දියුනු වෙන හැටි II - computer shop

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
උබතුමා කරන මෙහෙවර කියලා වැඩක් නැහැ මමත් මොකක් හරි කරන්න කියලා ඉන්නේ ඔබතුමාගෙ උදව් උපකාර අවශ්සයි

:yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
උඹට ගොඩක් පිං මෙහෙම දේවල් කරනවට..
උඹට හරියන්න ඕන තව තවත්..
බුදු සරණයි!

Agreed with you mchan මෙවා ගොඩාක් දෙනෙක් තව කෙනෙකුට කියන්නෙ නැහැ නමුත් මෙතුමා නම් කියලා වැඩක් නැහැ එලම කොල්ලෙක් මචන්

ඔන්න බලපන් උබට වරදින්නෙ නැහැ බින්දුවට වැටුනත් කැම ටික හරි ලැබෙවි! ඔබට පින් ජය වෙවා
 
Jun 21, 2013
99
9
0
Agreed with you mchan මෙවා ගොඩාක් දෙනෙක් තව කෙනෙකුට කියන්නෙ නැහැ නමුත් මෙතුමා නම් කියලා වැඩක් නැහැ එලම කොල්ලෙක් මචන්

ඔන්න බලපන් උබට වරදින්නෙ නැහැ බින්දුවට වැටුනත් කැම ටික හරි ලැබෙවි! ඔබට පින් ජය වෙවා
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ දියුනු වෙන හැටි ගැන ටිහිබ්බ ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාරයක් ලැබුන නිසා මම ඊ ලඟට දානවයි කිව්ව පරිගනක වෙලඳාම ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.

    ඉස්සෙල්ලාම බලමු කඩයක් හොයා ගන්න හැටි.ඒ කියන්නෙ කඩේ දාන්න තැනක්.
    ටවුමක මැදක වගේ දාගන්න පුලුවන් නම් වැඩේ නැගලම යනව.ඒත් ඉතින් ටවුම් වල මැද කඩවල් වලට රෙන්ට් ගෙවනකොට ඉතින් ලාබ නෑනෙ.ඉස්සෙල්ලාම ඉතින් පොඩි තැනක් උනාට කමක් නෑ.උඩ තට්ටුවක උනාම ඉතින් කොහොමත් ගාන අඩුඉනෙ රෙන්ට් එක.
    මේ පැත්තෙ තියෙන හොඳම කම්පියුටර් පාට්ස් කඩේ තියෙන්නෙත් උඩ තට්ටුවක.පොඩි ඉඩක.ඒත් පට්ට බිස්නස්.
    මම ශොප් එකක් ගන්න හැටි මගේ පරන ත්‍රෙඩ් එකෙන්ම කොපියක් මෙතන දාන්නම්කො.

    "හොඳම දේ තමා හුන්ඩුවක් තරම් හරි කඩයක් ගන්න එක රෙන්ට් එකට.රු 4000-10000 කට කඩයක් හොයගන්න පුලුවන් නෙ.කොලඹ නම් බැරි වේ.ඒත් ගොඩක් පැති වල පොඩි කඩ කමරයක් ඒ තරම් ගනන් නෑ.අනික උඩ තට්ටුවක නම් තවත් අඩුඉ.
    ඊට පස්සෙ පට්ට බෝඩ් එකක් ගහන්න ඕනි හැම කෙනාටම පේන්න.බෝඩ් එකක් ගහන්න නම් 10ක් වත් යයි.ලොකු එකක් ගහන්න.ඕකෙ ෆ්‍රේම් එකට ටමා ලොකු ගානක් යන්නෙ.නැත්නම් අඩි 12x4 එකක් ගැහුවෙ 3000 ටද කොහේ මම.ලැලි කෑලි හරි ගහල වැඩේ අඩුවට කරගන්න තියෙන්නෙ.
    ශොප් එකක් ගැන කියනකොට මග ඇරුන.සමහරු කීමනි (රෙන්ට් එකට ගන්නකොට කීයක් හරි ඇපේට තියන්න වෙනව ඔයලා තැනට හානියක් කලොත් කපාගන්න ) අවුරුද්දක ඉල්ලනව.ඒක අඩු කරගන්න බලන්න.සමහරු නම් දෙය්යනේ කියල ගන්නෙ මාස 3-4 ක.රු 5000 ශොප් එකක් සෙට් උනොත් ඒ කියන්නෙ තියන්න ඕනි 15-20ක්.ඒ ගාන ඉතින් ඔයලා මොකුත් හානියක් නොකලොත් බිල් ටික ගානට ගෙව්වොත් වෙනින් තැනකට යනකොට අනිව ලැබෙනව."

    කඩේ පොඩි උනාට කමක් නෑ.මම දාල තියෙන එක අඩි 12x20ක වගේ කෑල්ලක්.
    ආ කියන්න එකක් තියේ.උඩ තට්ටුවක කඩයක් ගන්නව නම් පඩිපෙල හොඳද බලන්න.සමහරු ඉඩ ඉතුරු කරගන්න කියල පොඩිම පොඩි පඩිපෙලවල් ගහනව කවුරුවත් ඕවට කම්පිටරත් උස්සගෙන කොඉ වෙලේ වැටේද කියල හිතෙන පොඩි පඩිපෙලවල් වල නගින්නෙ නෑ යට තට්ටුවක තියෙන කඩේකට දීල දානව.
    හරි.ඔන්න දැන් කඩේකුත් සෙට් උනාය කියමුකො.

    ඒට පස්සෙ කඩේට හොඳ නමක් හෙම දගන්න ඕනි .ටක් ගාල කියන්න පුලුවන් නමක් නම් හොඳයි.මම දැම්මෙ 'iCom' කියල.ස්ටීව් ජොබ්ස් මහත්තයව කොපි කරල.මට කවුරු හරි එහෙම කිව්වොත් කියනව 'නෑ, අයි කියන්නෙ ඉන්ටනැශනල් කියන්න' කියල.මම අයි අකුර වෙන් කරල දාල තියෙන්නෙ.මේ තියෙන්නෙ ලොගෝ එක.

    3583te9.jpg


    ඒට පස්සෙ නම රු1500ක් දීල ප්‍රාදේශිය සභාවෙන් රෙගිස්ටර් කරගන්න.නැත්නම් කේස්.ඒට පස්සෙ ග්‍රාමසේවකයි, සභාවෙන් කෙනෙකුඉ ඇවිත් චෙක් කරල සහතිකේ දෙයි.
    ඒකට අයිඩී එකේ කොපියක් සාමවිනිසුරු කෙනෙක් ලවා අත්සන් කරලයි, කඩේ අයිතිකාර කෙනාගෙන් ඉඩමෙ ඔප්පුවක කොපියකුඉ (ඒකත් සහතික කරල ) ඕනි.ඒට පස්සෙ කඩේ දාන කෙනෙයි අයිති කෙනයි ග්‍රාමසේවක හම්බෙන්න ගිහිහ් එයා ඉස්සරහ ඉඩමෙ අයිති කෙනා ලියුමක්
    ලියන්න ඕනි 'මම මෙන්න මේ කෙනාට මෙන්න මේ තැන ව්යාපාරයක් කරන්න අවසර දෙනව' කියල.ඒක ග්‍රාමසේවක කරල දෙයි.කොහොමත් කඩ රෙන්ට් කරන අය වැඩේ දන්නව.ඊට පස්සෙ තමා ප්‍රාදේශිය සභාවට ඔය ටික බාරදෙන්න ඕනි.ඇතුලෙ කවුරු හරි අඳුනනව නම් හොඳයි නැත්නම්
    හරි අමරුඉ ඉක්මනට ඕව ගන්න.

    ඊට පස්සෙ රාක්ක ටිකක් ගහගන්න එපෑයෙ කම්පියුටර් තියන්න.මම හැදෙව්ව අඩි 4x2රාක්ක.යකඩ සහ ලී වලින් එකකට 8000ක් විතර ගියා.අඩි 6ක් උසයි.පොලවෙ ඉඳන් අඩියක් උඩින් පලවෙනි රාක්කෙ ඊට පස්සෙ අඩි 2.5ක් උඩින් ඊලඟ රාක්කෙ.

    ඒට පස්සෙ ශොව්කේස් දෙකක් ගත්තා.එකක් උස එකක්.මේව ඉතින් ඕනිම කරන එව නෙමේ.අතේ සල්ලි ටිකක් තිබ්බ නිසාත් මේ පැත්තෙ නගරෙම හොල්ලගෙන ඉන්න කම්පියුටර් කඩ දෙකක් රන් වෙන නිසාත් තමා ගත්තෙ.ශෝ කේස් එකේ උස එකට (අලමාරි වගේ ශෝකේස් තියෙන්නෙ වීදුරු වලින් හදපු, යට තියෙන පින්තූරෙ දොර ගාව තියෙන එක ) ඒක ගත්තෙ සෙකන්ඩ් හෑන්ඩ් එකක්.හික්z.15 000ක් ගියා.හදන්න ගියොත් 22 000ක් විතර යනව.හොඳට තිබ්බ නිසාත් ඉක්මනට දාගන්න ඕනි උන නිසාත් ගත්තා.ඊට පස්සෙ හැදෙව්ව අර පොඩි එකක්.මේ ෆොටෝ එකේ යට තියෙනව වගේ එකක්.14 000ක් ගියා.සෙකන්ඩ් හෑන්ඩ් එකක් 10 000ක් වගේ වේ.අඩි 4x1 එකක්.
    ඔය වගේ ඒකක් වත් ගන්න පුලුවන් නම් හොඳයි මොකද කගේ එක අයට අයිටම් දකින විදිහට තිබ්බම ආස හිතිලත් ගන්නව.
    මම නම් තනිකට එක තට්ටුවක ඔක්කොම අයිටම් බොක්ස් වලින් අයින් කරල තියල තියෙනව දොර ගාවම එන අයට පේන්න.

    eppqnl.jpg


    ඊට පස්සෙ හොඳ තැනක මේසයක් හෙම තියල (ඉඩ තියේ නම්) කස්ටමර්ස් ලට පුටු දෙකක් තියල ගෙදර තියෙන පුටු සෙට් එකක් උස්සන් ඇවිත් තියල හෙම පොඩි වෙනසක් කරන්න (මෙහෙ තියෙන කඩ වල කස්ටමර්ස් ලට ඉඳගන්න හෙම නෑ.හිටගෙන අරගෙන යන්න තියෙන්නෙ.ඉතින් අපි අපේ පොඩි ඉඩේ කොහොම හරි වෙනසක් වෙන්නත් එක්ක දැම්ම පුටු සෙට් එකක් කට්ටියට ඉඳගන්න.ඊට පස්සෙ අනික තමා මෙහෙ අතින් ලියපු බිලක් තමා දෙන්නෙ.අපි දෙන්නෙ ප්‍රින්ට් කරල.හිහ්.පොඩි පොඩි දේවලින් හරි කොර කරන්න එපේයෙ මිනිස්සුන්ව )

    නියම සොෆ්ට්වෙයා එකක් තියේ inFlow Inventory (site) කියල.ඒකෙ ප්‍රීමියම් වර්ශන් එකක් ගන්න පුලුවන් ටොරන්ට් එකකින්.
    ඒකෙ ස්ටොක් තියාගන්න, ඉන්වොයිස් ප්‍රින්ට් කරන්න හෙම ටක් ගාල පුලුවන්.ලාබ බලාගන්නත් පුලුවන්.අනික තමා ඔයාට පුලුවන් වෙනින් කඩේට යන්නෙ නැතිව ගෙදර ඉඳන්ම ඒ සොෆ්ට්වෙයා එකට ඉන්ටර්නෙට් හරහ ලොග් වෙලා කඩේ බිස්නස් වෙන්නෙ කොහොමද ලාබ කොහොමද අරව මේව බලාගන්න.
    සොෆ්ට්වෙයා එක ගැන වැඩි විස්තර ඕනි නම් අහන්න මම කියල දෙන්නම්.

    හරි දැන් තියෙන්නෙ බඩු ගන්න එක.
    අපි නම් දැනට ලොකුවටම කරන්නෙ පාවිච්චි කරපු කම්පියුටර්ස්.මොකද මේ පැත්තෙ (රත්නපුර පලාතෙ ) අලුතෙන්ම කම්පියුටර් ගන්න අය අඩුඉ.ගොඩක් අඩු ආදායම් ලබන අය තමා ඉන්නෙ.ඉතින් අලුත් එකක් ගන්න ගාන වගේ කීප ගුනයක් අඩු වෙන පරන එකක් ගන්න පුලුවන් නිසා හැමෝම ඒව තමා ගොඩක් ගන්නෙ.ඒවම කරන මේ පැත්තෙ කඩ්යක් තියේ කොයි වෙලේ ගියත් එකේ කට්ටිය.දැන් දාල අවුරුදු 3-4ක් වෙනව ඒක නම් (මම දාල මාසයක් වගේ වෙන්නෙ තාම ) පට්ට අලි එකෙන් ඉන්නෙ ඒකෙ කොල්ල නම්.හික්z.

    පාවිච්චි කරපු කම්පියුටර්ස් කියන්නෙ කොරියාවෙ පාවිච්චි කරපු ඒවට.
    ඒව ලොකුවටම හෝල්සේල් කරන අය දෙන්නෙක් ඉන්නව.ලොකුම තැන තමා නියෝවීව්. (මෙන්න එයාල කන්ටැක්ට් කරගන්න තොරතුරු , 95,නුවර පාර,යක්කල/ TEL 0332 232 232, ගම්පහයි නිට්ටම්බුවෙයි ශාකා තියේ ) ගානත් අවුලක් නෑ.මාසෙ හෝ මාස 6යේ වොරන්ටි ගන්න පුලුවන්.6යේ එක ගනන් අනික ගනන් අඩුයි.හැබැයි ඉතින් බඩු වලින් 10% අනිවා වැඩ කරන්නෙ නෑ.එයාල එවෙලෙ කම්පියුටර් නම් චෙක් කරනව.රැම් හාඩ් හෙම අපි ගෙඩර ඇවිත් කරගන්න ඕනි.ගෙඩර ආපු ගමන් කරනන් තියෙන්නෙ යාලුවො ටිකක් අල්ලගෙන ඔක්කොම ටික චෙක් කරන එක.
    අනික තමා යනව නම් උඩේම යන්න.මොකද ඕවට බිල් දාල වැඩ ටික කරන්න පැය 4-5ක් යනව.තියෙන්නෙ යක්කල හරියට කෑම කන්න තැනක් ලඟ පාත නෑ.එකක් තියේ නිකන් ක්ලබ් එකක් වගේ එකක් කෑම පට්ට ගනන්.අනිත් තැන් එපා වෙනව.
    අනිත් තැන තමා එස්.සී.ටී. (203/2, හොරන පාර,කොට්ටාව 011 2844228) බඩු අතෙන්ට වඩා පොඩ්ඩක් කොලිටි එකෙන් අඩුයි.ගාන ටිකක් වැඩ්යි.හැබැයි බඩු ඕනි තැනට වෑන් එකකින් ගෙනත් දානව කෝල් එකක් දුන්නම කිසි කරදරයක් නෑ.ඒත් අපි නම් බඩු වල පොඩි පොඩි කේස් නිසාම යක්කලින් තමා බඩු ගන්නෙ.යක්කල මොනව හරි ජාතියකින් බඩු 5කට වඩා ගන්නව නම් හෝල්සේල් ප්‍රයිස් තමා දාන්නෙ.

    ආ.අනික තමා ඔය මවුස් කීබෝඩ් ස්පීකර්ස් වෙබ්කැම් වගේ ව නම් බ්‍රෑන්ඩ්නිව බඩු යක්කල නෑ.ඒව එස්.සී.ටී එකට කිව්වම ටක් ගාල ගෙනත් දානව අව්ලක් නෑ.ඒත් ඉතින් එකම බඩු ටිකක් තමා එන්නෙ.ඒ නිසා අපි කරන්නෙ පිටකොටුවෙන් ඒව ටික ගන්න එක.පිටකොටුවෙ 'පලවෙනි හරස් වීදියෙ' තමා කම්පියුටර් බඩු තියෙන්නෙ.බ්‍රෑන්ඩ්නිව් බඩු.ඕකේ තියේ ස්පෙන්සර් හවුස් කියල එකක්.නිකන් පිටකොටුවෙ යුනිටි ප්ලාස වගේ තැනක්.ඒකෙ යටම තට්ටුවෙ තියේ ඇට්කම්පියුටර්ස් කියල තැනක්.අන්න එතන ගොඩක් බඩු වල ගාන අඩුඉ.අනික තමා ඕනිවෙලාවක ගියාම බඩු මාරු කරල දෙනව.අවුරුදු2ක් විතර වොරන්ටි ඒ කියන්නෙ.තව එතනම උඩ තට්ටුවෙ කඩවල කීබොර්ඩ් වල හෙම ගාන අඩුඉ.කොයිකටත් ඔය පලවෙනි හරස් වීදියෙ ඇවිදල බලන්න තව වෙන හොඳ ශොප්ස් තියේද දන්නෙ නෑ.අපි ඉතින් වැඩේට අලුත්නෙ.

    ඔන්න ඉතින් ඕනිම කරන ටික ලිව්ව.
    දැන් නම් අතත් රිදෙහනව.ගෙවල් පැත්ටෙ ගිහින් කාල හෙම එන්න ඕනි.
    මොනව හරි දැන ගන්න දෙයක් තියේ නම් මේ ගැන අහන්න.මම කියල දෙන්නම්.
    ආ ඉවර වෙන්න කලින් යන ගානත් කියන්න ඕනිනෙ.සාමන්යෙන් කම්පිටර් 5-6ක් මිනිටොර් 5-6ක් මවුස්,කීබෝඩ්,ස්පේකර්ස්,වෙබ්කැම්,හාඩ් (80,40,60,160,250), රැම් (512,1) , මදර්බෝඩ්, පවර් සප්ලයි , ලප්ටොප් කූලර්ස්, වීජීඒ, කේබල්ස්, ඩොන්ගල්ස්, කාඩ් රීඩර්, හෙඩ්සෙට් ජාති දෙකකින්, සීඩී ඩීවීඩී රොම් වගේ හැම දේකින්ම 10-15 ගානෙ අරන් පොඩියට පටන් ගන්න අතේ ලක්ශ 3-3.5ක් තිබ්බම ඇති.

    ආ...මම ගත්ත බඩු ලිස්ට් වල කොපි ටිකක් උප්ලොඅඩ් කරන්නම්කො ඔයාලට ඉස්සෙල්ලාම ඕනි බඩු මොනවද ඒවල ගනන් කොහොමද ගත්තෙ කොහෙන්ද අරව මේව ගැන අයිඩියා එකක් ගන්නත් එක්ක.

