දිය යටින් - හොඳින් හෝ නරකින් බාධක ජයගැනීම

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    දිය යටින් - හොