දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ

    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නුවර මහා පරිමාණ දියමන්ති ව්‍යාපාරික ලාල්ජි භාහි තොන්දොන්ට ඉන්දියා රජය රුපියල් කෝටි 5400 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11772)ක දඩ නියම කළේය.

    නරේන්ද්‍ර මෝදි රජයෙන් රුපියල් 500 හා 1000 මුදල් නෝට්ටු අවලංගු කිරිමත් සමඟ එම ව්‍යාපාරිකයා ඔහු ළඟ තිබු ‘කළු සල්ලි’ රුපියල් කෝටි 6000 ක් රාජ්‍ය බැංකුවට බාර දුන් බවත් දඩය ගැසිමෙන් පසු ඉතිරි වු රුපියල් කෝටි 600 (ශ්‍රි ලංකා රුපියල් කෝටි 1543.44) ඔහුට බාර දුන් බවත් ඉන්දියා මාධ්‍ය කියයි.

    ඔහු වැනි බොහෝ ව්‍යාපාරිකයන් බදු ගෙවීම පැහැර හැරීම සඳහා ආදායම් බැංකුවල තැන්පත් නොකර යටි මඩි ගසා ඇතැයි ද මුදල් අවලංගු කිරිමෙන් පසුව එම මුදල්වලට කර කියා ගන්නට දෙයක් නොමැති ව ඔවුන් ළත වෙතැයි ද අතැමුන් සල්ලි මලු තැන තැන දමා ඇති බව ද කියති. ලොකු නොට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාව පුරා බැංකු අසල දිග පෝලිම් දක්නට ඇත.

    ව්‍යාපාරිකයන් ,තැරැව්කරුවන් ලවා මුදල් මාරු කිරිම වැළැක්වීම සඳහා ඉන්දියා රජය අවලංගු නෝට්ටු තැන්පත් කිරිමට එන පුද්ගලයන්ගේ සුළැඟිල්ලේ නොමැකෙන තීන්ත ගාන බවත් එම තීන්ත මාසයක් යන තුරු පවතින බවත් කියති. හොර ඡන්ද වැළැක්වීම සඳහා ඡන්ද කාලයේ දී මෙවැනි තීන්ත ආලේප කැරෙයි.

    ලොකු නොට්ටු අවලංගු කිරිමෙන් පසු අඩු ගණනේ 6 දෙනෙකු පමණ සිය දිවි නසා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි. බැංකුවක් අසල දී පුද්ගලයකු ගිනි තබා ගන්නට යෑමේ දී පොලිසිය එය වැළැක්වීය.

    නෝට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාවේ කඩ සාප්පුවල ගනුදෙනු බෙහෙවින් පහත බැස තිබේ. එහෙත් රෝහල් ගාස්තු, වෛද්‍ය හා සමුපකාර ගෙවීම් ආදි අත්‍යාවශ සේවා කිහිපයක ගනුදෙනු වෙනුවෙන් පරණ නෝට්ටු බාර ගත යුතු බව රජය නියම කර ඇත.

    පරණ මුදල්වලට ඇතැම් සාප්පුවලින් භාණ්ඩ මිලදී ගත හැකිය.දෙසැම්බර් 20 වැනි දා දක්වා මෙම සහනය ලැබෙන බවත් දෙසැම්බර් 30 වැනි දා වන විට එම මුදල් බැංකු වල තැන්පත් කරන බවත් ව්‍යාපාරිකයෝ කියති.

    මෝදි රජයේ මෙම මුදල් අවලංගු කිරිමෙන් දුප්පතාට තාවකාලික අපහසුවක් සිදු වී ඇතැත් රජයේ තීරණය අගය කරන බව බෙංගාලයේ හිටපු බැංකුකරුවෙක් කියයි. රජය ද අපක්ෂපාත ආර්ථික විශේෂඥයන් ද පවසනුයේ බදු නොගෙවා කට්ටි පනිමින් සිටි ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි එළියට ඇද ගැනීමට මෝදි අගමැති ගත් පියවර අගය කරන බවයි.

    ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරනු ලැබුයේ නොවැම්බර් 8 වැනි දාය. කළු සල්ලි ජාවාරම මැඩීම ත්‍රස්ත ක්‍රියා සඳහා අරමුදල් සැපයිම , හොර නෝට්ටු මුද්‍රණය වැළැක්වීමට මෙම පියවර ගත් බව ඉන්දීයා අගමැති මෝදි කියයි. 1946 දීත් මෙවැනි ක්‍රියාමාර්ගයත් ගත් බව මෝදී කියයි.
     
    • Like
    Reactions: DangerMan119

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    උඹ ළඟ දාහේ නෝට්ටු වලින් ලක්ෂයක් තියෙනවා, 1000 නෝට්ටු අවලංගු කලාම මහන්සියෙන් උපයාගත් ධනයට මොකද වෙන්නේ :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    උඹ ළඟ දාහේ නෝට්ටු වලින් ලක්ෂයක් තියෙනවා, 1000 නෝට්ටු අවලංගු කලාම මහන්සියෙන් උපයාගත් ධනයට මොකද වෙන්නේ :angry:

    ඒවා මාරු කරගන්න පුලුවන් මචං. ලක්ෂයක් මාරු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔතන ඔය කළු සල්ලි කියන්නේ බං ලොකු සල්ලිකාරයෝ ටැක්ස් නොගෙවා ගෙවල් වල අහුමුලු වල හංඟලා තියෙන සල්ලි. බැංකු වල දාන්න බෑ එතකොට ආදායම් බදු ගසනවා. ඒ නිසා මුන් හොරෙන් හංඟන් තියාගන්නවා සල්ලි. ඕක නවත්තන්න තමා රජය ඔය වැඩේ කරේ. මොකද හංඟපු සල්ලි ඔක්කොම මාරු කරන්න ගේන්න වෙනවා බැංකුවට. එතකොට ටැක්ස් ෆ්‍රෝඩ් කරපු සෙට් එකම මාට්ටු වෙනවා. උන්ට ගෙවල් වල තියාගෙන ඉන්නත් බෑ මොකද එතකොට වැඩක් නෑනේ සල්ලි වලින්. අනිවා එන්නම වෙනවා. උන් තැරව්කාරයෝ ලව්වා සල්ලි මාරු කරවයි කියලා තමා තීන්ත ගාන්නේත්. උඹ ලඟ ලක්ශයක් නෙමෙයි කෝටියක් තිබ්බත් අවුලක් නෑ ටැක්ස් ගෙවලා නීත්‍යානුකූලව ඉන්නවා නම කිසි අවුලක් නැතිව බැංකුවලින් මාරු කෙරුවැකි. :yes::yes:
     
    Last edited:

    :yes::yes::yes::yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    8.gif
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ethakota dan mn athe bankuwaka noda Rs. 1000 kola 10000k tibunot mokada wenne :sorry:
    bankuwaka dannama one nane oka tiyaganna :sorry: mage safe ekaka tiyagannat bari da ? :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ethakota dan mn athe bankuwaka noda Rs. 1000 kola 10000k tibunot mokada wenne :sorry:
    bankuwaka dannama one nane oka tiyaganna :sorry: mage safe ekaka tiyagannat bari da ? :angry:

    puluwan habai echara ganak taman gawa tiyenawa kiyala incometax ekata kiyala tax eka gewala tiya ganna one... etakota awulak na

    mage laga kotiyak tiyagena tiyenne lax 1 kiyala tax gewala
    ohoma seen ekak wela ara salli kotiyama bank ekata aran gihama tamai kela wenne
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    lankaweth oka kara ban. thawa poliyath wadi kara. naththam minissu issara salli mutti wala daala lip yata walalana seen ekak thibbe :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ට්ෆ්ස්