    download bills

    ආ අනික තමා ශොප් එකක් දානව නම් ලඟ තියෙන ශොප් වලට යලුවො හෙම යවල එයාලගෙ ප්‍රයිසස් කොහොමද කියල බලාගන්න.අනිවර්යෙන් එයල අලුතෙන් කඩයක් දැම්ම ගමන් ගනන් අඩු කරන්වා.ඒ නිස ඉස්සෙල්ලාම පොඩි ලාබ තියල බඩු දෙන්න.අපි නම් ලොකු රිස්ක් එකක් අරන් වෙඩක් කර්නව.අපි බඩු ගන්නෙත් මාස 1ක වොරන්ටි එකකට ඒ උනාට මාස 6ක් අපි කස්ටමර්ට දෙනව.ඒක වෙන මේ පැත්තෙ කඩවල් වල කරන්නෙ නෑ.අඩු ගානෙ මුල ටිකේ වත් අපි එහෙම දෙන්න ඉන්නෙ.
    අනික තමා ඉතින් අනිත් කඩ වලට කෙලවෙන්නම ගනන් අඩු කරන්නත් එපා.ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපේයෙ.කාවවත් වට්ටල ඉස්සරහට අවිත් වැඩක් නෑ.

    මුල මාස වල නම් අනිවා බිස්නස් අඩුයි.කට්ට කාගෙන ඉන්න.කම්පියුටරයක් හයි කරගෙන එලකිරියෙ රවුමක් ගහන්න ටීවී සීරිස් එකක් බලන්න.නැත්නම් මම වගේ මොකක් හරි ක්ලාඅස් තියෙන තැනක් ගාව කඩේ දාගන්න කෑලි බල බල ඉන්න.ඒතකොට යාලුවොත් අඩුවක් නැතිව එනව කෑලි බල බල කතා කර කර ඉන්න කම්මලිත් නැති නිසා.
    අනික තමා මම කඩේට දාල තියෙන්නෙ මගෙ බොකකක්.උට දුන්නෙ පඩි නෙමේ ශෙයාර් එකක්.එතකොට එයත් මහන්සි වෙලා වැඩ කරනවනෙ.
    මම නම් හිතන්නෙ අපි අදායම් හදාගන්න ඕනි අපි ඒ තැන වැඩිය ඉන්නෙ නෙති උනාට අපිට ඉන්කම් එක ගන්න පුලුවන් වෙන්න.තෙරුනද දන්නෙ නෑ එක.ඒ කියන්නෙ ගෙදෙට්ට වෙල හිටියත් ඉන්කම් එන්න.එහෙම කියල කම්මලි වෙලා හරියන්නෙ නෑ...මුල ටිකෙ මර කට්ටක් කන්න වෙනව.මම අවුරුදු 18ක් වෙනකම් බස් එකක ගිහින් නැති එකෙක් දැන් බස් එකෙ පිටකොටු ගිහින් බඩු එල්ලන් එනව.හික්z.යලුවන්ගෙ හැටියට නම් මම මේ පව් ගෙවනවලු.මට නම් මේව ආතල්.මහන්සි වෙලා තමන්ම කියල කීයක් හරි හොයන එක ගෙදරින් ඉල්ලල චටර් වෙනවට වඩා කොච්චර ශෝක්ද.අනේ මන්ද ඉතින්.ඒ මම හිතන හැටි.

    කොහොම හරි වෙනසක් වෙන දෙයක් කරන්න.ලොකු අයිටම්ස් ගන්නකොට පට්ට ඉන්වොයිස් එකක් ගහල දෙන්න.කඩේට කෙනෙක් ආවම සර්,මිස් කියල කියන්න.වාඩිවෙන්න කියන්න.කොල්ලෙක් කඩේට අවම කොර වෙන්න ටෝක දාන්න යකෝ මූ දන්න දේවල් කියල හිතෙන්න.හැමදාම ඔය යුටියුබ් වගේ දේකින් රෙපෙයාර් ගැන ඉගෙන ගන්න.

