දියණියන් සිටිනා මවුවරුණි

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    දියණියන් සිටිනා මවුවරුණි

    දියණියන් සිටිනා මවුවරුණි,මේ ඔබේ අවධානය පිණිසයි !

    attachment.php

    1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.

    2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.

    3. මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.

    4. පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට,ඇය ආශ්‍රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්‍රතිපල හිමිවිය හැක.

    5. දරුවා ප්‍රතික්ෂේප කරන,ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.

    6. බොහොම ක්‍රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.

    7. දරුවා නරඹන කාර්ටුන්,චිත්‍රපට සහ පරිඝනක ක්‍රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්‍රියාවන්ට යොමු විය හැක.

    8. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න

    9. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.

    10. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.

    11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.

    12. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.

    උපුටා ගැනීමකි....

    ❤️❤️❤️ දරැවන් පණමෙන් රැකගමු ❤️❤️❤️ ඔබේ අදහස් දැන ගැනිමට මමත් කැමතියි ඔබට හිතෙන දේ ලියන්න


    Ref >>>>>>>>>>>> Facebook
     

    Attachments

    • 66104683_476609189758875_5408336296454127616_n.jpg
      66104683_476609189758875_5408336296454127616_n.jpg
      82.8 KB · Views: 679
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කරුණු ටික දියණියන් සිටිනා මවුවරුන්ට විතරක් නෙමේ පුතනුවන් සිටිනා මවුවරුන්ටත් වැදගත් :cool:++
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මේ කරුණු ටික දියණියන් සිටිනා මවුවරුන්ට විතරක් නෙමේ පුතනුවන් සිටිනා මවුවරුන්ටත් වැදගත් :cool:++
    Ow Machan ,
    Rep Back :)
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    atta kathawa ban. godak podi wayase lamainata godak karadara wenawa
    habei lamayi kiyanne ne bayata godakma lachcawata. wadi hariyak apachara wenne
    pawule ayagenmai. maama, baappa. wage ayagen. godak parissamen lamyi
    balapalla machan. pansala, palliya, bus eka, school eka hama thanama mewa wenawa hode
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    atta kathawa ban. godak podi wayase lamainata godak karadara wenawa
    habei lamayi kiyanne ne bayata godakma lachcawata. wadi hariyak apachara wenne
    pawule ayagenmai. maama, baappa. wage ayagen. godak parissamen lamyi
    balapalla machan. pansala, palliya, bus eka, school eka hama thanama mewa wenawa hode



    Ow ban. Asahana karayo wedi. Podi ekektawath inna denne ne , Minissu denuwath ne.
    sry bn rep denna vidihak ne
    "You have given out too much Reputation in the last 24 hours, try again later."
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගෑනු දරුවන්ට විතරක් නෙමේ පිරිමි දරුවෝ ඉන්න අම්මල, තාත්තල ටත් මේ කරුණු වැදගත්.....

    :yes::yes::yes:
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ඔහොම කරන්නකෝ ස්ට්‍රේට් දුවලා ඉන්න අම්මලා..ගේ දුවක් නම් ගෙදරින් ගහලා එලවන්න එයව අනික් මිනිස්සුන්ට ඕන විදියට අපයෝජනය කරන්න ඉඩ සලස්වලා ඒක සාඩාරනීකරණය කරන්න වේස අම්මලා වේස තාත්තලා.ඔවු එතනින් නවත්තන්න එපා.එයාව මරන්න.සමලින්ගිකත්වය නැති කිරීමේ නාමයෙන් දුව දූශනෙ කරලා Mඅරන එක සාඩාරනීකරනය කරන්න