දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනයට ‘යෝග‘ #
දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනයට ‘යෝග‘ යොදා ගන්නේ කෙසේද?
දියවැඩියාව සහ අධිරුධිර පීඩනය ඇති වීමට හේතු ගණනාවක්ම තිබෙනවා. ඉන් එකක් ජානමය බලපෑම. මවට හෝ පියාට මෙම රෝගාබාධ දෙක ඇත්නම්, දරුවනට ඒවා වැළඳීමේ හැකියාව වැඩියි. මෙම රෝගාබාධ දෙකට මුල්වන අනෙක් ප්‍රධානම සාධකය වන්නේ අධික තරබාරු බවයි.
මානසික ආතතිය, වැරැදි ආහාර විහරණ රටාව, වැරැදි ඖෂධ භාවිතය, කර්මය වැනි හේතූ ද දියවැඩියාව, අධිරුධිර පීඩනය වැළඳීමට හේතු වනවා. කර්මය නම් සාධකය හැර අනෙක් සාධක අපට පාලනය කළ හැකියි. ඒ නිසා මෙම රෝග දෙකෙන් මිදීමට කුඩා කල පටන්ම පෙරහුරුවක් අවශ්‍යයි. වර්තමානයේදී අප ගන්නා විෂ සහිත ආහාර, ආශ්වාස කරන විෂ සහිත දුම මෙම රෝග ඇතිවීමට හේතුවී තිබෙනවා.
දියවැඩියාව අධිරුධිර පීඩනය යන රෝග ජීවිත කාලයටම පාලනය කළ හැකි අභ්‍යාස ”යෝග“වල දැක්වෙනවා.
සූර්ය නමස්කාර, ප්රාණයාම, සවාසන, ඕම්කාර භාවනාව ආදිය මෙම රෝගාබාධ දෙකෙන් මිදීමට උපකාර කරනවා.
අධිරුධිර පීඩනය, දියවැඩියාව යන රෝග දෙක ඇතිවීමට සහ වර්ධනය වීමට මානසික ආතතිය ප්‍රබල ලෙස බලපානවා. ඇතැමුන් පැය 24 න් පැය 12 කට වඩා වැඩ කරනවා. එය මානසික ආතතිය වැඩිවීමට හේතුවක්.
මාධ්‍ය මඟින් ද අපට අසන්නට දකින්නට ලැබෙන්නේ මානසික ආතතිය වර්ධනය කරන සිදුවීම්. නිතර මානසික ආතතියට ගොදුරුවීමේ ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යන රෝගවලට ගොදුරු වීමයි. යෝග වලින් මූලික වශයෙන්ම සුවපත් කරන්නේ මනසයි. සිරුරේ සියලුම අවයව පාලනය කරන්නේ මනසින්. ඒ නිසා පළමුව මනස සුවපත් කරගත යුතුයි.