දිඹුලාගල හිමි ඝාතනය අබිරහසක්

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
දිඹුලාගල හිමි ඝාතනය අබිරහසක්

කිතලගම ශ්‍රී සීලාලංකාර හිමි

නායක හාමුදුරුවන්ගේ ඝාතනයෙන් පසුව දින ගණනාවක්ම පන්සලේ හාමුදුරුවන් ලුණු කැඳ බීවා, කොළ, පොතු තම්බා වැළඳුවා.

දින 13ක් යනතුරු මේ අන්දමට සිටියා. කිසිම කෙනෙක් පන්සලට ආවේ නැහැ. ඉන්පසු ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් පැමිණ දානය ලබාදුන්නා.

කෙසේ වුණත් නායක හාමුදුරුවන් බලාපොරොත්තු නොවූ අවස්ථාවක අවසන් ගමන් ගියා. නායක හිමියන්ගේ වාහනයට පමණක් වෙඩි උණ්ඩ 87ක් වැදී තිබුණා. මේවා මේ කොටි කරපු වැඩක් නොවේ. කොටි පිට පටවන්න කිසියම් පිරිසක් කරපු දෙයක් බව පසුව තේරුම් ගියා.

නායක හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ පළාතේ අසරණවී සිටි දෙමළ ජනතාව ජීවත් වුණා. නායක හාමුදුරුවන්ගේ දේහය ළඟට පැමිණි කොටින් හඬා වැළපුණා.

නායක හිමියන්ගේ අභාවය අපට පමණක් නොව මුළු ලංකාවටම පාඩුවක්. මේ අන්දමට අපි පන්සල් හා විහාරස්ථාන බොහොම අමාරුවෙන් බලාගෙන සිටින විට මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වශයෙන් පත්වුණේ.

එතුමා මේ රට යුද බියෙන් මුදාගැනීමෙන් පසු අද මිනිසුන්ට නිදහසේ ජීවත්වන්නට පුළුවන් වී තිබෙනවා.

එදා පන්සල්වලට දානය ලැබුණේ නැහැ. අද දායකයින් පන්සල්වලට ඇවිත් නිදහසේ පින්දහම් කරනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ අවශේෂ කෙනෙක් නොවේ. පුරාණයේ අප රට රජකම් කළ මහා පරාක්‍රමබාහු රජතුමා නැවත ඉපදී මේ රට පරසතුරන්ගෙන් මුදාගෙන සංවර්ධන ක්‍රියාවලිය කරගෙන යනවා.

එතුමාට විරුද්ධ බලවේග කොතරම් තිබුණත් ඒවා මැඩගෙන නැවත වරක් මේ රටේ ජනාධිපති වශයෙන් අනිවාර්යයෙන් පත්වනවා.

ඒ සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දහස් සංඛ්‍යාත දායක දායිකාවන් එතුමාගේ ජයග්‍රහණය සඳහා ඡන්දය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මේක හාමුදුරුවෝ ගැන කතාවක් කියලා හිතාගෙන ආවේ..... බැලින්නම් පුක දෙමු රට කමු ත්‍රෙඩ් එකක්නේ....... :lol:

    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    10342750_10152818120676259_3388724802834624026_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද දිබුලාගල ලොකු හම්දුරුවෝ හිටෝයනම් මහින්ද එලවන්න පාරට බහිනවා.