දියර කලමනාකරනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දියර කලමනාකරනය

    ඩෙංගු හැදුනම මුලින් වතුර එහෙම ගොඩක් බොන්ඩ කියනව නේ..
    ඊට පස්සෙ හොඳ වේගෙන එනකොට නේ, අඩුවෙන් බොන්ඩ කියන්නෙ..

    මම හරිද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒක නම් දන්නේ නැ. වතුර නම් බොන එක හොදයි..

    කොහොමද ඩෙංගු
    මීගමුව ඉවරයි..
    අන්තිමට මචං කෝප්පෙන් මැනල පැයකට මෙච්චරයි කියල ටිකයි නේද බොන්ඩ දෙන්නෙ :confused:
    පැයකට 100ml ද කොහෙද
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමද ඩෙංගු
    මීගමුව ඉවරයි..
    අන්තිමට මචං කෝප්පෙන් මැනල පැයකට මෙච්චරයි කියල ටිකයි නේද බොන්ඩ දෙන්නෙ :confused:
    පැයකට 100ml ද කොහෙද
    දන්නේ නැ බන්. පෙට්ලට් සිද්දියක් නිසාද එහෙම කරන්නේ. මම මීගමු ගියේ නැ කාලෙකින්, ඔහේ ගොඩක් තියෙනවද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දන්නේ නැ බන්. පෙට්ලට් සිද්දියක් නිසාද එහෙම කරන්නේ. මම මීගමු ගියේ නැ කාලෙකින්, ඔහේ ගොඩක් තියෙනවද?

    එන්ඩනං එපෝ පුතේ.. ආවොත් ඉවරයි
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රෝගියා සජලනය කිරීම ක්‍රමවත් අයුරුන් සිදු කල යුතු වෙනවා. වැඩ්පුර වතුර දෙන්න හොඳ නැහැ. එහෙම උනොත් රෝගියා මිය යන්න පුළුවන්. ඒවගේම අඩුවෙන් දෙන්නත් හොඳ නැහැ.

    ඩෙංගු හැදිලා රෝහල් ගත උනාම රෝහල මගින් අවශ්‍ය උපදෙස් සියල්ල ලබා දෙනවා. බොන ජල ප්‍රමාණය මැනලා දෙන්නේ. ඒවගේම පිටවන මුත්‍රා ප්‍රමාණයත් මනිනවා.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රෝගියා සජලනය කිරීම ක්‍රමවත් අයුරුන් සිදු කල යුතු වෙනවා. වැඩ්පුර වතුර දෙන්න හොඳ නැහැ. එහෙම උනොත් රෝගියා මිය යන්න පුළුවන්. ඒවගේම අඩුවෙන් දෙන්නත් හොඳ නැහැ.

    ඩෙංගු හැදිලා රෝහල් ගත උනාම රෝහල මගින් අවශ්‍ය උපදෙස් සියල්ල ලබා දෙනවා. බොන ජල ප්‍රමාණය මැනලා දෙන්නේ. ඒවගේම පිටවන මුත්‍රා ප්‍රමාණයත් මනිනවා.

    මටත් හදුනා ඕක කරා
    හරියට ගාන මතක නෑ බොන්න ඕනෙත් මැනලා මුත්‍රා කරනකොට මනින්නත් ඕනේ මට බෙහෙත් දුන්නේ එක කරලක් මතක විදිහට පැය 6න් 6 ට ඒ කරලේ ඇතුලේ සවු ඇට වගේ තිබුනා මතකයි සේලයින් නම් දුන්නා බර ගනනක්
     

    kingdewi

    Well-known member
  • දවසකට දියර 2400 ml තමයි දෙන්නේ ..මේක බොන දේවල් පැයකට 100ml ගනනේ ඉඳන් පැයකට 0ml ගණන දක්වා වෙනස් කරනවා දෙන සේලයින් හා වෙනත් IV fluid 0ml සිට 100ml වෙනකන් ගලපලා !
    ඒ කියන්නේ සාමාන්‍යයෙන් IV & Oral දෙකේම එකතුව වැඩිහිටි අයෙකුගේ 100ml වෙන්න තමයි දෙන්නේ !
    මේක වෙනස් වෙනවා විවිධ හේතු නිසා ,ඔය සාමාන්‍ය දේ !
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩෙංගු නිසා වකුගඩු අක්‍රිය වෙන්න පුලුවන්. එහෙම උනොත් හොයාගන්න තමයි මුත්‍රා මනින්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඩෙංගු නිසා වකුගඩු අක්‍රිය වෙන්න පුලුවන්. එහෙම උනොත් හොයාගන්න තමයි මුත්‍රා මනින්නෙ.

    වකුගඩු අක්‍රිය වුණොත් මුත්‍රා යන්නෙ නැතුව ඇති, එහෙමද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දවසකට දියර 2400 ml තමයි දෙන්නේ ..මේක බොන දේවල් පැයකට 100ml ගනනේ ඉඳන් පැයකට 0ml ගණන දක්වා වෙනස් කරනවා දෙන සේලයින් හා වෙනත් IV fluid 0ml සිට 100ml වෙනකන් ගලපලා !
    ඒ කියන්නේ සාමාන්‍යයෙන් IV & Oral දෙකේම එකතුව වැඩිහිටි අයෙකුගේ 100ml වෙන්න තමයි දෙන්නේ !
    මේක වෙනස් වෙනවා විවිධ හේතු නිසා ,ඔය සාමාන්‍ය දේ !

    එතකොට මචං ඔය උණක් එහෙම ගැනුනම, ඩෙංගු හැදුණ අලුතම වගේ වතුර වැඩිපුර බොන්ඩ කියන කතාව මොකක්ද ?
    hematocrit (hct) :rolleyes:

    ප්ලේට්ලට් අඩු වෙන්ඩ හේතුව මොකකක්ද ?
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ඩෙංගු රෝගය

    ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි . (DEN 1, DEN 2 , DEN 3, DEN 4)
    ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්වයක් ඇතිවිය හැක. ඩෙංගු රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත තත්වය වන අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගී තත්වයන් ඉතා කලාතුරකින් ඇතිවේ. (< 1%)
    ඩෙංගු උණ
    ඩෙංගු උණ රෝගයෙදී එක්වර ඇතිවන තද උණ, අධික හිසරදය හා ඇස පිටුපස වේදනාව, හන්දිවල හා පේශිවල වේදනාව බොහෝ දුරට ඇතිවන අතර සමහර රෝගීන්ට රතු පැහැති විහිදුන ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්වයන් ( විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන්)
    ඩෙංගු රක්තපාත උණ
    ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තීව්ර රෝගී තත්වයක් වන අතර ඉතා කුඩා සංඛාවක් රෝගීන් හට මෙම තත්වය ඇතිවේ. ඩෙංගු රක්තපාත උණ රෝගයේදී බොහෝ විට පැහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි අවධි 3ක් ඇති අතර ඒවා නම් උණ සහිත අවදිය (මෙම අවදියේදී දින 7කට අඩුවෙන් පවතින තද උණ සහිත කාලයක් ද), අවදානම් අවදිය (අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ තරලය කාන්දු වීම පටන් ගැනීමත් සමග සහ සාමාන්‍යයෙන් උණ බැස යනවත් සමගය) මෙම තත්වය දින 1-2 අතර කාලයක් පවතින අතර කලින් හඳුනා ගෙන අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියා කම්පන තත්වයට පවා පත් විය හැක. සුවවන අවදිය, දින 2-5 ත් අතර කාලයක් පවතින අතර මේ කාලයේදී රෝගියාගේ කෑම රුචිය වර්ධනය වේ, හෳද ස්පන්ධනය අඩුවේ. සුවවන අවස්ථාවට විශේෂිත වූ ලප (රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප) බොහෝ විට ශරීරය පුරා කැසීමක්ද සමග දක්නට ලැබේ. (අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් ඇත). මුත්‍ර වැඩිවශයෙන් පහ වීමක්ද මේ අවස්ථාවේ සිදු විය හැක.
    රෝගියා පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් (විශේෂයෙන්ම උණ බැස යන අවස්ථාවේ) අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
    නොනවත්වා වමනය කිරීම
    බඩේ කැක්කුම
    තද පිපාසය
    අධික නිදිමතබව හා සිහිමද ගතිය
    ආහාර ප්‍රතික්ෂේප කිරීම
    අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම
    රෝගියා පහත සඳන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය
    අත් පා සුදුමැලි හා සීතල බව
    නොසන්සුන්බව හා කලබලකාරී බව
    සමේ පැහැය වෙනස් වීම
    මුත්‍ර පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම
    හැසිරීමේ වෙනස් කම් - සිහිමද ගතිය/ අසභ්‍ය වචන භාවිතය

    ඩෙංගු රෝග තත්වය කලින් හඳුනා ගැනීම

    ඩෙංගු රෝගය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දීම මගින් ඩෙංගු රෝගයේ සංකුලතා හා අසාධ්‍ය භාවය අවම කල හැක.
    ලංකාවේ දැනට පවතින ඩෙංගු අධි ජානපදික තත්වය යටතේ උණත් සමග පහත සඳහන් රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් ඩෙංගු රෝගයෙන් (ඩෙංගු උණ /ඩෙංගු රක්තපාත උණ) පෙලෙන බවට සැක කර අවශ්‍ය අවධානය යෙද වීම අත්‍යවශ්‍ය වේ.
    තද හිසරදය, ඇස්යට වේදනාව, අස්ථි හා මාංශ පේශිවල වේදනාව, ශරීරයේ මතුවන පලු (විහිදුන ස්වභාවයේ රත් පැහැති ලප), සුළු ලේ ගැලීම් තත්වයන් ( සම මතුපිට හා රුධිර මාපක පරීක්ෂණය මගින් පෙන්නුම් කල හැකි පරිදි), සුදු රුධිරානු අඩු වීම (<5000/mm3), රුධිර පට්ටිකා ≤150,000/mm3 , රුධිරයේ ඝන භාවය වැඩිවීම (5 – 10%)
    සමහර අවස්ථාවන්වලදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අසාදනය වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව සහ මළ බද්ධය, පාචනය, වමනය සහ කඩින් කඩ ඇතිවන බඩේ වේදනාව වැනි ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව ඩෙංගු රෝගීන් රෝහල් කරා පැමිණිය හැක.
    තද උණ සහිත රෝගියකුගේ මුහුණ සහ අත් පා ප්‍රදේශ රත් පැහැ විහිදුන පලු සහිත ස්වභාවයකින් යුක්ත වීම, සුදු රුධිරානු ප්‍රමාණය අඩු වීම (<5000 /mm3), රුධිර මාපක පරීක්ෂණය අනුව රුධිර ගැලීමේ හැකියාව වැඩි වීමක් පෙන්නුම් කිරීම (රුධිර පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය මට්ටමක පැවතියද) උණ සැදීමට වෙනත් හේතුවක් නොමැති අවස්ථාවන්හිදී රෝගියා ඩෙංගු රෝගයෙන් පෙලෙන බවට බොහෝ දුරට නිවැරදි රෝග විනිශ්ෂයකට පැමිණිය හැක.
    කම්පන තත්වයෙන් පැමිණෙන රෝගියෙක් විශේෂයෙන්ම උණ රහිතව, අත් පා සීතලව, හෳද ස්පන්දනය වේගවත් ව දුර්වල නාඩි වැටීමක් සහ අඩු රුධිර පීඩනයක් සහිත නම් ඩෙංගු කම්පන තත්වය බවට සැක කල යුතුය.
    NS 1 ප්‍රතිදේහය ඩෙංගු අසාදිත රෝගියකු තුල උණ අවස්ථාවේ මුල් කාලයේදී රුධිර පරීක්ෂණයක් තුලින් සොයා ගත හැකි නවීන රසායනික පරීක්ෂණයක් වන අතර ඒ තුලින් රෝගියාට ඩෙංගු වැළදී ඇති බව පමණක් සොයාගත හැක. එනමුත් රෝගියාට වලදී ඇත්තේ ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත උණ දැයි වෙන් කර හඳුනාගැනීමට මෙම පරීක්ෂණයෙන් අවකාශ නොලැබේ. මේ හේතුව නිසා ඩෙංගු රෝගය බවට මුල් අවස්ථාවේ සැක සහිත අවස්ථාවන් වලදී පමණක් මෙම පරීක්ෂණය සිදු කිරීම ප්‍රයෝජනවත් විය හැක.

    සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් කිරීමේ වැදගත්කම
    උණ වැළදී තෙවන දිනයේදී සියළුම රෝගීන් හට සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍යවේ
    සමහර විශේෂිත රෝගීන් සඳහා පළමු දිනයේම හෝ, පළමුවරට ප්‍රතිකාර සඳහා පැමිණි අවස්ථාවේම රුධිර පරීක්ෂණයක් සිදු කල යුතුය. (ගර්භනී කාන්තාවන්, අවුරුද්දට අඩු ළදරුවන්, මහලු පුද්ගලයන් සහ වෙනත් කල්පවතින රෝග තත්වයන් ඇති පුද්ගලයන්)
    රුධිර පට්ටිකා ප්‍රමාණය ≥150,000/ mm3 නම් තෙවන දිනයේ සිට දිනපතා සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යවේ
    රුධිර පට්ටිකා ප්‍රමාණය ≤150,000/ mm3 නම් දිනකට දෙවරක් සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යවේ (රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය රදා පවතින්නේ, රෝගියාගේ සායනික තත්වය, අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හා අනෙකුත් සමාජීය අවශ්‍යතා මතය)
    රුධිර පට්ටිකා ප්‍රමාණය ≤100,000/ mm3 වන අවස්ථාවල් වලදී රෝගියා රෝහලකට ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ.

