දී, රුහුණෙන් පැමිණි ගැමුණු කුමරු මෙරට එක්සේසත් ශ්‍රී ලංකාවක් බවට පත් කළාක් මෙන්, රුහුණු ජන්ම භූමි කොට ගෙන උපන් මහා විජයබාහු මහ රජු පොළොන්නරුව තම රාජධානිය කොට ගෙන මුළුමහත් ශ්‍රී ලංකාවේ ම අණසක පැතිරුවා මෙන්, විසිවන සියවසේ සිය රටේ උරුමය අහිමි වූ සිංහලයන්ට යළිත් පණ දුන්නේ දිඹුලාගල සිරි සීලාලංකාර හිමිපාණන් ය.

    යකුන්නේ අහපල්ල…… තොපි මෙච්චරක් කල් ඇඟට වස්තරයක් දාගෙන හිටිය ද? තොපේ කොල්ලෝ කුරුට්ටෝ ඉබාගාතේ යනව. උඹලා ගේන මස් කෑලි හප හපා උන් කාලෙ මැරුව. මේක උඹලගෙ රට. උඹලගෙ මුතුන් මිත්තො තමයි මේ රට හැදුවෙ. ඒ මිනිස්සු අද මැරිල ගිහිල්ල කල්ප කාලාන්තරයක් වෙනවා. ගනිල්ල දැන්වත් කැති පොරොව අතට. අවුරුදු සිය දහස් ගානක් තිස්සෙ කැලෑ කොළ වැටිල සාර වෙච්ච මහ පොළොවක් තියෙනව. මේවා අස්වද්දපල්ලා. මං මෙහෙම කිව්වට තරහක් මරහක් ගන්න එපා. උඹල මගේ නැදෑයෝ.

    මනම්පිටියෙන් එහා නැගෙනහිර පළාතේ ජීවත් වන එකම සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේ වූ සීලාලංකාර හිමියන් ගැන ප‍්‍රදේශවාසී බෞද්ධ ජනතාව තුළ තමන්ට කුමන ප‍්‍රාතිහාර්යයකින් හෝ විශ්වකර්ම පුද්ගලයෙකු සමීප කර ඇති වගක් සිහිපත් වන්නට ඇත. බොහෝ නැගෙනහිර බෞද්ධයන් එවකට දැක ඇති එකම භික්ෂූන් වහන්සේ ද උන්වහන්සේ ය. සංඝපීතෘන් වහන්සේනමක් නො මැති කමින් සිහළ උරුමයන් අන්‍යජාතීන්ගේ සංස්කෘතියන් හා මිශ‍්‍රව යටපත් වී ගොස් තිබූ යුගයක උන්වහන්සේගේ සැර, සිතට කාවදින සුලු වාග් විලාශය සැඟවී ගිය බෞද්ධ හා සිංහල උරුමයන් යළි නගා සිටුවීමට මහත් රුකුලක් විය. උන්වහන්සේගේ බලකිරීම හේතුවෙන් අක්කර දහස් ගණනක් අස්වැද්දීමටත්, අස්වද්දන කුඹුරු වෙනුවෙන් මහාපරිමාණ ජල යෝජනා ක‍්‍රමයක් වන මාදුරු ඔය ව්‍යාපාරය ඇති කිරීමටත් මුල් වූ සේක.

    භික්ෂු සංඝයා නො මැති පළාතක අනාගතය කෙබඳු වේදැයි හොඳින් දත් මාහිමිපාණන් වහන්සේ දිඹුලාගල මුල්කොට භික්ෂුන් වහන්සේලා ඇතිකිරීමට මුල්විය. ජාති, කුලගොත්, වේලපත්කඩ ඇතු ‘‘හීන බමුණු මත කරපින්නාගත් සමාජයට අතුල්පහර ගැසූ උන්වහන්සේ තම පළමු ගෝල ස්වාමීන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ සමඟ මුලසිට ම ළඟින් සිටි මිල්ලානා නම් වැදි නායකයාගේ වැඩිමහල් දරුවා දිඹුලාගල සිරියාලංකාර නමින් පැවිදි බිමට ඇතුළත් කළ සේක. එයින් නො නැවතී සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් ජාති භේදයකින් තොරව උන්වහන්සේ විසින් පැවිදි බිමට ඇතුළත් කරන ලදි. සීලාලංකාර හිමියන්ගේ ගුණකඳ දැනගත් දුගී දුප්පත් පවුල් චකිතයකින් තොරව තම දරුවන් සසුනට පූජා කළහ. මේ ආකාරයෙන් අලුත පැවිදි වූ ස්වාමීන් වහන්සේලා 800කගේ පමණ පහසුව පිණිසත් අධ්‍යාපනය පිණිසත් උන්වහන්සේ විසින් සියයකට අධික විහාරස්ථාන මිල්ලාන, දලුකාන, ගිනිදමන, අල්ලේවැව, අරලගංවිල, අලවකුඹුර, වැලිකන්ද වැනි ප‍්‍රදේශ පුරාවට ඉදිකිරීමට මුල් වන ලදි.

