දිඹුලාගල හිමි ඝාතනය අබිරහසක්
කිතලගම ශ්‍රී සීලාලංකාර හිමි
නායක හාමුදුරුවන්ගේ ඝාතනයෙන් පසුව දින ගණනාවක්ම පන්සලේ හාමුදුරුවන් ලුණු කැඳ බීවා, කොළ, පොතු තම්බා වැළඳුවා.
දින 13ක් යනතුරු මේ අන්දමට සිටියා. කිසිම කෙනෙක් පන්සලට ආවේ නැහැ. ඉන්පසු ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් පැමිණ දානය ලබාදුන්නා.
කෙසේ වුණත් නායක හාමුදුරුවන් බලාපොරොත්තු නොවූ අවස්ථාවක අවසන් ගමන් ගියා. නායක හිමියන්ගේ වාහනයට පමණක් වෙඩි උණ්ඩ 87ක් වැදී තිබුණා. මේවා මේ කොටි කරපු වැඩක් නොවේ. කොටි පිට පටවන්න කිසියම් පිරිසක් කරපු දෙයක් බව පසුව තේරුම් ගියා.
නායක හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ පළාතේ අසරණවී සිටි දෙමළ ජනතාව ජීවත් වුණා. නායක හාමුදුරුවන්ගේ දේහය ළඟට පැමිණි කොටින් හඬා වැළපුණා.
නායක හිමියන්ගේ අභාවය අපට පමණක් නොව මුළු ලංකාවටම පාඩුවක්. මේ අන්දමට අපි පන්සල් හා විහාරස්ථාන බොහොම අමාරුවෙන් බලාගෙන සිටින විට මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වශයෙන් පත්වුණේ.
එතුමා මේ රට යුද බියෙන් මුදාගැනීමෙන් පසු අද මිනිසුන්ට නිදහසේ ජීවත්වන්නට පුළුවන් වී තිබෙනවා.
එදා පන්සල්වලට දානය ලැබුණේ නැහැ. අද දායකයින් පන්සල්වලට ඇවිත් නිදහසේ පින්දහම් කරනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ අවශේෂ කෙනෙක් නොවේ. පුරාණයේ අප රට රජකම් කළ මහා පරාක්‍රමබාහු රජතුමා නැවත ඉපදී මේ රට පරසතුරන්ගෙන් මුදාගෙන සංවර්ධන ක්‍රියාවලිය කරගෙන යනවා.
එතුමාට විරුද්ධ බලවේග කොතරම් තිබුණත් ඒවා මැඩගෙන නැවත වරක් මේ රටේ ජනාධිපති වශයෙන් අනිවාර්යයෙන් පත්වනවා.
ඒ සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දහස් සංඛ්‍යාත දායක දායිකාවන් එතුමාගේ ජයග්‍රහණය සඳහා ඡන්දය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.