    ඊබේ එකෙ තියෙන අලුත් අයිටම් ගැන හෙවිල්ලෙන් ඉන්න.රෙපෙයා වලට ආවම ඉක්මනට සුපිරියට කරල දෙන්න.දන්නෙ නැති කෙනෙක් ආවම උන්ගෙන් කඩාගන්න හදන්න එපා සදාරනව බිස්නස් එක කර්න්න.පුලුවන් නම් උදේට ආවම බුදුන්ට පාන තියන්න.කඩේ වෙන කෙනෙක් යටතෙ තිබ්බට පොඩ්ඩක් අවිල්ල හොයල යන්න.මේ ටික කලේ මමනෙ කියල සතුටු වෙන්න.මිනිස්සුන්ව අන්ඳල පාට්ස් දාන්න යන්න එපා අමරුවෙන් හම්බ කරන දේනෙ උනුත්.20-30ක පඩියක් අරන් අමරුවෙන් ලමයට පරන කම්පියුටරයක් ගන්න ආවම උන්ව අඳන එක බලු වැඩක්නෙ.මම නම් සමහර වෙලාවට ෆෝමැට් වලට පොඩි උන්ට ගේම් එකක් දාල දෙන්න හෙම දුප්පත් පොරක් කියල පේනව නම් සල්ලි ගන්නෙ නෑ.මොකෝ ඉතින් අතින් දෙයක් යනව ඈ.
    පොඩි එකෙක් ආසවට බඩුවක් ගන්න තාත්තත් එක්ක හෙම අවිත් සබ් එකක හෙම ගනන් අහල මූල කලු කරගෙන යන්න හැදුවම තවත් සමන්ය ගානටත් වඩ අඩු කර්ල දෙනව ඉතින් පව්නෙ.අපි ඒ කාලෙ කොහ්ච්චර ඕවට ආසද.එහෙම කියල මම වෙස්සන්තර වෙන්න යන්නෙත් නෑ මොකද අපි කරන්නෙත් බිස්නස් එකක්නෙ.යලුවෙක් හෙම ආවොත් ඉතින් අනිවා අඩු කර්නව.වයිරස් ගාඩ් එකක් හෙම දාල දෙන්න කිව්වම ඕවට සල්ලි ගන්නෙ නෑ අවාස්ට් දාන්න සල්ලි ගන්නෙ මොකටද හික්z.අනිත් තැන් නම් ඉතින් හෙනට සල්ලි කඩාගන්නව ඕවට මේ පැත්තෙ.පන්ඩිතයෙක් ඇවිල්ල අලි ටෝක දැම්මොත් නම් ඔන්න යක නගිනව.කියන දෙයක් අහන්නෙම නැති උන් හෙම ඉන්නෙ.අන්න උන්ට නම් මොනව දැම්මත් 250යි-500යි.ලොල්

    කොහොම හරි කමක් නෑ සාදාරනව, හදවතක් ඇතිව බිස්නස් එක කර්න්න.ඒතකොට මොනව නැතත් අපිට සැටිස්.මිනිස්සුත් ටිකෙන් ටික හරි එන්නෙ එතකොට.

    දැන ගන්න තව දෙයක් තියේ නම් අහන්න.මගෙ පරන ත්‍රෙඩ් එක කියෙව්වෙ නැත්නම් බලන්නකො.
    ආයෙ වෙලාව තියෙන වෙලාවක තව බිස්නස් එකක් පටන් ගන්න හැටි කරගෙන යන හැටි දාන්නම්.ජය වේවා.


    දියුනු වෙන හැටි I


    maxxa machoooooooooo,,,all the best:):):):):)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ඔයාගේ බිල් ටික බැලුවා . ග්‍රීන් ටෙල් ඩොන්ගල් අරන් තියෙන්නේ රීටේල් ප්‍රයිස් එකට. මම කස්ටමර්ට දෙන්නෙත් 2800 බන්.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම ඔයාගේ බිල් ටික බැලුවා . ග්‍රීන් ටෙල් ඩොන්ගල් අරන් තියෙන්නේ රීටේල් ප්‍රයිස් එකට. මම කස්ටමර්ට දෙන්නෙත් 2800 බන්.

    Do u have 4G dongles theyenawada?
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    machan podi prashnayak ahannada tharaha wenna epa.
    den yaluwai oyai denna masekata kiyak witara profit karanawada? yaluwata kiyak denawada?
    api rental gewagena shop karanna giyoth padui da?