දියවැඩියාව ජය ගැනීම බර අඩු කිරීම

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    දියවැඩියාව ජය ගැනීම බර අඩු කිරීම

    මුලින්ම කියන්න ඕන මම දියවැඩියාව නිසා දුක් වින්ද කෙනෙක්.. ඒකෙ අමාරුව දන්නේ තියෙන කෙනා විතරයි.. මට ඩයබෙටික් ඇවිල්ල අවුරුදු දැන් 3 වගේ වෙනවා.. මෙට්ෆොමීන් ගන්න අතරේ මගේ සීනි මට්ටම 180mg/dl 250mg/da 300mg/dl පැනලා ගිය අවස්ථා ඕන තරම්.. ඇත්තම කියනවා නම් මට මුලදි ලොකු උනන්දුවක් තිබුනත් මේක කොහොම හරි පාලනය කරගන්නවා කියලා කොච්චර ට්‍රයි කලත් නෝර්මල් මට්ටමට (80mg/dl- 120mg/dl) ගන්න පුලුවන් වුනේ නෑ.. ඇත්තටම ටික කලක් යද්දී මට ඒක එපා වුනා... මුල් දවස් වල සෑහෙන්න පරිස්සමෙන්.. ඕන කෙනෙක් එහෙමයි.. ඔයාල වුනත්.. සුප් වර්ග කොල වර්ග සෑහෙන්න ගත්තා.. ඒක කරගෙන යන්න ප්‍රායෝගික බැරි වුනා දිගටම.... පස්සෙ වැඩේ අතහැරුනා.. පුරුද්දට උදේට බෙහෙත් බොනවා.. රෑට බෙහෙත් බොනවා.. පැනිරසත් කනවා.. ඔහොම යද්දී මට යාලුවෙක් සෙට් වුනා එයා ඉන්නෙ us වල.. එයාගෙ බර ගොඩක් වැඩිවෙලා තිබිලා එයාට ප්‍රීඩයබෙටික් ඇවිල්ලා තිබුනා.. එයා කිව්වා එහෙදි එයාට බෙහෙත් පෙත්තක් වත් බොන්න දුන්නෙ නෑ කියලා.. ආහාර පාලනයෙන් ම එයා එයාගේ ඩයබෙටික් තත්ත්වය සම්පූර්ණයෙන්ම නැවත හරවාගෙන සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු ලෙස දැන් කාලය ගතකරනවා... එයා එයාගේ දියවැඩියා තත්වය සම්පූර්ණයෙන් සුව කරගත් ආකාරය මටත් එයාගේ වටිනා කාලය ගොඩාක් වැය කරමින් නිර්ලෝභීව කියලා දුන්නා.. එයා අනිත් අයටත් උදව් කරන්න කැපවෙලා ඉන්නේ.. ශතපහක දෙයක් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි ... එයා මට මුලින්ම කිව්වෙ මගේ දියවැඩියා ටයිප් එක හරියටම අඳුනාගන්න ඕන කියන එකයි.. අවාසනාවකට ටයිප් 1 කියන ඩයබෙටික් තත්වය නම් සුව කල නොහැකි බව තමයි කියන්නේ.. එයාලා දිගටම වෛද්‍ය උපදෙස් මත නියමිත බෙහෙත් ලබා ගතයුතු වෙනවා..
    ටයිප් 2 දියවැඩියාව තියෙන අයට මෙම ක්‍රමයෙන් මාස 3ක් 4ක් ඇතුලත සම්පූර්ණයෙන්ම දියවැඩියා තත්ත්වයෙන් මිදී නීරෝගි පුද්ගලයකු ලෙස කාලය ගත කිරීමට අවස්ථාව උදාකර ගත හැකි බව ඔහු සිය අත්දැකීම් වලින් තහවුරු කරගෙන තියෙනවා..
    මේ ගැන මම පොඩි හැඳින්වීමක් පමනක් කරන්නම්... මොකද මම තවම මේක කරගෙන යන අතර සිටින නිසා.. මම අර කලින්ම පරිස්සමෙන් කෑම ගන්න දවස් වල මට මගේ ආදරණීය නෝනා අරන් දුන්න ග්ලූකෝමීටර් එකක් තිබුනා.. ඒක කබඩ් එකේ මුල්ලක දාල තිබුනේ.. ඒකත් අරන් මම මුලින්ම චෙක් කරලා බැලුවා ශුගර් ලෙවල් එක.. 279mg/dl.. පිස්සු හැදෙයි... ඊට පස්සෙ යාලුවා කියන විදියට කෑම ගන්න පටන්ගත්තා..

    මේක කරන්නේ මෙට්ෆොමීන් ගහන එක නවත්වලා..
    (බෙහෙත් නතර කරලා..)

    සීනි හකුරු පැනිරස කෑම වර්ග සම්පූර්ණයෙන්ම තහනම්!
    කිරි ආහාර පිටි සහිත ආහාර ඇට වර්ග ඇස්ට්‍රා එලවලු තෙල් ගන්න බෑ..
    මේ දෙවල් පුලුවන්...
    කාබෝහයිඩ්‍රේට් නැති ප්‍රෝටීන් තියෙන කෑම වර්ග..
    ඕනම මස් වර්ගයක්.. (දියවැඩියා රෝගීන්ට රතු පැහැති මස් නුසුදුසු බව කිව්වත් අලුත් සමීක්ෂණ අනූව එහෙම දෙයක් නැහැ ලු..)
    මම නම් ඌරා කෑවා.. (වයිල්ඩ්)
    මාළු,හතු වර්ග කරවල බිත්තර
    පිටි අඩු වට්ටක්කා.
    කොල වර්ග ඕනම දෙයක්
    පොල්තෙල් සුපිරි..
    පොල්තෙල් ඇමරිකාවෙ පට්ට ගනන්ලු..
    කිරි මිරිකා අයින් කරන පොල් කුඩු.
    ඒවා නිකන්ම කන්න බෑ බිත්තර එහෙම මික්ස් කරලා රසට හදන්න පුලුවන්...
    තව දෙයක් කියන්න ඕන.. කෑම ගන්න එක වේල් දෙකකට අඩු කරන්න වෙනවා..
    උදේ 6 ට නම් අනිත් එක 2 ට වගේ ගන්න ඕන.. අනිත් ටයිම් එකේ වතුර හෝ දෙහි එකක් ලුනු විතරක් දාලා...
    කන වෙලාවට කෑම හදන දේවල් වලට පොල්තෙල් හොඳට මික්ස් කරන්න ලු..
    අපි කෑම වේල් 2ක පැය 8ක් තුල අරන් ඉවර කරන්න ඕන..
    අනිත් ටයිම් එක දෙන්නෙ අග්න්‍යාශයට විවේක ගන්න.. ඒ වෙලාවට දෙහි යුශ, ලුණු මික්ස් කරපු වතුර.. හෝ නිකන්ම වතුර...

    මෙහෙමයි මගේ ශුගර් ලෙවල් එක වුනේ.. 279/mgdl එක අන්තිමට 97mg/dl වලට අඩු වුනා.. බෙහෙත් මොකුත්ම නැතිව... මම ෆොටෝ දාන්නම්..

    බර වැඩි අයට කොහොමත් අධි අවදානමක් තියෙනවා නේද දියවැඩියාව එන්න... එයාලටත් බර අඩු කරගන්න ක්‍රමය එයා කියල දෙයි.. මගේ බර ප්‍රශ්නයක් තිබුනේ නෑ.. පොඩ්ඩක් හොයලා බලන්න water fasting කියලා.. එක්සයිස් ඕන නෑ මේක තමයි මගේ යාලුවා කලේ..

    තව දෙයක් මේක මම තවම කරන ගමන් ඉන්නෙ.. මම මාස තුනක් ගිහින් hba1c කියන ටෙස්ට් එක කරලා බලනවා.. මොකද තාවකාලික සීනි අඩුවීම නේ fbs එකකින් බලන්නෙ..
    මුලින්ම ටිකක් ඇඟට අමාරුයි
    කන්නමයි හිතන්නේ ඒත් හිත තද කරගෙන ඉන්න ඕන.. ටික ටික නෝර්මල් වෙනවා.. ඇඟට ලොකු සුවයක් සැනසීමක් දැනෙනවා..
    මේකත් කියන්න ඕන..
    මගේ යාලුවා මේකට ෆේස්බුක් එකේ slim lanka කියලා ගෲප් එකක් හදලා තියෙනවා... එයාගේ අත්දැකීම් වලින් හදපු youtube චැනල් එකකුත් තියෙනවා..
    යූටියුබ් හිඟන්නෙක් නොවන බව සලකන්න.. වැඩි විස්තර අපි ඔක්කොම ගෲප් එකේ කතා කරමු මොකද කාටත් බලලා දැනුවත් වෙන්න පූලුවන් නේ...
    Youtube channel එක හා facebook group එකේ ලින්ක් දෙන්නම්...
    අපි ඔක්කොම එකතු වෙලා ගොඩ යමු...!
    තියෙන අය සුවකරගමු...!
    නැති අය වලක්වාගමු..!
    නොදන්න අය දැනුවත් කරමු..!
    කාගේවත් කොපියක් නෙවෙයි මම ම ටයිප් කලේ.. chamara_p
    ඔයාල හිතන දෙයක් කමන්ට් කරන්න..
    ගල් මල් සියල්ල භාරගනු ලැබේ..!
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,245
    113
    33
    ෆින්ලන්ඩ්
    hadenna kaling ma karala balanna ona...

    owa apita tiyanawada daneth nehe bun.

    TEST karala nehe tawama...


    Dawasata 2paruk kanna ona.
    8 hours gap tiyagena.
    Water bonna ona.
    Piti and Sini kema natuwa wena ona deyak.

    karala balanna ona
    GAS haden nedh da..?
     
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    hadenna kaling ma karala balanna ona...

    owa apita tiyanawada daneth nehe bun.

    TEST karala nehe tawama...


    Dawasata 2paruk kanna ona.
    8 hours gap tiyagena.
    Water bonna ona.
    Piti and Sini kema natuwa wena ona deyak.

    karala balanna ona
    GAS haden nedh da..?
    මම හිතන්නෙ බං ගැස්ට්‍රයිටිස් එන්නෙ නෑ.. අපි හොඳට වතුර බොනව නම්.. වතුරට බඩට එන අම්ල තනූක(මෙලෙක්)කරන්න පුලුවන් නේ..zore calories නේ වතුර.. කිසි අවුලක් නෑ පිරිසිදු වතුර බොනව නම්...
    මම නම් දෙහි කෝපි වතුර කහට තේ ඔක්කොම බොනවා..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    දැන් ඉඳන්ම සීනි කෑම අඩු කරලා ඉන්න එක හොඳයි දියවැඩියාව නැති අයත් :yes:

    It might help. But do not count on this. Because Type 2 diabetes is caused by both environmental and genetic factors.
    There is a very good chance that you have a family history. Studies with twins confirm this, and also the genetic risk factors have been identified.
    Controlling obesity and your lifestyle changes, and a healty meal plan with reduction of carbohydrates certainly help to reduce the medications.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    gedradi seeni check karanameter eka sure karanda pulwuanda, api lnaga thiyenne accu check kiyana eka, eka tikak pisssu wage, dawss 2kak eka digta check kara godak wenass ewwa pennuwe.
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    gedradi seeni check karanameter eka sure karanda pulwuanda, api lnaga thiyenne accu check kiyana eka, eka tikak pisssu wage, dawss 2kak eka digta check kara godak wenass ewwa pennuwe.

    දවස් 2ක් නෙවෙයි බං පැයකින් වුනත් වෙනස් වෙනවා.. ලේ වල සීනි අඩු හෝ වැඩි වෙන්න පුලුවන්....