දියතලාව පස් කන්ද කඩා වැටීම ??
දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ බලකායේ සෙබලුන් හය දෙනෙක් අද (10) පස් කන්දකට සිය ‘ජීවිත පූජා’ කළා. මේ සිද්ධිය සුළු සිදුවීමක් නොවේ. යුද්ධය අවසන් වුවාට පස්සේ පොළොන්නරුව පැත්තේ සිදු වූ අකුණු ප්‍රහාරයකින් සොල්දාදුවන් හතර දෙනෙක් මියගිය බවක් පැවසෙනවා. නමුත් ඒක ස්වභාව ධර්මය අනුව සිදු වූ කණගාටුදායක සිද්ධියක් ඒ වගේම ඒ කණගාටුදායක සිදුවීමෙන් මියගියේ යුද හමුදාවේ සාමාන්‍ය සෙබලුන් වීම අනෙක් විශේෂත්වයයි.
නමුත් දියතලාවේ අද සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් මියගියේ ශ්‍රි ලංකාවේ යුද හමුදාවේ විශිෂ්ඨතම නිෂ්පාදනයක්. ඒ කියන්නේ යුද හමුදාවේ විශේෂ බලකායට අයත් සෙබලුන් හය දෙනෙක්. මෙම සෙබලුන් ඉංග්‍රිසි බසින් හඳුන්වන්නේ S.F. නමින්. මෙම බලකායේ සෙබලුන් අවසන් වතාවට ජීවිත පූජා කළේ 2009 මැයි මාසයේ මුලතිව් හී වෙල්ලමුල්ලවෛක්කාල් හී කොටින්ට එරෙහිව සිදු වූ අවසාන සටනේ දී බව වාර්ථා වෙයි. ඊට පස්සේ මෙම බලකායේ සෙබලුන් හය දෙනෙක් එකට දිවි පිදුවේ අදයි. අවුරුදු තුනකටත් S.F-4පස්සේ. එනම් දියතලාව යුද හමුදා කඳවුරේදී. පස් කන්දකට යට වීමෙන්.
මෙසේ දිවි පිදූ එක් සෙබලෙක් සතුව තිබෙන ප්‍රහාරක ශක්තිය සාමාන්‍ය සෙබලුන් විසිපස් දෙනෙකුට සමාන බව කියයි. ඉන් පැහැදිලි වන්නේ මෙම සෙබලුන් යුද හමුදාවට මොන තරම් වටිනා සම්පතක් ද යන්නයි. නමුත් මොවුන් අද මියගියේ යුද හමුදාවේ දියතලාව කඳවුරේ නව ගොඩනැගිල්ලකට ගෙපැලක් කපමින් සිටියදී බව වාර්ථා වෙනවා. ‘දිගුදුර විහිදුම් මෙහෙයුම්’ නමින් හඳුන්වන විශේෂ ක්‍රියාන්විත කරන්නේත් මෙම බලකායේ සෙබලුන්. ඔවුන්ට දෙන ඉලක්කය තීරණය කිරීමේ බලය ඇත්තේ යුද හමුදාපතිවරයාට බව කියයි. එසේ නම් මෙවැනි වටිනා සෙබලුන් පස් කපන්නට,ගෙපැල් කපන්නට දැම්වේ කාගේ උවමනාව පිටදැ යි යන්න ගැටළුවකි.
කොටින්ගේ හොර ගුහා සොයා ගෙන වනාන්තරවල සති,මාස ගණන් රැක සිට දැවැන්ත ප්‍රහාර එල්ල කොට කොටින් බුරුතු පිටින් මරා දැමූ මෙම සෙබලුන්ට අද යුද්ධයක් නැති බව සැබෑවකි. කරන්නට දෙයක් හමුදාව තුළ නැති තරමට සෙබලුන් ගහණය වැඩි බවත් ඇත්තකි. එහෙත් මේ තරම් වටිනා සම්පතක් පස් කපන්නට ගෙපැල් කපන්නට දැමීම එම බලකායේ ගෞරවයට ද හානියකි. මෙහි තවත් වටිනා පැත්තක් තිබේ. එනම් කිසියම් කාර්යයක් ඉටු කිරීමට යාමේ දී එහි වටපිටාව ගැන සාමාන්‍ය මිනිසුන්ට නැති ඉවක් , අවබෝධයක් සහ මනා වැටහීමක් තිබෙන මෙම සෙබලුන් තමන්ගේ හිසට ඉහලින් සිටි මාර පස් කන්ද ගැන තේරුම් නොගත්තේ ඇයිද යන්නයි.
එය තේරුම් ගත්තත් පස් කන්දටත් වඩා ඉහළින් යම් නියෝගයක් පැන වූවාදැ යි සැක කටයුතුය. මන්ද පස් කන්දකට යට වී මිය යන්නට තරම් බාල,බොළඳ මට්ටමක මෙම සොල්දාදුවන් නොසිටින බැවින් ය. කෙසේ වෙතත් මෙය යුද්ධ හමුදාවට සිදු වූ විශාල පාඩුවක් බව නොකිව මනාය. මෙවැනි සෙබලුන් කිහිප දෙනෙක් එකවර එක තැන මියයාම මේ වනවිට යුද හමුදාව තුළ ද විශාල කැළඹීමක් ඇති කර ඇතුවාට සැක නැත. මන්ද මොවුන් මිය යා යුතු වන්නේ රට ජාතිය රැක ගැනීමේ දී මිසක් , පස් කපන්නට ගොස් නොවන බැවින් ය.