    නේවාසික රෝගීන්
    උණ වැළදී තෙවන දිනයේදී හෝ එයට ප්‍රථම රෝහල් ගතවන රෝගීන් සඳහා බාහිර රෝගී අංශයේදී කලයුතු ආකාරයටම (ඉහත විස්තර කරන ලද පරිදි) රුධිර පරීක්ෂණ සිදු කල යුතුය. ප්‍රතිකාර කරන වෛද්‍යවරයා නියම කලහොත් ඊට වඩා වැඩි වර සංඛ්‍යාවක් රුධිර පරීක්ෂණ සිදු කිරීමට සිදුවේ
    බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා විශේෂ උපදෙස්
    පළමුවරට රෝගියා හමුවන වෛද්‍යවරයා රෝගියාගේ මුඛයෙන් අවශ්‍ය ප්‍රමාණයට දියර ලබාගන්න බව තහවුරු කල යුතුය.
    වැඩිහිටි රෝගියෙක් හට පැය 24 ක් තුල මි ලි 2500 ක පමණ දියර ප්‍රමාණයක් උණ අවදියේදී ලබා ගත යුතුය. (රෝගියා රෝහලකට ඇතුළු වීමට පෙර) රෝගියාගේ ශරීර ස්කන්ධය කි ග්‍රෑම් 50 ට වඩා අඩු අවස්ථාවන්හිදී දියර ලබා දිය යුත්තේ පැය 24 තුල 50 මිලි / කි ග්‍රෑම් ලෙස හෝ පැයට 2 මිලි / කි ග්‍රෑම් වශයෙනි.
    කුඩා දරුවන්ගේ දෛනික දියර අවශ්‍යතාවය පහත සඳහන් පරිදි ගණනය කල යුතුය
    දෛනික අවශ්‍යතාවය = 100 මිලි / කි ග්‍රෑම් / පළමු කිලෝ ග්‍රෑම් 10 සඳහා
    = + 50 මිලි /කි ග්‍රෑම් / ඊළඟ කිලෝ ග්‍රෑම් 10 සඳහා
    = + 20 මිලි / ඉතුරු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය සඳහා
    උණ වැළදී දින 3 කදී හෝ ඊට පසුව රෝගියා තුල පහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස රෝගියා / දෙමාපියන් දැනුවත් කල යුතුය.
    උණ බැස ගියද රෝගියාගේ සායනික ලක්ෂණ වල පිරිහීමක් ඇති වීම
    මුඛයෙන් දියර ගැනීම අපහසු වීම
    උදරයේ ඇතිවන තද වේදනාව
    සීතල හා අප්‍රාණික අත් පා
    අප්‍රාණික බව/ නොසන්සුන්බව/ නුරුස්නා භාවය
    අක්‍රමවත්ව සිදුවන ඔසප් රුධිර වහනය හෝ ඔසප් සමග සිදුවන අධික රුධිර වහනය වැනි ලේ ගැලීමේ වැඩි අවදානම් තත්වයක්
    පැය 6 කට වඩා වැඩි කාලයක් මුත්‍ර පිට නොවීම
    ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන් කර හඳුනා ගැනීම
    උණ වැළදී තෙවන දිනයට පසු ඩෙංගු රක්තපාත උණ වැළදුන රෝගීන් ප්ලාස්මා තරලය කාන්දු වීම වැනි සංකුලතා වලට බඳුන් වීමේ අවදානමක් ඇති නිසා ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගීන් වෙන් කර හඳුනාගැනීම ඉතා වැදගත් වේ. ඩෙංගු රක්තපාත තත්වය බොහෝ විට දකින්නට ලැබෙන්නේ උණ බැස යනවත් සමගය.
    උණ නොමැතිව හෳද ස්පන්දනයේ වේගවත් බවක් හෝ උණ ට අනුපාතික නොවන පරිදි වේගවත්
    හෳද ස්පන්දනයක් බොහෝවිට ඇතිවිය හැක. හෳද සන්කුචන පීඩනය හා විස්ථාර පීඩනය අතර වෙනස පටු වීම (40 mmHg සිට 30 mm Hg) මගින් තරලය කාන්දු වීම පටන් ගැනීම පිලිබඳ ඉඟියක් ලබා දෙන අතර මේ අවස්ථාවේදී රෝගියා රෝහල් ගත කිරීම අත්‍යවශ්‍ය වේ. මේ අවස්ථාවේදී සිදු කරන පරීක්ෂණ මගින් ක්‍රම ක්‍රමයෙන් රුධිරය ඝන වීමක් පෙන්නුම් කරන අතර මෙමගින් රෝගියා අවදානම් අවදියට පැමිණ ඇති බව හඳුනාගත හැක.
    කෙසේ වෙතත් අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍රයක ආධාරයෙන් උර කුහරය හා උදර කුහරය තුලට ක්‍රම ක්‍රමයෙන් ප්ලාස්මා තරලය එකතුවන බව පෙන්වීම අවදානම් අවධියට රෝගියා පත්ව ඇති බවට වඩාත් විද්‍යාත්මක සාක්ෂියක් වේ.

    රෝගියා රෝහල් ගත කිරීම
    රෝගියාගේ සායනික රෝග ලක්ෂණ අනුව බොහෝ විට රෝගියා රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ. එහෙත් පහත සඳහන් ලක්ෂණ ඇති රෝගීන් රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ.
    රුධිර පට්ටිකා ප්‍රමාණය <100,000/mm3
    උණ/ රෝගය වැළදී තෙවන දින හෝ එයට ප්‍රථම පහත සඳහන් අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්
    උදරයේ ඇතිවන තද වේදනාකාරී තත්වය
    නොකඩවා පවතින වමනය
    ශ්ලේෂ්මල පටල වලින් සිදුවන ලේ ගැලීමේ තත්වයන් (මුඛයෙන්, නාසයෙන් ලේ ගැලීම)
    අලසබව හෝ නොසන්සුන් බව
    අක්මාව විශාල වීම (සෙමි 2කට වඩා)
    රුධිර ඝන වීම හා සීග්‍රයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය පහත බැසීම
    ප්ලාස්මා තරලය කාන්දු වීම පෙන්නුම් කරන සායනික ලක්ෂණ: උරස් හා උදර කුහරයේ ප්ලාස්මාව කාන්දුවීම ( තරමක් ප්‍රමාද වී දක්නට ලැබෙන තත්වයකි)

    ඉහත සඳහන් රෝග ලක්ෂණ නොමැති නමුත් රෝහල් ගත කලයුතු වෙනත් රෝගීන්
    ගර්භනී කාන්තාවන් - උණ / රෝගය වැළදී 2 වන දිනයේදී රෝහල් ගත කර සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් දිනපතා සිදු කල යුතුය
    වයෝවෘද රෝගීන් / ළදරුවන්
    ස්ථුල බව සහිත රෝගීන්
    වෙනත් කල් පවතින රෝග සහිත රෝගීන් (දියවැඩියාව, දිගු කාලීන වකුගඩු රෝගීන්, හෳද රෝගීන්, තැලසිමියාව වැනි රුධිර ආශ්‍රිත රෝගීන්, සහ වෙනත් ප්‍රධාන දිගු කාලින රෝග තත්වයන්)
    සමාජයීය තත්වයන් මත විශේෂ අවධානය යොමු කල යුතු රෝගීන් උදා: තනියම වාසය කරන රැක බලා ගැනීමට කිසිවෙක් නොමැති රෝගීන්,
    පදිංචි ස්ථානයට ආසන්නව සෞඛ්‍ය පහසුකම් නොමැති හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා යාමට ප්‍රවාහන පහසුකම් නොමැති රෝගීන්
    පැය 48 ක කාලයක් සායනික වශයෙන් ස්ථාවර හා උණ නොමැති රෝගීන් ඩෙංගු රෝගයෙන් සුවවන අවදියට පත්ව ඇති බවට නිගමනය කල හැක.
    රෝගීන් සඳහා උපදෙස්
    උණ දින දෙකකට වඩා පවති නම් ළඟම රෝහලෙන් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගේ උපදෙස් ලබා ගැනීම
    උණ වැළදී තෙවන දිනයේ දී සම්පුර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම (වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත)
    රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසා වත් වෙහෙස කර භාවයට පත් නොකිරීම
    වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම, මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදී ද්‍රව්‍ය වේ. වතුර පමණක් පානය කිරීම සුදුසු නොවේ
    රෝගියාට ආහාර රුචිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝණ ආහාර ලබා දිය යුතුය, එසේ නමුත් රතු, දුඹුරු පැහැති ආහාර (බීට් රූට්, චොකලට්, රතු පැහැති පැණි බීම වර්ග සහ ආහාර වර්ග) ලබා දීමෙන් වැළකිය යුතුය. මෙය මල පහ සමග රුධිරය යෑමේ අවස්ථාවන් හඳුනා ගැනීමට බාධාවක් වේ.
    වෛද්‍ය උපදෙස් අනුව උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත හැක

    http://www.dengue.health.gov.lk/
     
    • Like
    Reactions: AnuradhaRa