දිය කිඳුරිය සේ සාගරේ

chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    දිය කිඳුරිය සේ සාගරේ

    දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ
    දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ

    දේහ ලතාවේ රූසිරු වරුනේ නොදැවී මේ නෙත යා වෙලා
    දිගු නිල් වරලේ නිළුපුල් නයනේ සැඟ වේව හද පා වෙලා
    ගිනි දැල් පරදා හසරැල් නැගුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා
    මනසේ ඇඳුනා දෙනෙතින් මිදුනා සිහිනය සේ නොපෙනී ගියා
    මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ උපදින සසරේ වාසනා

    දෙදෙනා හමුවී පෙරදා සසරේ උන්නා සේ මට ලංවෙලා
    සුපුරුදු සුවඳයි ඔබ ලඟ දැනුනේ කවුරුන්දෝ මේ රූපිකා
    හිරු දැක බිඳෙනා පිනි මල වාගේ ඔබ ඇසුරෙන් වෙන් වී නොයා
    රෑ තනි යිවුරේ ඈත ඉසව්වේ දෙදෙනා යමු පෙම් චාරිකා
    තනි වෙමු ඔබ මා මේ සැන කෙලියේ ඔබටයි මේ පෙම් ගීතිකා

    දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ
    දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ



    Code:
    http://www.ziddu.com/download/8940055/DiyaKinduriyaSeReMake-D.N.AFeatSanjulafrom.mp3.html