දියවෙන ජීවිත 🧊

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    වෙලාවකට මම හිතනවා ...

    නිවන .... නිවන දැකීම ... කියන්නේ මාර අමුතු දෙයක් නේද කියලා ....

    හිතන්න අද මම ආනන්තරිය පාපකර්ම සේරම කරලා
    දස අකුසල් සේරම කරලා
    මිනිහෙක් ට කරන්න පුළුවන් උපරිම සීමාවකට සදාචාරසම්පන්න නැති වැරදි සේරම කරලා ( Killing, raping etc )

    හෙට මම වීර්ය වඩලා කුසල් වඩලා සංයෝජන ධර්ම නිරෝධ කරලා, ආරිහත් භාවය ලැබුවොත්,

    කල්ප 91 ක් පුරාවට මට නොපල දුන් අනුත්පන්න ක්ලේශයන් පල විපාක දීම නතර වෙනවා ...

    සතර අපායෙන් මිදෙනවා ...
    නැවත ඉපදීම නැති වෙනවා ....
    නිවෙනවා ....

    ඒක මාර දෙයක් නේද ... අවබෝධයට කරන්න පුළුවන් දේ .... හිත මනස වීර්ය වඩලා කරන්න පුළුවන් දේ .....

    මාර පුදුම ලෝක ධර්මතාවක් නිවන ....
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare