දියණියව පණපිටින් වළලයි
ඉන්දීය බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති බටහිර ට්රිපුරා දිස්ත්‍රික්කයේ ,සොනමුරා නම් ගම්මානයේ විසූ 10 හැවිරිදි දියණියක් පණ පිටින් වළ දමා ඝාතනය කිරීමට තැත්කල පාපතර 30 හැවිරිදි පියෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍යය වාර්තාකරයි. මෙම පියා දියණියගේ දෑත් බැඳ, කෑ ගැසීමට නොහැකි වන පරිදි මුඛය පටියකින් බැඳදමා නිවස පිටුපස වළක්ද හාරා එයට ඇයව දමා ඇත්තේ සිය බිරිඳ නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවකයි කෙසේ නමුත් ඇයට දියණියව සම්පූර්ණයෙන්ම වළදැමීමට නොහැකිවී ඇති අතර පපු ප්‍රදේශය දක්වා පමණක් වළදමා ඇත. පසුව මව පැමිණ දියණිය සොයා ඇති අතර ඇය නිවසේ නොවූ හෙයින් අසල්වැසියන්ද සමඟින් විපරම් කර බැලීමේදී වළදමා සිටි දියණියව සොයාගෙන ඇත. එහිදී ඇයව බේරාගෙන ඇති අතර දියණිය වළදැමූ පාපතර පියාට අසල්වැසියන් පහරදී පොලිසිය වෙත භාරදී ඇත. පියා දියණියට ඇති අකමැත්ත මත මෙසේ වළදමා ඇති බව සදහන් වනතර ,දෙවැනි දියණියව ලැබු පසු මොහු වඩාත් ප්රචණ්ඩ වී තම බිරිදටද පහරදුන් බව දැක්වෙනවා, පියාගේ නම අබ්දුල් හුසේන් බව වැඩිදුරටත් වාර්තා වනතර මොහු මුස්ලිම් ජාතිකයෙකු බව සදහන්.මොහුව මේ අගහරුවාදා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ඉන්දීය පොලිසීය සදහන් කරනවා.
Source
hirufm
http://www.ndtv.com/article/india/m...ear-old-daughter-alive-in-his-backyard-649994
http://timesofindia.indiatimes.com/...o-bury-girl-arrested/articleshow/45926722.cms
http://www.mirror.co.uk/news/world-news/man-buried-10-year-old-daughter-alive-4993935