    උන්වහන්සේ වැඩසිටි දිඹුලාගල පුදබිම අතීතයේ මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි පුදබිමයි. එය එකල සිහළුන්ගෙන් පිරී ඉතිරී ගිය ප‍්‍රදේශයක් විය. නමුත් මෙදා උන්වහන්සේ එහි වඩිනා විට එය සිංහලයන්ගෙන් ශූන්‍ය ව ගිය පළාතක් විය. පාරම්පරික සිංහල බෞද්ධයෝ ද තමන් සිංහලයින් යැයි නො දන්නා යුගයක් එහි විය. ඔවුන් තම මව් භාෂාව වන සිංහල භාෂාව ද නො දත් පිරිසක් විය. මෙය දිඹුලාගල හිමියන්ට නො රුස්සන කාරණයක් විය. උන්වහන්සේ එරාවුර් ප‍්‍රදේශයේ හොඳ සිංහල මහතෙක් හඳුනාගෙන සිටි අතර ඔහුගේ උපකාරයෙන් සිංහලයන් පිරිස ඒකරාශී කරන්නට විය. අවුරුදු ගණනාවකින් මගේ නෑදෑයො දැක බලාගත්තෙ අදයි. මුන්නැහෙත් අපේ ගම් පළාත්වල ඉපදිල දුක් විඳල මෙහාට ගාටපු ඇත්තො නො වැ. මං අද දිඹුලාගල මහ කන්දෙ අයිතිකාරය. ගාල්ල,මාතර පැත්තෙ ඉන්න හිටින්න තැනක් නැති කොල්ලො කෙල්ලො දරු පවුල් දිඹුලාගලට එවන්න. දෙදහක් තුන්දාහක් නෙමෙයි පන්දාහක් උනත් කමක් නෑ. උදේට දවාලට ?ට බත් දෙනව. ගෙවල් දොරවල් හදල දෙනව. මට ඕනෑ කරන්නෙ අපේ පළාතේ සිංහල ගම්මාන හදන්න.

    උන්වහන්සේගේ එරාවුර් ගමන සාර්ථක විය. සතියක් දෙකක් ඉක්ම යත්ම මහ සෙනඟ කන්දරාවක් දිඹුලාගල හිමි බැහැ දකින්නට පැමිණියේ දැඩි බලාපොරොත්තු සහිත ව ය. එවකට එගොඩපත්තු ගම් සභාවේ තිබුණේ කොට්ඨාස 13ක් පමණක් වුවත් අලුතින් පැමිණි සිංහල ජනතාව සමඟ එය 40 දක්වා වැඩි විය. මේ ආකාරයෙන් ඇරඹි ගමනේ උන්වහන්සේ විසින් සිංහල ජනතාව 45000ක් පමණ පදිංචි කරවා ඇත. අයාලේ යමින් ඉඳහිට දැකගත හැකි වූ කේඩෑරි දරුදැරියන්,වැඩිහිටියන් වෙනුවට ජවසම්පන්න පිරිස් පොළොන්නරු ප‍්‍රදේශයේ සැරිසරන්නට විය. දරුදැරියන්ට සිප් සතර හදාරන්නට පාසල් එකින් එක බිහිවන්නට පටන් ගත්තේ ය. දිඹුලාගල හිමිපාණන් විසින් තම ඩහදිය වගුරුවමින් වරිච්චි බඳිමින් මැටි අනමින් ඉදිකළ පාසල් ප‍්‍රමාණය 26 දක්වා ඉහළ යන්නට විය.

