දියවැඩියාව අධිරුධිර පීඩනය පාලනයට යෝග

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දියවැඩියාව අධිරුධිර පීඩනය පාලනයට යෝග

    දියවැඩියාව අධිරුධිර පීඩනය පාලනයට යෝග


    යෝග යනු ව්‍යායාම ක්‍රමයක් පමණක්ද? ඇත්තෙන්ම නැහැ. යෝග යනු ලෝකයේ පවතින ගැඹුරු දර්ශනයක්. එමෙන්ම මිනිසුන්ට සුවපත්බව ලබාගත හැකි මාර්ගයක්.



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට යෝග උපයෝගී &#3482

    නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට යෝග උපයෝගී කරගන්නේ කෙසේද?

    වර්තමානයේදී යෝග පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් අතර තිබෙන්නේ නිවැරැදි මතයක් නොවේ. ”යෝග“ නිර්වචනය කිරීමේදී කායික, මානසික, ආධ්‍යාත්මික යන සුවයන් තුනම පිළිබඳව සලකා බැලෙනවා. අද බොහෝ දෙනෙක් කතා කරන්නේ යෝග ආසන පිළිබඳව පමණයි.
    යෝග ආසනවලදී ශරීරය නැමීමක් සිදුවෙනවා. නුපුහුණු අයකුට යෝග ආසන සඳහා ශරීරය නැවීම අපහසුයි.
    ශරීරය නැවීම අපහසු වූ විට ඔවුන් පවසන්නේ යෝග ඉතා අපහසු ව්‍යායාම ක්‍රමයක් බවයි. මෙය ඉතා වැරැදි සහගත මතයක්. දීර්ඝ කාලයක් පුහුණු වූ අයකුට යෝග ආසනවල යෙදීම ඉතාම පහසු කටයුත්තක්.
    යෝග ආසන, ඇඟ නැවීම වැනිදේ අයත් වන්නේ යෝගවල බාහිර අංග යෝගවලට. බාහිර අංග යෝග අතරට යම, නියම, ආසන, ප්‍රාණයාම, සත්‍යහාර යන කොටස් ඇතුළත් වෙනවා.
    බාහිර අංග යෝග වලට අමතරව අභ්‍යන්තර අංග යෝග නම් කොටසක් තිබෙනවා. ඒ යටතට ධාරණ, ධ්‍යාන සමාධි අයත්. මෙම කොටස යෝගවල ඉතා වැදගත් කොටසක්. ශරීරය නැවීම යෝග ලෙස සැලකුවහොත් ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් යනු ඉතා හොඳ යෝගී වරයෙක්.
    මෙය ඉතා වැරැදි මතයක්. වයස අවුරුදු 5 ක ළදරුවාගේ් සිට වයස්ගත මහල්ලා දක්වා යෝග අභ්‍යාස කළ හැකි බව යෝග දර්ශනයේ සඳහන් වෙනවා.
    ඒ සඳහා හඳුන්වා දෙන ක්‍රමවේද, නිසි පුහුණුව, චිත්ත ඒකාග්‍රතාව, සිරුර හසුරුවන ආකාරය, ආශ්වාස ප්‍රශ්වාසය පාලනය යන සියල්ලම යෝගවල අන්තර්ගතයි. යෝග යනු කායික මානසික ආධ්‍යාත්මික බැඳීමක්. මෙය සංස්කෘතිත භාෂාවෙන් යූජී ලෙස හඳුන්වනු ලබනවා.
    බටහිර වෛද්‍ය විද්‍යාවේ ද අද ප්‍රකාශ කරන්නේ නිවැරැදි නිරෝගී භාවය යනු කායික මානසික සහ ආධ්‍යාත්මික නිරෝගී භාවය බවයි. මනෝ විද්‍යාව තවත් ඉදිරියට ගොස් කායික, මානසික ආධ්‍යාත්මික සහ සමාජීය වශයෙන් සුවපත් පුද්ගලයා සත්‍ය වශයෙන්ම නිරෝගී පුද්ගලයා බව සඳහන් කරනවා.
    නිවැරැදි ලෙස යෝග අභ්‍යාස කිරීම මඟින් ඉහත සඳහන් සියලු ගුණාංග වලින් සම්පූර්ණ පුද්ගලයකු බවට පත්වී සුවපත් මිනිසකු වීමේ හැකියාව ලැබෙනවා. යෝග අභ්‍යාස කිරීමෙන් නිරෝගී සම්පත ළඟා වනවා මෙන්ම තාරුණ්‍යය ආරක්ෂා වෙනවා; භෞතික සැප සම්පත් වැඩි වර්ධනය වෙනවා; මානසික ගැටලුවලින් තොර සරල ජීවිතයකට හුරු වෙනවා; සිතන පතන කරන කියන දේ ඉටු වෙනවා. නිවැරැදි යෝග ලෙස හැඳින්වෙන්නේ මෙයයි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනයට ‘යෝග‘ &#35

    දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනයට ‘යෝග‘ යොදා ගන්නේ කෙසේද?

    දියවැඩියාව සහ අධිරුධිර පීඩනය ඇති වීමට හේතු ගණනාවක්ම තිබෙනවා. ඉන් එකක් ජානමය බලපෑම. මවට හෝ පියාට මෙම රෝගාබාධ දෙක ඇත්නම්, දරුවනට ඒවා වැළඳීමේ හැකියාව වැඩියි. මෙම රෝගාබාධ දෙකට මුල්වන අනෙක් ප්‍රධානම සාධකය වන්නේ අධික තරබාරු බවයි.
    මානසික ආතතිය, වැරැදි ආහාර විහරණ රටාව, වැරැදි ඖෂධ භාවිතය, කර්මය වැනි හේතූ ද දියවැඩියාව, අධිරුධිර පීඩනය වැළඳීමට හේතු වනවා. කර්මය නම් සාධකය හැර අනෙක් සාධක අපට පාලනය කළ හැකියි. ඒ නිසා මෙම රෝග දෙකෙන් මිදීමට කුඩා කල පටන්ම පෙරහුරුවක් අවශ්‍යයි. වර්තමානයේදී අප ගන්නා විෂ සහිත ආහාර, ආශ්වාස කරන විෂ සහිත දුම මෙම රෝග ඇතිවීමට හේතුවී තිබෙනවා.
    දියවැඩියාව අධිරුධිර පීඩනය යන රෝග ජීවිත කාලයටම පාලනය කළ හැකි අභ්‍යාස ”යෝග“වල දැක්වෙනවා.
    සූර්ය නමස්කාර, ප්‍රාණයාම, සවාසන, ඕම්කාර භාවනාව ආදිය මෙම රෝගාබාධ දෙකෙන් මිදීමට උපකාර කරනවා.
    අධිරුධිර පීඩනය, දියවැඩියාව යන රෝග දෙක ඇතිවීමට සහ වර්ධනය වීමට මානසික ආතතිය ප්‍රබල ලෙස බලපානවා. ඇතැමුන් පැය 24 න් පැය 12 කට වඩා වැඩ කරනවා. එය මානසික ආතතිය වැඩිවීමට හේතුවක්.
    මාධ්‍ය මඟින් ද අපට අසන්නට දකින්නට ලැබෙන්නේ මානසික ආතතිය වර්ධනය කරන සිදුවීම්. නිතර මානසික ආතතියට ගොදුරුවීමේ ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යන රෝගවලට ගොදුරු වීමයි. යෝග වලින් මූලික වශයෙන්ම සුවපත් කරන්නේ මනසයි. සිරුරේ සියලුම අවයව පාලනය කරන්නේ මනසින්. ඒ නිසා පළමුව මනස සුවපත් කරගත යුතුයි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දියවැඩියාවෙන් සහ අධිරුධිර පීඩනයෙන් පෙළෙ&

    දියවැඩියාවෙන් සහ අධිරුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් යෝග අභ්‍යාස ආරම්භ කළ විට ඖෂධ ගැනීම අත්හල යුතුද?

    කොහෙත්ම නෑ. මෙම රෝග දෙක ඉතාම අවදානම් සහගත රෝග දෙකක්. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව ලැබෙන ඖෂධීය ප්‍රතිකාර නිවැරැදි ලෙස ගත යුතුයි. මේ අතරතුර යෝග අභ්‍යාස කිරීම ආරම්භ කර සති කීපයක් ගතවන විට ශරීරයට දැනෙන්නට පටන් ගන්නව, යෝග වලින් කිසියම් ප්‍රගතියක් ඇති බව. එවිට වෛද්‍යවරයා හමුවී ඒ බව පැවසූ විට වෛද්‍යවරයාට දෙනු ලබන ඖෂධ ප්‍රමාණය අඩු කළ හැකියි.
    ඒ මඟින් සාර්ථකව සුළු ඖෂධ ප්‍රමාණයකින් රෝගය පාලනය කළ හැකි වෙනවා. සති කීපයක් මාස කීපයක් යෝග අභ්‍යාසවල යෙදීමෙන් හොඳ ප්‍රතිඵල ගත හැකි වන්නේ නැහැ. ඒ සඳහා යෝග ජීවිතයේ කොටසක් කරගත යුතුයි. ඔබ තවමත් මෙම රෝග දෙකට ගොදුරු වී නැතිනම් යෝග අභ්‍යාස මගින් කිසිදා මෙම රෝග වලට ගොදුරු නොවී සිටීමේ හැකියාව ලබාගත හැකියි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යෝග අභ්‍යාස කරන අතරතුර ආහාර පාලනයක් තිබි&#3514

    යෝග අභ්‍යාස කරන අතරතුර ආහාර පාලනයක් තිබිය යුතුද?

    මෙම රෝගවලින් මිදීමට යෝග අභ්‍යාස කරන අතරේම නිර්මාංශ ආහාරවලට හුරුවීම ඉතා සුදුසුයි. එමෙන්ම කෘෂි රසායනවලින් තොර ආහාර ගැනීමත්, පිරිසුදු එළවළු, පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීමත් මෙම රෝගවලින් මිදීමට මඟක්. යොදය සහිත කිරි, පලතුරු යුෂ, එළවළු යුෂ දිනපතා ආහාරයට එක්කර ගැනීම යෝග්‍යයි. අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට දෙළුම් ඉතා ගුණ දෙන ආහාරයක්.
    සතියකට දින දෙකක් පමණ දෙළුම් ගෙඩිය බැගින් ආහාරයට ගැනීම හදවත් රෝගවලින් වැළකී සිටීමටත් හදවත් රෝග පාලනයටත් උපකාරී වෙනවා. එමෙන්ම අවශ්‍ය පමණට ජලය පානය ඉතාම වැදගත්. අද බොහෝ දෙනෙක් ජලය පානය කරන්නේ ඉතා ස්වල්පයයි. එය ලෙඩ රෝග ගණනාවකට හේතුවක්.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිර්මාංශවීම යෝගවල කොටසක්ද?

    නිර්මාංශවීම යෝගවල කොටසක්ද?

    ”කටට දමා ගන්නා දෙයට වඩා කටින් පිටවන දේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්” බවයි, යෝගවල සඳහන් වන්නේ. නිර්මාංශී වීම නිරෝගී භාවයට ඉතාම සුදුසුයි.
    නමුත් නිර්මාංශී වීම මගින් පමණක් පුද්ගලයා නිරෝගී පුද්ගලයකු වන්නේ නෑ. නියම සුවපත් මනුෂ්‍යයකු වීමට චිත්ත ඒකාග්‍රතාව, ආධ්‍යාත්මික දියුණුව, මානව දයාව ළඟා කරගත යුතුයි. මස් මාංශ අනුභව කරන ඇතැම් පුද්ගලයින් සිටිනවා සමාජයට ඉතා හිතකාමී. ඇතැම් නිර්මාංශී පුද්ගලයින්ගෙන් විශාල සමාජ විරෝධී වැඩ සිදුවෙනවා. “හිට්ලර්” එවැනි පුද්ගලයෙක්. යෝග, ජීවිතයේ අංගයක් කරගත් පුද්ගලයින් නිර්මාංශීවීම ඉතාම සුදුසු වූවත් නිර්මාංශී වීම යෝගවලට අත්‍යවශ්‍ය අංගයක් නොවේ.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දිනකට කොපමණ වේලාවක් යෝග ව්‍යායාමවල යෙදිය

    දිනකට කොපමණ වේලාවක් යෝග ව්‍යායාමවල යෙදිය යුතුද?

    දිනකට පැයක් පමණ යෝග ව්‍යායාමවල යෙදිය යුතුයි. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් තිබෙනවා. ඒ; ප්‍රාණායාම (ආශ්වාස ප්‍රශ්වාස කිරීම) මඟින් පමණක් අපට වැළදෙන රෝගාබාධ ගණනාවකින් මිදීමේ හැකියාව ලැබෙන බවයි. ඒ නිසා බ්‍රහ්ම මුර්තියෙන් (උදෑසන 4-5 අතර) ප්‍රාණායාම අභ්‍යාසවල යෙදීම, සුවපත් ජීවිතයකට ඉතා යෝග්‍යයි.