දියවැඩියා රෝගීන්ට සහනයක්
දියවැඩියාව කියන්නේ ලෝකයේ වේගයෙන්ම පැතිරීගෙන යන සෞඛය අවදානමක්. මේ නිසාම මේ රෝගයට නිසි ප්‍රතිකාර ලබා දීමත් එය පාලනය කිරීමත් ඉතාමත් වැදගත්. මේ සඳහා කොරියානු පර්යේෂකයන් කණ්ඩායමක් අපූරු උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. මේ උපකරණයක් කිව්වට බැලු බැල්මට නම් පෙනෙන්නේ රබර් ප්ලාස්ටරයක් වගේ. මේ කුඩා patch එක වළලුකර ආශ්‍රිත සම මත තැබීමෙන් රුධිරයේ සිනි ප්‍රමාණය පහසුවෙන්ම මැන ගන්න පුළුවන්. ඒ මේ උපකරණය දහඩියට සංවේදී නිසයි. සාමාන්‍යයෙන් වර්තමානයේ රුධිරයේ සිනි ප්‍රමාණය මන බැලීමට භාවිතා වන ක්‍රමය වන්නේ රුධිර සාම්පලයක් ලබා ගැනීමයි.
මේ නව patch එකට දියවැඩියා රෝගීන් අතර සුලබව භාවිතා වන metformin ඖෂධය අදාළ රෝගීන්ට ස්වයන්ක්රියවම එන්නත් කිරීමේ හැකියාවක් ද පවතිනවා. ඒ මෙහි සම්බන්ධ කර ඇති කුඩා micro needles හරහායි.
පර්යේෂණය මෙහෙයවන සියෝල් ජාතික විශ්වවිද්‍යාලයේ (Seoul National University) Hyunjae Lee පවසා සිටියේ බොහෝ දියවැඩියාව රෝගීන් තම රුධිරයේ සීනි මට්ටම නිතරම මැනබැලීමට අකමැති වන්නේ රුධිරයේ ලබා ගැනීම වේදනාකාරී අත්දැකීමක් සේ සලකන නිසා බවයි. ඔවුන්ගේ මේ පර්යේෂණයේ අරමුණ රෝගීන්ට පහසු හා හිතකර ක්‍රමයකට මේ කටයුතු කර දීම බව පවසා සිටියා.
මේ patch එක නිර්මාණය කිරීම සඳහා ඔවුන් graphene (මිනිරන් වැනි) භාවිතා කර තිබෙනවා. මේ නිසා මෙය නම්‍යශීලි වන අතරම විද්‍යුත් ධාරා එහා මෙහා ගෙනයාමේ හැකියාවෙන් ද යුක්තයි. මේ උපාංගය තුල ඔබේ දහඩිය වලින් රුධිරයේ සිනි මට්ටම මන බැලීමේ සංවේදකයක් වගේම, pH අගය, උෂ්ණත්වය වගේම තෙතමනය මැන බැලීමේ සංවේදක ද තිබෙනවා.
මේ උපකරණය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එය වැඩියෙන් දහඩිය දමන පුද්ගලයන් මත භාවිතා කිරීම තරමක් අපහසු වනවා. කෙසේ නමුත් මෙය තවදුරටත් වැඩිදියුණු කිරීම පර්යේෂණ කණ්ඩායමේ මීළඟ වෑයමයි.
මේ වීඩියෝ එකත් බලන්නකෝ...
https://www.youtube.com/watch?v=9Z9eqr8sNIM
බම්ප් එකකින් සහ රේප් එකකින්වත් සලකල යන්න අමතක නොකරන්න.