අවශ්‍ය ද්‍රව්‍ය:
- ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6
- අමුමිරිස් කරල් 3 – 4 ක්
- උම්බලකඩ 20 g
- ලුණු ස්වල්පයක්
- දෙහි බෑවක ඇඹුල්
- පොල් බෑයක කිරි
- රාත්‍රියේ උයා ඉතිරි බත් ටිකක්
සාදා ගන්නා ආකාරය:
- පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප්‍රමාණයකට බත් ටික වැසෙන ප්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න).
- පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත හදනවා මෙන්න මෙහෙම ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා.
- දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න.
- උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න.
- ඉන්පසු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර ගන්න.
- ඉන් පසුව මේකට පොල්කිරි ටික එකතුකරන්න.
- දෙහි ඇඹුල් අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව.
- ඔබට ගැස්ට්‍රයිටිස් තත්වය ගොඩක්ම වැඩියි නම් කිතුල් හකුරු එක්කරගන්නත් පුළුවන්.එහෙනම් කාලා බලලා රසගුණ අගුණ කියන්න.
ගැස්ට්‍රයිටිස් වලට හොදම විසඳුම දිය බත.
මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න
original Article Click Here