    අවුරුදු 40ක් පුරාවට දිවා රෑ නො බලා කළ මෙහෙවරහි ප‍්‍රතිඵලය වශයෙන් පොළොන්නරුව සිට පූනානි දක්වා වූ ප‍්‍රදේශය මුළුමනින් ම බෞද්ධ පුරවරයක් බවට පත් විය. කටු පඳුරු පීරමින් ගමන් යමින්,රත්වූ කර්කශ පොළොව සමඟ හැපෙමින් සිටි උන්වහන්සේ කිසි දිනක සෙරෙප්පු යුගලක්වත් භාවිත නො කළ සේක. උන්වහන්සේ කෙසේ කැපවීමෙන් කටයුතු කරන ලද්දේ ද යත් තම උපන් ගම වූ මාතර කිතලගමට වැඩම කරන ලද්දේ දිඹුලාගල ප‍්‍රදේශයට වැඩීමෙන් වසර විස්සක් ගත වීමෙන් පසු ව ය. සිංහල ජාතියත්,බෞද්ධ උරුමයත් රැකදීමට දිවිහිමියෙන් කටයුතු කළ දිඹුලාගල මාහිමිපාණන් වහන්සේ ඇපකැපව කටයුතු කළේ ජාතිය හා බුදුදහම සුරක්ෂිත කිරීමට මිස තම පෞද්ගලික ජීවිතය ගැනවත් නො සලකමිනි. තම දිවිය පුරාවට ගත් ඍජු නො සැලන තීරණ හා මනා සංවිධානාත්මක හැකියාවත් සිංහල ජාතිය හා බුදුදහම වෙනුවෙන් කළ සේවයත් නිසා උන්වහන්සේට සිටියේ එසේ මෙසේ සතුරන් සංඛ්‍යාවක් නම් නො වේ. දිනෙන් දින උන්වහන්සේට නිර්නාමික දුරකතන ඇමතුම් ලැබෙන්නට විය. නමුත් ඒ කිසිත් වගකට නො ගත් උන්වහන්සේ තම ශාසනික මෙහෙවර තීව‍්‍ර කළා මිස පසුපසට හැරවූයේ නැත. රුදුරු කොටි ත‍්‍රස්තවාදීන් උන්වහන්සේව දුටුවේ සිංහලයේ මුර දේවතාවකු ලෙසිනි. වසර ගණනාවක තිස්සේ උන්වහන්සේව ඝාතනය කිරීමට ලේ පිපාසිත පාපී කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රයත්න දැරූහ. 1995 මැයි 26 වැනි දින උදේ 7.15ට පමණ රුදුරු ත‍්‍රස්තවාදීන්ගේ වෙඩිවරුසාවකට යටව අපවත් වූයේ තම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ දහවල දානය සඳහා අවශ්‍ය වන එළවළු රැගෙන ඒමට කොරටුවට ගොස් ගෙන එන අතරතුර ය. මෙවන් උත්තම ගුණයන්ගෙන් හෙබි ඒ දිඹුලාගල සිහරජුන් හෙවත් සීලාලංකාර හිමියන් නො වන්නට පොළොන්නරුව ඇතුලු නැගෙනහිර බෞද්ධ උරුමයන් සිහළයාට අහිමිව ගොස් බොහෝ කල් ය.

    Courtesy - Internet
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sasane nisa tama rata rakune minissu modayo nowi hitiye
    a sasane ada apita na
    a nisai rata mehema
    ekekta ekek natte
    duaki bn mewa mehema dakiddi

    මේ ඉන්න නිවට පාලකයෝන්ට ජාතියක් ජන්මයක් නෑ බන්.. සිංහලයාගේ අවසානය තමා :angry:
     
    • Like
    Reactions: crazy-owl

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ජාතියේ පිනට පහල වූ ජාතියේ අවශ්‍යතාවය.......
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    sasane nisa tama rata rakune minissu modayo nowi hitiye
    a sasane ada apita na
    a nisai rata mehema
    ekekta ekek natte
    duaki bn mewa mehema dakiddi




    84.gif

    රෙප් දුන්නා

    මේ ඉන්න නිවට පාලකයෝන්ට ජාතියක් ජන්මයක් නෑ බන්.. සිංහලයාගේ අවසානය තමා :angry:


    ජාතියේ පිනට පහල වූ ජාතියේ අවශ්‍යතාවය.......

    :yes::love: