දියර කිරි හා ශ්‍රී ලාංකීය කිරිපිටි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    සුවපති නොදැකපු සෞඛ්‍ය අමාත්‍යාංශය
    කිරිපිටි සම්බන්ධයෙන් නිකුත්කල පෝස්ටරය

    52872273_402574623829721_625638016173473792_n.jpg

    Ahha. ......ගාණ ගත්තා නම හරියට කරපන් සුවපති- ඇන්කර් බොසා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    1. කිරි අත්‍යවශ්‍ය ආහාරයක්ද

    කිරි යනු ක්ෂීරපායී සතුන්ට ළදරු වියේදී තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සැකසී ඇති ආහාරයකි. වැඩිහිටි වියේදීත් කිරි බොන සහ අනෙක් සතුන්ගේ කිරි බොන ලොව එකම සතා මිනිසා පමණි. මේ අනුව කිරි යනු කිසිසේත්ම මිනිසාට අත්‍යාවශ්‍ය ආහාරයක් නොවන අතර එයින් ලැබෙන සියලු පෝෂක වෙනත් ආහාර මගින් මිනිසාට ලබා ගත හැකිය.

    2. එහෙනම් කිරි බොන්නේ මොකටද?

    කිරි වනාහී ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ හමුවන ආහාරයකි. කිරි ඇසුරෙන් සකස් කරගන්නා වෙනත් ආහාර වර්ග සිය ගණනක් තිබේ. ජීව විද්‍යාත්මකව අත්‍යවශ්‍ය ආහාරයක් නොවුණද කිරි යනු මිනිසාට ඉතා පහසුවෙන් සපයා ගත හැකි ආහාරයකි. මිනිසා හුදු ස්වාභාවික සත්ත්වයකු නොව සංස්කෘතික සත්ත්වයෙකි. ඔහුගේ ආහාර රටාවද ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගොඩනැංවීමකි. කිරි මිනිසාගේ ආහාර විවිධත්වය වැඩි කරගත හැකි විකල්පයක්ද වෙයි. ආහාර විවිධත්වය වැඩිවීම ආහාර සුරක්ෂිතතාවයේද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේම ආහාරයේ ගුණයට පමණක් නොව රසය හා විවිධත්වය කෙරේද මිනිසා සංවේදී වෙයි. මේ අනුව කිරි නැතිව මිනිසාට නොමැරී ජීවත් විය හැකි බව ඇත්තක් වුවද කිරිපිටි හෝ වෙනත් ස්වරූප ඔස්සේ කිරි පරිභෝජනය කිරීමේ කිසිදු වරදක් ඇත්තේ නැත.

    3. කිරිපිටි නොබී හිටියොත් මොකද වෙන්නේ?

    කිරිපිටි වනාහී කිරි පරිභෝජනය කළ හැකි එක් ස්වරූපයක් පමණි. කිරි මඟින් සකසා ගන්නා ආහාර වර්ග මෙන්ම කිරි පරිභෝජනය කළ හැකි ආකාරද ගණනාවක් තිබේ. කිරිපිටිවල කිසිදු විශේෂ වැදගත්කමක් නැති අතර ශ්‍රී ලංකාවට කිරිපිටි අපනයනය කරන නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව වැනි රටවල මිනිස්සුවත් කිරිපිටි පානය නොකරති. බොහෝ යුරෝපා රටවල මෙන්ම දියුණු ආසියාතික රටවල තත්ත්වයද එසේමය. ඔවුහු දියර කිරි හෝ කිරි ආශ්‍රිත වෙනත් ආහාර පරිභෝජනය කළද කිරිපිටි කිසිසේත්ම වැදගත් ආහාරයක් ලෙස නොසලකති. එසේ වුවද ලංකාවේ මෝඩයන් බොහෝ දෙනා කිරිපිටි යනු ඔක්සිජන් වායුවටත් වඩා මිනිසාට නැතිවම බැරි දෙයක් ලෙස සලකති. දරුවෙක් සිටින ගෙදරක නම් කිරිපිටි පැකට් එකක් ගන්නවත් සල්ලි නෑ වැනි කතා නිතර ඇසෙයි. මේ සටහන ලියන මා කිරිපිටි බීම නවතා වසර පහළවකට වැඩිය. මගේ සිව් හැවිරිදි දියණියට කිසිදා රට කිරිපිටි උගුරක්වත් පොවා නැති අතර කිරි ආහාර පමණක් ලබා දී තිබේ. ඇගේ සෞඛ්‍යයට අද දක්වා මේ ඊනියා පානය නොබීමෙන් සිදුවූ කිසිදු හානියක් නම් නැත. නවසීලන්තයේ මිනිස්සු ඒ බව අපට වඩා හොඳින් දන්නේ ඔවුන් කිරිපිටි නොබී යහතින් ජීවත් වන බැවිනි.

    4. අපි මේ තරම් කිරිපිටිවලට ඇබ්බැහි වුණේ කොහොමද?

    සමාගම් විසින් අප වැනි රටවලට කිරිපිටි හඳුන්වා දී ඇත්තේ, එය මහා බලසම්පන්න මැජික් අරිෂ්ඨයක් ලෙස හුවා දක්වමිනි. ඔවුන් තමනුත් නොබොන මේ මුග්ධ පානය ගැන බොරු කන්දරාවක් ලංකාව වැනි රටවල පතුරුවා හැර තිබේ. මොළේ වැඩෙන්නට එක කිරි වර්ගයකි. අස්ථි වැඩෙන්නට තව එකකි. ගැබිනි මවුවරුන්ට තව එකකි. හතලිහ පැනපු අයට තවත් එකකි. ආච්චිගේ කොන්ද කැඩීම වැලැක්වීමට තවත් එකකි. එක් එක් වයස්වල ළදරුවන්ට එක් එක් ලේබල් සහිතව එන කිරිපිටි වර්ග හැටහුටහමාරකි. මේ ඉලව් පානය බීමෙන් ගුණ නැණ බෙල සහිත විස්මකර්ම දරුවන් බිහිවන බව ඔවුහු අපට පුන පුනා පවසති. මේ බොරු සමාජගත කිරීම සඳහා වෙළෙඳ ප්‍රචාරණයට අමතරව තව තක්කඩි වැඩ රාශියක් ඔවුහු සිදු කරති. ඒවාට රැවටෙන ලාංකේය ගවයෝ කිරිපිටි නොමැතිව ජීවත් විය නොහැකි යැයි සිතා සිටිති.

    5. රට කිරිපිටිවල වස විස ඇති කතාව ඇත්තක්ද?

    ආනයනික කිරිපිටිවල ගුණාත්මක බව පිළිබඳ අවස්ථා ගණනාවකදී ලෝකයේ විවිධ රටවල, විවිධ ප්‍රශ්න මතුවී තිබේ. ඇතැම් අවස්ථාවල අධිකරණය ඉදිරියේ පවා වැරදි කරුවන් වීමට, ප්‍රසිද්ධියේ තම වැරදි පිළිගැනීමට ෆොන්ටෙරා වැනි සමාගම්වලට සිදුව තිබේ. කිරිපිටිවල පෝෂක කොටස් ඉවත් කර ඒ වෙනුවට බාල ආදේශක ඇතුළත් කරන බව නොයෙක් පර්යේෂණවලින් තහවුරු වී තිබේ. කිරි මූලික වශයෙන් සමන්විත වනුයේ කාබෝහයිට්රේට් (4.5%) ප්‍රෝටීන් (3.5%) මේදය (3.4%) විටමින් හා ඛනිජ ලවණ (0.7%) යන පෝෂකවලිනි. මේ බොහෝ පෝෂක කිරිවලින් ඉවත් කොට වෙනත් නිෂ්පාදන සඳහා යොදාගන්නා අතර ඒ හිස්තැන පුරවනු ලබන්නේ වෙනත් බාල ආදේශක එකතු කිරීමෙනි. මෙලමයින් යනු කිරිවල ඇති ප්‍රෝටීන කොටස් ඉවත් කර ඒ වෙනුවට යොදන නයිට්‍රජන් සහිත සංයෝගයකි. ෆාම් ඔයිල් යනු කිරිපිටිවල මේදය ඉවත් කොට ඒ වෙනුවට මුසු කරන ද්‍රව්‍යයකි. කිරිවල ඇති කාබෝහයිට්රේටද එසේ කෘතිමව එක්කාසු කළ හැකිය. මීට පෙර කිරිවල තිබී හමුවූ බව කියන ඩී. සී. ඩී. හෙවත් ඩයිසයිනමයිඞ් යනු තණබිම්වලට යොදන රසායනික ද්‍රව්‍යයකි. ක්ලොස්ටි්‍රඩියුම් බොටුලිනම් වැනි බැක්ටීරියා කිරිවලට මුසුව තිබුණේ නිෂ්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු හේතුවෙනි. මේ සියල්ල කරුණු සහිතව තහවුරු වී තිබියදී තවදුරටත් කිරි වැදගත් ආහාරයක් ලෙස සැලකිය හැක්කේ කාටද? නවසීලන්තය ලෝකයේ වැඩිපුරම ෆාම් ඔයිල් හා ලැක්ටෝස් ආනයනය කරන රට බව ඔවුන්ගේ වාර්තාවලින්ම හෙළිවන අතර ඒවා ගෙන්වන්නේ බාල කිරිපිටි සකසා අප වැනි රටවල හරකුන්ට පෙවීමට මිස පපඩම් බැඳීමට නොවේ. මේවා ඇත්ත වුවද බොරු වුවද රට කිරිපිටිවල ඇති එකම ප්‍රශ්නය වස විස තිබීමද නොවේ. වස විස තිබුණද නැති වුවද කිරිපිටි යනු අපේ ආර්ථිකයම බෙලහීන කරවන මහා වසංගතයකි. ඒ නිසා වස විස තිබුණද නැතිවුවද ලංකාවට කිරිපිටි ආනයනය කිරීම වහාම සීමා කළ යුත්තකි.

    6. කිරිපිටි අපේ ආර්ථිකය ලෙඩ කරන්නේ කොහොමද?

    කිරි ආහාර ආනයනය සඳහා ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර පමණ මුදලක් වැය කරයි. එය රුපියල්වලින් නම් කෝටි 3000කට වැඩිය. (රූප සටහන බලන්න) මේ මුදලින් 90%ක් පමණ වැයවන්නේ කිරිපිටි සඳහාය. හම්බන්තොට වරායේ පළමු අදියර වැඩ නිම කිරීම සඳහා වැයවූ මුදල ඇ. ඩො. මිලියන 361කි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා වැයවූ මුදල ඇ.ඩො. මිලියන 292කි. මේ ඉලව් කිරිපිටි සෙල්ලමක් නිසා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල් කන්දරාව කෙතරම්දැයි මේ අනුව සිතාගැනීම අසීරු නැත. රටේ මුදල් පිටතට ඇදී යාමට අමතරව එය රටේ ධන උත්පාදනය දුබල කරයි. දේශීය කිරි ගොවියා, කර්මාන්තකරුවා, නිෂ්පාදකයා, නන්නත්තාර කර දමයි. අපට වසර පුරා නොමිලේ ලැබෙන අව්ව, වැස්ස සහ තණකොළවලින් පහසුවෙන් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ අපට අහිමි කරයි. දේශීය කිරි කර්මාන්තයට එරෙහි ප්‍රධාන සතුරා ආනයනික කිරිපිටිය. වර්ෂයකට කිරි ආහාර ආනයනය සඳහා වැයවන මුදලින් දහයෙන් පංගුවක් යෙදවිය හැකි නම් දේශීය කිරි කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇති කිරීම ලේසියෙන් කළ හැක්කකි. රට කිරිපිටි සමාගම්වලට බදු සහන ලබාදීම නිසා වාර්ෂිකව රජයට අහිමි වන මුදලින් ලංකාවේ කිරි කර්මාන්ත ශාලා එකක් නොව කීපයක් ඇති කළ හැකිය. නැත්තේ ඊට වැඩපිළිවෙළක් දැක්මක් ඇති නායකයන් පමණි.

    7. අපේ කිරි අපිටම හදාගන්න පුළුවන්ද?

    නිසි වැඩපිළිවෙලක් තිබේ නම් ලංකාව වසර කීපයක් තුළ කිරිවලින් ස්වයංපෝෂිත කිරීම කළ හැක්කකි. එය කටට එනවාට කියන කතාවක් නොව ඔප්පු කර පෙන්වා දී තිබෙන්නකි.
    පසුගිය දශකයක පමණ කාලය තුළ දේශීය ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු පිරිස් මේ ප්‍රශ්නය සම්බන්ධව විශාල මැදිහත් වීමක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, 2007 දී ජාතික අවශ්‍යතාවෙන් 22%ක් ලෙස පැවති දේශීය කිරි නිෂ්පාදනය 2017 වන විට 42% දක්වා ඉහළ නැඟ තිබේ. වසර දහයක් තුළ ලංකාව කිරි නිෂ්පාදනයේ එවැනි වර්ධනයක් අත් කරගත්තේ හොඳ වැඩපිළිවෙළක් යටතේ නොව ඊට එරෙහි දහසක් අලකලංචි මධ්‍යයේ බව අමතක නොකළ යුත්තකි. ඒ සියල්ල මැද පවා මේ කාලය තුළ රටේ කිරි නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ ගිය අතර, ඊට සාපේක්ෂව කිරි ආනයනය සැලකිය යුතු තරමකින් පහත වැටිණි. ඒ වර්ධනයට ප්‍රධාන බාධකය එල්ල වීම ජනවාරි අට විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් වූ අතර 2015 ජනවාරි මස රට භාරගත් මහා මොළයානන් වහන්සේගේ බදු ප්‍රතිපත්තිය ඊට මැනවින් හේතුවූ ආකාරය වෙනම ලිපියක් ඔස්සේ පෙන්වා දිය හැක්කකි. ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු විශාල වශයෙන් අඩු කරමින් සමාගම්වලට සහන සැලසීමේ ප්‍රතිපත්තිය මත එතැන් සිට දේශීය කිරි ගොවියාත්, ආහාර නිෂ්පාදකයාත්, නන්න්ත්තාර වූ අතර, කිරි පාරේ හලමින් උද්ඝෝෂණ කිරීමට ගොවීන්ට සිදුවූයේ ඒ අනුවය.

    8. කතාව කෙටියෙන්ම මෙච්චරයි.

    දැන් මේ කරුණු සියල්ල සාරාංශ කරමු. ඒ අනුව කිරිපිටි අපට කිසිසේත්ම අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ. ආනයනික කිරිපිටි අහිතකර ලෙස නිෂ්පාදනය කරන බව ඔප්පු වී තිබේ. වස විස තිබුණද නැතිවුවද කිරිපිටි ආනයනය කිරීම රටේ ආර්ථිකයට විශාල හානියකි. කිරි ඕනෑම ආකාරයකට පරිභෝජනය කළ හැකි වන අතර කිරිපිටි නැතිව ජීවත් විය නොහැකි බව සිතන අය සිටී නම් ඔවුන් ඇතුළු අප සියලු දෙනාට අවශ්‍ය කිරි අපට දේශීයව නිපදවා ගත හැකිය. අපි දැනටත් සියලු අලකලංචි මැද ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%කට වැඩි ප්‍රමාණයක් නිපදවා ගැනීමට සමත්ව ඇති අතර හොඳ වැඩපිළිවෙළක් යටතේ මෙය සීයට සීය දක්වා ළඟා කරගැනීම සිහිනයක් නොවේ. කිරිපිටි ආනයනය සම්පූර්ණ නතර කළ නොහැකි වුවත් එය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම හෝ හැකි දෙයක් බව හෝ මේ අනුව පිළිගැනීමට සිදුවෙයි. එය තවමත් එය පිළිගත නොහැක්කේ තවමත් කිරිපිටි බොන ලංකාවේ හරකුන්ට සහ ඔවුන් විසින් පත්කරගන්නා දේශපාලඥයන්ට පමණි.

    52482048_10210600742535116_5942131457819410432_n.jpg

    lankaleadnews.com
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කිරිවලින් හදන ආහාර ගණනාවක්‌ තියනවානේ. කිරිවල තිබෙන යහගුණය වෙන් කරල අරගෙන වෙනත් ආහාර හදනවා. චීස්‌ හදනවා, බටර් හදනවා. තවත් ආහාර ගණනාවක්‌ හදනවා. අන්න ඒ විදියට වෙන් වෙන් වශයෙන් කිරිවල තිබෙන ප්‍රොaටීනය, මේදය, විටමින්, ඛනිජ ආදී කොටස්‌ වෙන් වෙන් වශයෙන් රැගෙන වෙනත් දේවල් හදන අතරේ අන්තිමටම ඉතිරි වන කොටසෙත් ජලය ඉවත් කරල ක්‍රීම් එකක්‌ බවට පත් කරලා තවත් ක්‍රියාදාමයකට හසු කරලා ලබාගන්නා අවසන් ප්‍රතිඵලය තමයි, මේ කිරිපිටි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කිරිවලින් හදන වෙනත් ආහාරයක්‌ විතරයි. මම දන්න විදියට, ලොව දියුණු කිරි නිෂ්පාදනයක්‌ ඇති රටවල අනිත් යහගුණයන් ඉවත් කරලා වෙනත් ආහාර හදන ගමන් ඉතිරි වන කොටසින් කිරිපිටි හදන්නේත් තව වෙනත් රසවත් ආහාර ද්‍රව්‍යවලට ගන්න අමුද්‍රව්‍යයක්‌ හැටියටයි. උදාහරණ වශයෙන් චොක්‌ලට්‌ හදන කොට බිස්‌කට්‌ වර්ග හදනකොට කේක්‌ වර්ග හදනකොට ඒවාට අමුද්‍රව්‍යයක්‌ හැටියට කිරිපිටි ගන්න බව මම හො¹කාරවම දන්නවා.

    අන්න ඒක නිසා දියුණු රටවල සුපර් මාර්කට්‌වල බොන කන ආහාර පාන තියන කිසිම තැනක මේ කිරිපිටි තියන්නේ නැහැ. එයාලා කිරිපිටි තියන්නේම කෑම හදන්න ගන්න අමුද්‍රව්‍ය තියන තැන්වලයි.

    අනිත් එක කිරිවල තියන යහ ගුණය එලෙසම තියන පිටි වර්ග ලොව හදනවා. ඒවා ඉතාම ගණන්. ළදරුවන්ට විශේෂ තත්ත්වයේ, රෝගීන්ට ලබාදෙන හයි ප්‍රොaටීන් පිටි වර්ග ලෙසයි, මේවා ගැනෙන්නේ. ඒක විශේෂ තත්ත්වයක්‌.

    නමුත් ඒ විදියට, ඔය කිරිපිටි ප්‍රචාරණ දැන්වීම්වල කියන විදියට සියලු යහගුණ සහිතව හදල ලංකාවට ගෙනල්ලා විශාල ප්‍රචාරණ වියදමකුත් දරලා ලාභයකුත් තියාගෙන මෙයාලා කොහොමද කිරිපිටි මේ දැන් තිබෙන මුදලට විකුණන්නේ. ඔතන ලොකු ප්‍රශ්නයක්‌ අපට තියනවා. මොකද මම දන්න විදියට පිටරටවල, එළකිරි අරගෙන සියලු ප්‍රොaටීන්, සියලු මේදය හා විටමින් ඉන් ඉවත් කරලා ලැබෙන අන්aතිම රොඩ්ඩෙන් හදන කිරිපිටි පවා එහේ අපේ කිරිපිටි පැකට්‌ එකකට වඩා මිලයි. එහෙම නම් කොහොමද වෙළෙන්දොa මේ කිරිපිටි ලංකාවට ගෙනල්ලා ප්‍රචාරය ලොකුවට කරල ලාභ තියාගෙන විකුණන්නේ. ඔතන ලොකු රහසක්‌ තියෙන්න බැරි නැහැ.

    කිරිපිටි හදන ක්‍රමවේදය ගත්තම එහි එක පියවරක්‌ හැටියට මේදය ඉවත් කළ යුතුමයි. කිරිපිටිවල තිබෙන මේදය ලොව තිබෙන මිල අධිකම මේදයක්‌. එය වෙනම විකුණන්න පුළුවන් බටර් වර්ගවලට යොදාගන්න.

    මේදය ඉවත් කරලා වෙනත් පෝෂණ ද්‍රව්‍යයත් ඉවත් කරගෙන හදන අවසන් ආහාර ප්‍රතිඵලය කිරිපිටිනේ. ඉතින් ඒකට මේදය අවශ්‍ය නම් එය එකතු කරන්න ඕන අවසාන ක්‍රියාදාමයේදී. මම හරියට කියන්න දන්නේ නැහැ මෙයාලා අන්තිමට කිරිපිටිවලට එකතු කරන්නේ අර අයින් කරපු මිල අධික කිරි මේදයමද නැත්නම් වෙනත් ලාභ සුලභ සත්ත්ව මේදයක්‌ ද කියලා. මම එකක්‌ දන්නවා, එකතු කරන්නේ අර කිරිවලින් ඉවත් කළ මේදයෙන් කොටසක්‌ නම් ඒ කිරිපිටි මිල අධික විය යුතුයි.

    ඔන්න ඔය එකතු කරන මේදය ගැන පැහැදිලි චිත්‍රයක්‌ හරියට නැති නිසා තමයි සමහරු අද බය නැතුව චෝදනා කරන්නේ කිරිපිටිවල තියෙන්නේ ඌරු තෙල් කියලා. හැබැයි මම ඒක කියන්න දන්නේ නැහැ. නිෂ්පාදන සමාගම් ඊට විරුද්ධව උත්තර දීලත් නැහැනේ හරියට.

    මම දන්න එකම දේ තමයි කිරිපිටිවලම තියන මේදය ඊට එකතු කරනවා නම් ඒ කිරිපිටි මීට වඩා මිල විය යුතුයි කියන එක.

    ඊළඟට තව බොරුවක්‌ තියනවානේ මේ ලංකාවේ නන් ෆැට්‌ කිරි කියලා. නන් ෆැට්‌ නම් ඇත්තටම ඒ කිරිපිටි වැඩක්‌ම නැහැ. යාන්තම් ප්‍රොaටීන් ටිකක්‌ ඒ කිරිවල තිබුණාට ඇති ගුණයක්‌ නෑ. මොකද මේදය ඉවත් කරල නම් කිරිපිටිවල තියන කැල්සියම් අවශෝෂණය කරගන්න ක්‍රමයකුත් නැහැ. අපි අපිවම රවට්‌ටා ගනිමින් බොරුවක්‌ කරගන්නවා කහට තේ එක සුදු පාට කරගෙන බොනවා විතරයි වැඩිපුර සල්ලිත් දීල.

    අනිත් අතට කිරිපිටිවලින් ජලය ඉවත් කරලා ක්‍රීම් එක ඝනීභවනය කරන්න ලොකු රත් කිරීමේ ක්‍රියාවලියකට භාජන කරනවා. සමහරු කියනවා මේ වෙලාවේදී විකිරණ එකතු විය හැකියි කියලා. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද ඊට වඩා විකිරණ අද කාලයේ අප අවට හැම තැනම තියනවා. මුහුදු වෙරළේත් තියනවා. ඉර එළියේත් තියනවා. හැබැයි මම එකක්‌ දන්නවා, ඒ තමයි ඒඝනීභවනය කරන ක්‍රියාවලියේදී කිරිවල තියන යහගුණ ප්‍රොaටීන්, විටමින් විශාල ප්‍රමාණයක්‌ විනාශ වෙලා යන බව.

    අනිත් එක තමයි හරක්‌ගෙන් කිරි ගන්න විට කිරිවල හැදෙනවා, ස්‌වාභාවික ට්‍රාන්ස්‌ ෆැට්‌ කියල දෙයක්‌. මෙය ශරීරයට ඉතාම හිතකර මේදයක්‌ කියලා මෑත පරීක්‍ෂණවලින් සොයාගෙන තිබෙනවා.

    මේ ස්‌වාභාවික ට්‍රාන්ස්‌ ෆැට්‌වල පිළිකා කාරක සෛල නසන ගුණයක්‌ තියනවා. ඒ වගේම හෘදයාබාධ ඇති කරන සාධක වළක්‌වන ගුණයකුත් තියනවා. ඒවා තියෙන්නේ එළකිරිවල. මෙන්න මේ ස්‌වාභාවික ට්‍රාන්ස්‌ ෆැට්‌ විනාශ වෙනවා කිරිපිටි නිෂ්පාදනයේදී. ඒක නිසා අපි කියනවා, පිළිකා මර්දනය කරන්න දියර කිරිවලට තිබෙන ශක්‌තිය කිරිපිටිවල නැහැ කියලා.

    ඒ අනුව දියර කිරි බීමෙන් පිළිකා හැදීම වැළකෙනවා. කිරිපිටි බීමෙන් පිළිකා හැදෙන්න තියන අවදානම වැඩි වෙනවා. මේවා පර්යේෂණ වලින් ඔප්පු කරපු කාරණා. ඒකයි මම බය නැතුව කියන්නේ පිටිකිරි බොන්න එපා, දියර කිරි බොන්න කියලා. මෙයට අපි කියනවා, කිරිවල විශේෂ ගුණයක්‌ තියනවා කොලෙස්‌ටරෝල් අඩුකර, බඩවැල්වල තිබෙන රෝග මර්දනය කරන්න කියලා. ඒ වගේම දියර කිරි “අල්ෂයිමර්” කියන වයසට යන විට පුද්ගලයන්ට හැදෙන රෝගී තත්ත්වය පාලනය කරන්නත් ඉතාම හොඳ ඖෂධයක්‌.

    මේ ගුණාංග හැබැයි තියෙන්නේ ස්‌වාභාවික කිරිවල (A2 Milk )පමණයි. කිරිපිටිවල ඒ කිසිවක්‌ නැහැ. කිරිවලින් ලැබෙන ගුණාංග නැති ආහාරයක්‌ විතරයි කිරිපිටි පැණිරස කෑම හදන්න අමුද්‍රව්‍යයක්‌ හැටියටයි මම මේ කිරිපිටි නම් කරන්නේ. කවුරු හරි මේ ගැන කිරිපිටිවල යහගුණ කියල මාත් එක්‌ක වාදයකට පැටලෙනවා නම් මම හරි කැමතියි. එතකොට අපිට පුළුවන් කිරිපිටි විසින් මානව සෞඛ්‍යයට කරන විනාශය ඔක්‌කොම ටික එකපාර කියල දාන්න.

    අනිත් එක කිරිපිටිවල හරියට ප්‍රශ්න තියනවා. කිරිපිටි ගේන්නේ පිටරටවලින්. එහි නිෂ්පාදන ක්‍රියාදාමය පැහැදිලි නෑ. හොඳම උදාහරණය තමයි, 2008 අවුරුද්දේ ලෝකයේ කිරිපිටි නිෂ්පාදනය ප්‍රශ්නයකට මුහුණ දුන්නා. කිරිපිටිවලට මෙලමයින් කියලා රසායනිකයක්‌ එකතු කරලා චීනයේ විශාල වශයෙන් ළමයි ලෙඩ වුණා. ලක්‍ෂ 3 ක්‌ විතර රෝගී වුණා. යම් ප්‍රමාණයක්‌ මැරුණා.

    යම් යම් අය කිරිවල ප්‍රොaටීන් ප්‍රමාණය ඉහළ නංවන්න මෙලමයින් එකතු කළා. ඒක කිරිපිටිවලදී නරකට බලපෑවා. අන්න ඒ වගේ පිටින් ගේන කිරිපිටි ගැන අපිට හොඳ විශ්වාසයක්‌ නැහැ. ඊට වඩා අවශ්‍යනම් ලංකාවේම හදන කිරිපිටි ගැන අපට විශ්වාසය තැබිය හැකියි.

    ඊළඟ කාරණය තමයි, වෙළෙඳ ප්‍රචාරණය කියන්නේ හරි නරක දෙයක්‌නේ. එයාලට පුළුවන් වෙළෙඳ ප්‍රචාරණයෙන් එස්‌කිමෝවරුන්ට ශීතකරණ පවා විකුණන්න කියලනේ කතාවට කියන්නේ. ඒ වගේ වෙළෙඳ ප්‍රචාරණයෙන් කියන කියන දේ ගෙඩිපිටින් අපි ගන්න හොඳ නැහැ. ඔස්‌ටියෝ පොරෝසීස්‌වලට කැල්සියම් අඩංගු පිටි ගුණයි කියල සමහරු එක එක නම්වල පිටි ගැන කිව්වට අපි කලබල වෙන්න නරකයි.මොකද පෝෂණවේදියෙක්‌ හමුවෙලා අහන්න කැල්සියම් අපට ඕන නම් ඔය පිටිකිරිවලට නොයාශත ගානකට කැල්සියම් පෙත්තක්‌ අරන් බීලා ඊට වඩා කැල්සියම් ප්‍රමාණයක්‌ ඇඟට ගන්න පුළුවන්.

    මම කියන්නේ අන්තිමට කිරිපිටි කියන්නේ හොඳ ආහාරයක්‌ නොවෙයි. ඊට වඩා සිය ගුණයක්‌ හොඳයි දියර කිරි. දියර කිරි රසයි. ගුණයි. ආරක්‍ෂා සහිතයි.

    ආචර්ය ආනන්ද චන්ද්‍රසේකර සාකච්චාවක් අසුරිනි – දිවයින පත්‍ර‍ය
     
    • Like
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    කිරිවලින් හදන වෙනත් ආහාරයක්‌ විතරයි. මම දන්න විදියට, ලොව දියුණු කිරි නිෂ්පාදනයක්‌ ඇති රටවල අනිත් යහගුණයන් ඉවත් කරලා වෙනත් ආහාර හදන ගමන් ඉතිරි වන කොටසින් කිරිපිටි හදන්නේත් තව වෙනත් රසවත් ආහාර ද්‍රව්‍යවලට ගන්න අමුද්‍රව්‍යයක්‌ හැටියටයි. උදාහරණ වශයෙන් චොක්‌ලට්‌ හදන කොට බිස්‌කට්‌ වර්ග හදනකොට කේක්‌ වර්ග හදනකොට ඒවාට අමුද්‍රව්‍යයක්‌ හැටියට කිරිපිටි ගන්න බව මම හො¹කාරවම දන්නවා.

    thank you 14+
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක

    bump
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ ප්‍රශ්නෙට උත්තෙරේ - highland බ්‍රෑන්ඩ් එකේ තියනවා 450ml ෆ්‍රෙෂ් මිලක් packet,
    - NLB එකේ කිරි විකුණන OUTLET වල ලූස් ගන්න තියනවා. බෝතලයක් අරන් යන්න ඕනේ
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    nawala economic centre eke & NLDB mini shop wala tiyanawa highland

    math ganne highland

    DCD case eka awa kalema Anchor ganna eka nawaththuwa
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මේක නම් මහා පුදුම රටක් තමන්ගේ කොමිස් මුදලට අනාගත පරපුරක් බිල්ලට දෙනවා ඇන්කර් තනිකරම වස කියලා ඔප්පු වෙලා තියෙද්දිත් තවම විකුනන්ද දෙනවා
    රටේ ඉන්න එල හරක් ටිකත් ඒවම හොයා හොයා ගන්නවා

    මේ එක ආන්ඩුවකටවත් ඕන නැ හයිලන්ඩ් එක දියුණු කරලා රටේ කිරි අවශ්‍යතාවය ටිකක් හරි පුරවන්ඩ
    මම දැක්කා පත්තරෙක තියනවා වාර්ෂිකව කිරි පිටි වලට ඩොලර් මිලියන 300 යනවා කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    උබේ ප්‍රශ්නෙට උත්තෙරේ - highland බ්‍රෑන්ඩ් එකේ තියනවා 450ml ෆ්‍රෙෂ් මිලක් packet,
    - NLB එකේ කිරි විකුණන OUTLET වල ලූස් ගන්න තියනවා. බෝතලයක් අරන් යන්න ඕනේ

    :yes::yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    ෆ්රේෂ් මිල්ක් ගන්නවානම් කොත්මලේ / අඹේවෙල / රිච් ලයිෆ් වගේ එව්වා ගැන මොකද හිතන්නේ.. දවස් 4න් ඉවරකරගන්න ඕනේ හැබැයි 1 Ltr
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    :dull: හයිලන්ඩ් / පැල්වත්ත දෙක දැන් හොයන්න කලු නික හොයනවටත් වඩා අමාරු සීන් එකක් තියෙන්නෙ බන්..

    :yes::yes::yes: