දියවැඩියාව [Diabetes mellitus (DM)]

166n8cl.jpg


f1a24n.jpg


8xlgmr.jpg


33bpwjs.jpg


මේ වන විට ලංකාවේ DM රෝගීන් වැඩි වෙලා.
පොඩි ළමයිට හැදෙන percentage එකත් වැඩි වෙලා
එකයි මේ නුල දන්නේ
ප්‍රශ්න තියනවා නම් අහන්න.
පුළුවන් විදිහට කියල දෙන්නම් දන්නා දෙයක්
ඔයාලත් දන්නා දෙයක් තියනවා නම් බෙදා ගමු
හැමෝටම දැනගන්න බැලුවම bump එකක්වත් දාමු යාලු


සාමාන්‍ය භාවතයේදී කෙටියෙන් දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.

දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත:

Type 1 DM: දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව [insulin-dependent diabetes mellitus (IDDM)] ලෙස හෝ යෞවන දියවැඩියාව (juvenile diabetes) හඳුන්වන ලදී. මෙයට හේතුවක් හඳුනාගෙන නොමැත.
Type 2 DM: ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ දියවැඩියාව [non insulin-dependent diabetes mellitus (NIDDM)] ලෙස හෝ වැඩිහිටියන්ට වැළදෙන (වෘද්ධ) දියවැඩියාව (adult-onset diabetes) හඳුන්වන ලදී. මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි.
ගර්භනික දියවැඩියාව (Gestational diabetes), තුන්වන ප්‍රධාන ආකාරයයි. කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ.

වර්ගීකරණය
ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට මධු දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි.

පළවෙනි වර්ගයේ මධු දියවැවියාව
දෙවැනි වර්ගයේ මධු දියවැඩියාව
ගර්භනී අවස්ථාවන් වලදී ඇතිවන මධු දියවැඩියාව
මේවා සදහා විවිධ හේතු සාධක හා ජනගහන ව්‍යාප්තීන් වෙනස්වීම් අනුවද මෙම වර්‍ග විවිධ වේ. අවසාන වශයෙන් ඉහත සියළුම වර්ගවල දියවැඩියාවන් ඇතිවන්නේ විවිධ වූ හේතූන් නිසා අග්න්‍යාසයේ බීටා සෛල වලින් ඉන්සියුලීන් නම් හොමෝන නිපදවීමට නොහැකිවීම නිසයි.

පළමු වර්ගයේ මධු දියවැඩියාව[සංස්කරණය]
පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාසයේ බීටා සෛල සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන තත්වයන් නිසා විනාශවීමෙනි.

දෙවෙනි වර්ගයේ මධු දියවැඩියාව[සංස්කරණය]
දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉලක්ක අවයවයන් හෝමෝන කෙරෙහි ඇතිකරන ප්‍රතිරෝධීතාවය නිසයි. මේ නිසා අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයකින් ඉන්සියුලින් දේහයට අවශ්‍ය වන අතර දිය වැඩියාව ඇති වන්නේ බීටා සෛල වලට මෙම අවශ්‍යතාවයන් සපයාදීමට අපොහොසත් වන අවස්ථාවන්හිදීය.

ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන මධු දියවැඩියාව[සංස්කරණය]
ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමානකම් දක්වන අතර මෙහිදී ජානමය වශයෙන් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී දෙහයෙන් නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනය කෙරෙහි ප්‍රතිරෝදතාවයක් දැක්වීම නිසා මේ තත්ත්වය හටගනී. වසර 2008 දී ඇමෙරිකා එක්සත් ජනපදය මගින් කරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇති අන්දමට එරට මවුවරුන්ගෙන් බහුතරයක් ගර්භනී තත්ත්වයට පත්වන්නේ දියවැඩියාවක් ඇතිවයි. ගර්භණී මවුවරැ‍න්ගේ දියවැඩියා තත්ත්වය පසුගිය වසර හය තුල දෙගුණයකටත් වඩා වැඩි තත්ත්වයකට පත්ව ඇත. මෙය සත්‍ය වශයෙන්ම ගැටළු සහගත තත්ත්වය වන්නේ දියවැඩියාව නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයන් දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇත.

ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්‍රසූතියෙන් පසුව පහවී යන අතර පළමු හා දෙවන වර්ග යේ දියවැඩියාව කලින් කළ පවතින නිදන්ගත රෝගයන්වේ. ඉන්සියුලීන් වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාරකිරීමට ඖෂධයක් ලෙස 1921 දී භාවිතයට ගැනීමත් සමගම ඉහත කී සියලු ම වර්ගයේ දියවැඩියාවන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබී ඇත. පළමු වර්ගයේ දියවැඩියාව සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්සියුලින් සිරුරට සින්නක්කර ගැනීමෙනි. ආහාර පාලනය හා ව්‍යායාම එහි එක් අංගයක් පමණි. දෙවැනි වර්ගයේ දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ ආහාර පාලනය, පෙති වර්ග හා ඉන්සියුලින් එන්නත් කිරීම යන ප්‍රතිකාර ක්‍රම වල එකතුවෙනි. මුල් අවධිවලදී ඉන්සියුලීන් නිෂ්පාදනය කරනු ලැබුවේ ඌරන්ගේ අගන්‍යාසයෙන් ලබාගන්නා ලද ඉන්සියුලින් වලින් බහුතරයක් වන අතර අද භාවිතා වන ඉන්සියුලින් ජාන තාක්ෂණය මගින් නිෂ්පාදනවී ඇත. මෙය මානව ඉන්සියුලින් ආකාරයටම හෝ විවිධ ක්‍රියාකාරිත්වයන් + ලබාදෙන නවීකරණය කරන ලද ඉන්සියුලින් ලෙස නිපදවා ඇත. ඉන්සියුලීන් සිරුරට ලබාදීම විශේෂ වූ පොම්පයක් මගින් සිදු කරනු ලබන අතර සමට යටින් ඇතුලු කරනු ලබන එන්නත් කටුවක් මගින් නොකඩවා එය සිරුරට සැපයේ.

දියවැඩියාව නොයෙකුත් සංකූලතා ඇති කරයි. ක්ෂණිකව ඇතිවන සංකූලතාවයන් (ක්ෂණිකව සිරුරේ ග්ලුකෝස් මට්ටම පහළ යාම) ඇතිවන්නේ රෝගය නිසියාකාරව පාලනය නොකලහොත්ය. බැරෑරුම් දීර්ඝකාලීන සංකූලතාවයන් වන්නේ රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන්, වකුගඩු අඩපණ වීම,දෘෂ්ටිවිතානයට හානිවීම හා අවසාන වී අන්ධතාව ඇතිවීම, ස්නායු දුර්වල වීම , කුඩා රුධිර වාහිණී වල‍ට හානිවීම නිසා සිදුවන පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීනවීයාම. හා තුවාල සුවවීම ප්‍රමාද වීමෙන් තුවාල ඔඩුදිවීම සිදුවේ. මේ නිසා සැත්කමක් මගින් පාදය කපා ඉවත්කිරීමට පවා සිදුවිය හැක. දියවැඩියාවට මනාලෙස ප්‍රතිකාර ගැනීම, රුධිර පීඩනය පාලනය කිරීම, දුම්පානය අතහැරීම, සිරුරේ නිරෝගී බරක් පවත්වාගෙන යාම තුළින් ඉහත සඳහන් කරන ලද සංකූලතාවන් ඇතිවීමේ අවධානම අඩු කරයි. සංවර්ධිත රටවල්වල වයෝවෘද්ධ නොවන වැඩිමල් වැඩිහිටි පුද්ගලයන්ගේ අන්ධතාවයට හා අනතුරක් නිසා‍ෙවන් සුව නොවන පාද කපා ඉවත්කිරීම් වැඩිවශයෙන්ම සිදුවනු ලබන්නේ දියවැඩියාව හේතුවෙනි. තවද ඇමරිකා එක්සත් ජනපදයේ වකුගඩුවල රුධිර කාන්දු පෙරණය සිදුකිරීමත් අවශ්‍ය වන ප්‍රධානතම රෝගය වන්නේ දියවැඩියාව නිසා සිදුවන වකුගඩු නරක් වීමයි.

රෝග විනිශ්චය
Diabetes diagnostic criteria[1][2] edit
Condition 2 hour glucose Fasting glucose HbA1c
mmol/l(mg/dl) mmol/l(mg/dl) %
Normal <7.8 (<140) <6.1 (<110) <6.0
Impaired fasting glycaemia <7.8 (<140) ≥ 6.1(≥110) & <7.0(<126) 6.0–6.4
Impaired glucose tolerance ≥7.8 (≥140) <7.0 (<126) 6.0–6.4
Diabetes mellitus ≥11.1 (≥200) ≥7.0 (≥126) ≥6.5



පළමු වන වර්ගයේ දිය වැඩියාව සහ බොහෝ දෙවන වර්ගයේ දියවැඩියා ඇති රෝගීන් හදුනා ගැනීම සදහා අධික ලෙස මුත්‍රා පිටවීම, අධිකව පිපාසය ඇති වීම සහ අධිකව බඩගින්න ඇතිවීම යන රෝග ලක්ෂණ උපකාරීවේ. මෙම රෝග ලක්ෂණ දින කිහිපයක් හෝ සති කිහිපයක් වැනි කෙටිකාලයක් තුළ වර්ධනය විය හැකි අතර පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයන් ගෙන් ¼ ක් පමණ දියවැඩියාව හදුනාගන්නා අවස්ථවේදී දියවැඩියාව නිසා ඇති වන කීටෝන අම්ලතාවයෙන් පිඩා විදිති. දියවැඩියාව රෝග නිර්ණය කිරීම වෙනත් ආකාර මගින් ද සිදු කෙරේ. ඒවා නමින් සාමාන්‍ය සෞඛ්‍ය විමර්ශනයක් මගින්, වෛද්‍ය පරීක්ෂණ මගින් රුධිරයෙහි සීනි මට්ටම ඉහළ ගොස් ඇති බව මගින් සහ ඇස් පෙනීම දුර්වල වීම හා ඇග පතෙහි ඇතිවන තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මගින් යන ක්‍රම වලිනි. දියවැඩියාව නිසා ඇති වන නොයෙකුත් රෝග තත්ත්ව හා අවස්ථාවන් මගින් රෝගියෙකු පීඩා විදින බවට පෙන්නුම් කෙරෙන අවස්ථාවන්හිදී ද දියවැඩියාව ඇති බවට නිර්ණය කෙරේ. ඒවා නම් හෘදය අකර්මණ්‍යය වීම, ආඝාතය, ස්නායු දුර්වල වීම, තුවාල සුව වීමට කල්ගත වීම, ඇතැම් අක්ෂි රෝග, ඇතැම් දීලිර ආසාදන, වැඩි බරකින් යුක්ත දරුවකු ප්‍රසූත කිරීම සහ රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පහත යෑම යන සෞඛ්‍ය තත්ත්වයන්ය.

දියවැඩියාව කෙටිකාලීන හෝ දිගු කාලීනව අධික ලෙස රුධිරයෙහි සීනි මට්ටම ඉහළයාම හා සම්බන්ධවේ. එය නිර්ණය කිරීම සදහා පහත ආකාර වලින් එකක් යොදා ගැනේ.

නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 126 mg/dl (7.0mmol/l) හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී.
ග්‍රෑම් 75 ක් ග්ලූකෝස් පානයට ගෙන පැය දෙකකට පසු රුධිරය ලබාගන්නා ග්ලූකෝස් සීහුම් පරීක්ෂාවකදී රුධිර සීනි මට්ටම 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
අහඹු ලෙස ලබාගන්නා ලද රුධිර සාම්පලයක ග්ලුකොස් මට්ටම 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
රෝග ලක්ෂණ නොමැතිව ඉහත කී එක් පරීක්ෂණයක් පමණක් මගින් ඉහළ ග්ලුකොස් මට්ටමක් ඇති බවට පෙන්නුම් කරන අවස්ථාවන්හි දී ඉහතින් සදහන් කරන ලද වෙනත් පරීක්ෂණයක් වෙනයම් දිනක සිදු කිරීම මගින් රෝගය ඇති බවට තහවුරු කරගත හැකිය. බොහෝ වෛද්‍ය වරුන් රෝගීන් නිරාහාරව තබා රුධිර ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර බැලීම සදහා කැමැත්තක් දක්වන්නේ ග්ලූකෝස් සීහුම් පරික්ෂාවකට වඩා එය පහසු වන අතර අඩු කාලයකින් ප්‍රතිඵල ලබාගත හැකි බැවිනි. නූතන අර්ථ දැක්වීම් වලට අනුව නිරාහාරව සිට ලබාගන්නා රුධිර සාම්පලයක ග්ලූකෝස් මට්ටම අවස්ථා දෙකකදී 126 mg/dl (7.0mmol/l) හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී දියවැඩියාව ඇති බවට නිර්ණය කළ හැකිය.

නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 110 සිට 125 mg/dl අතර (6.1 – 7.0 mmol/l) ඇති අවස්ථාවන්හිදී නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීමට‍ බාධා ඇති වී ඇති අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. ග්ලූකෝස් ග්‍රෑම් 75 පානයට ලබාදීමෙන් පැය 2 කට පසු රුධිර ග්ලූකෝස් මට්ටම 140 mg/dl (7.8 mmol/l) හෝ ඊට වැඩි අවස්ථාවන්හිදි ග්ලූකෝස් සීහුම් පරීක්ෂාව සදහා බාධා ඇති වී ඇති බවට සැලකේ. මෙම අවස්ථාවන් දෙකෙහිදී පසුව සදහන් කළ අවස්ථාවන් ඇති රෝගීන් පසුකාලීනව දියවැඩියාව හා හෘද රෝග ඇති වීම සදහා වැඩි අවධානමක් ඇත.

රුධිරයෙහි ඇති ග්ලූකෝස් හිමොග්ලෝබින් අණු වෙත අප්‍රත්‍යාවර්ත ලෙස බැදී HbA1c නම් ග්ලූකෝස් බැදුනු හිමෝග්ලොබින් අණු බවට පත්වේ. මෙහි අගය සියයට 6 හො‍් ඊට වැඩි අගයක් ඇති අවස්ථාවන්හි දී අසාමාන්‍ය බවට සැලකේ. මෙය පසු ගිය දින 90 ක කාලයක් තුළ රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පිළිබද අවබෝධයක් ලබාදේ. කෙසේ වුවත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම පරීක්ෂණය පසුගිය මාස තුනක කාලයක් තුළ රෝගයෙහි පාලනය පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා යොදා ගැනේ. දියවැඩියාව ඇති රෝගියෙකුගේ මෙම HbA1c අගය 7% වඩා අඩු වී ඇති අතර එමගින් හොද ග්ලූකෝස් පාලනයක් පෙන්නුම් කෙරේ. ඇතැම් අවස්ථා වලදී මෙම අගය 6.5% ලෙස ගැනේ. මෙම අගයන් වලට වඩා අඩුවෙන් HbA1c මට්ටම පවත්වා ගන්නා රෝගීන් හට දියවැඩියාව නිසා ඇති වන අක්ෂි ආබාධ සහ ස්නායු ආබාධ වැනි සංකූලතා ඇති වීම අවම වේ.

වැළක්වීම
පළමු ආකරයේ දියවැඩියාව (type 1 diabetes) වැළක්වීමේ ක්‍රමයක් හඳුනාගෙන නොමැත. දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 diabetes) බොහෝ විට සාමාන්‍ය දේහ බර පවත්වා ගැනීම, කායික ව්‍යායාම සහ සෞක්‍යමය ආහාර වේල් ලබා ගැනීම මගින් වළක්වා ගත හැකි වේ. ආහාර වේලේ සිදු කරන වෙනස්කම් දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා බෙහෙවින් ඵලදායක වනු ඇත. පූර්ණ (නිවුඩ්ඩ ඉවත් නොකරන ලද) ධාන්‍ය සහ තන්තු; ඇට වර්ග, එළවලු තෙල් සහ මාළු ආදියේ ඇති ඇති අසන්තෘප්ත මේදය වැනි සුදුසු මේද යනාදිය ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. සීනිමය ආහාර හැකිතාක් පාලනය කිරීම සහ රතු මස් ආදී සංතෘප්ත මේද අඩංගු ආහාර අඩු කිරීම ද දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා ඉවහල් වනු ඇත. ක්‍රියාකාරී දුම් පානය ද දියවැඩියාව ඇති කිරීමේ වැඩි අවධානමක් සහිත සාධකයක් වෙයි. එහෙයින් දුම්පානයෙන් වැළකීම ද දියවැඩියාව වළක්වා ගැනීමට වැදගත් වෙයි.

ලිපඛදලි හිඹුටු මුලේ -
හැමරස ඵල බැබිල මුලේ
සුදුහඳුනුත් ගොකටු මුළේ -
දියවැඩියා නැත සියලේ

සුද්දන්ගෙ දොස්තරකම පටන් ගන්න එක තියා උන් රෙදි අඳින්නත් කලින් ඉඳල තමයි අපේ මුතුන්මිත්තො දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ බේත් නිර්මාණය කළේ. :P:P:P:P
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;18430054 said:
    ලිපඛදලි හිඹුටු මුලේ -
    හැමරස ඵල බැබිල මුලේ
    සුදුහඳුනුත් ගොකටු මුළේ -
    දියවැඩියා නැත සියලේ

    සුද්දන්ගෙ දොස්තරකම පටන් ගන්න එක තියා උන් රෙදි අඳින්නත් කලින් ඉඳල තමයි අපේ මුතුන්මිත්තො දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ බේත් නිර්මාණය කළේ. :P:P:P:P

    always salute for our tradition medicine machan
    when i ill most time i use ayuruwedic medicine coz ma sister is ayuruvedic doctor
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    one of the friend i know have type 2, he got it when he was 27....
    now not taking any medicine, but control with food... zero sugar intake, his Fasting level is always belwo 145.... is he in control level??
     

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    We go to the hospital to test our sugar level.They inform us that our sugar level
    is 100 or 200. But, no one measures and finds out which type of sugar is present in what quantity in our blood. There is no meaning in finding out
    how much is the total sugar.

    There is a separate machine to analyze and find out which type of sugar is in what quantity. This is called IR Study and UV Spectrum Study. The different types of sugar in the blood and their quantity can be seen only with the help of machines having th is facility. These machines cannot be found in any hospital. These will be found only in very big laboratories and research institutes. Therefore, there is no use of
    examining the total sugar in a general way

    In the hospitals, they give report on how much is the blood glucose level. But, no one checks the sugar level in the blood. The measure that is being seen now is called Plasma Glucose level.Plasma Glucose level is different from the sugar level in the blood.

    http://www.vvgc.org/SanMartin/flyer/Anatomic_Therapy_English.pdf

    You can read from Page 94.
     
    Last edited:

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    one of the friend i know have type 2, he got it when he was 27....
    now not taking any medicine, but control with food... zero sugar intake, his Fasting level is always belwo 145.... is he in control level??