මීට සති දෙකකට කලින් මගේ තාත්තගේ සීනි ප්‍රමානය 225ට වගේ තිබ්බේ. (අගෝස්තු දෙවනිදා 3 වෙනිදා වගේ)
ඊට පස්සෙ දිනපතා එක ආහාර වේලකට අපේ ගෙදර අය තෙම්බු කොල මැල්ලුමක් දුන්නා. තෙම්බු කොල 4ක් 5ක් කඩලා හීනියට ලියලා ලූනු ටිකක් සහ පොල් ටිකක් එක්ක අම්බරලා දුන්නා. ගොඩක් නෙමෙයි සාමන්‍ය කොල මැල්ලුමක් දෙන ප්‍රමානයට.
හරියටම සතියකින් ආයේත් බැලුම සීනි ප්‍රමානය 165 වෙලා තිබ්බා.
ඊට පස්සේ දවස් දෙකක් විතර තෙම්බු කොල මැල්ලුම දෙන්න උනෙත් නෑ තාත්තා ඊට පස්සේ ඔය පාන්පිටි අඩංගු ආහාරත් අරගෙන තිබුනා.
ඊට පස්සේ මන් ආයේත් තෙම්බු කොල මැල්ලුම දවස් 3ක් විතර දීලා ආයෙත් සීනි මට්ටම බැලුවා. දැන් 145යි.
දැන් ආයෙත් ඒ බලපු දවසේ ඉදන් දවස් 2ක් විතර තෙම්බුකොල දුන්නා. ආයේ තෙම්බු නවත්තලා දවස් 3කින් 4කින් වගේ සීනි මට්ටම බලලා දාන්නම්.
මට තියෙන ප්‍රශ්නේ ඇයි කවුරුත් තෙම්බු කොල මැල්ලුම ගැන කියන්නේ නැත්තේ?
එක ශරීරයට හොද නැද්ද? මොකක්ද ප්‍රශ්නේ?
හැබැයි සීනි මට්ටම නම් ඉක්ම්නනින් අඩු කරගන්න පුලුවන්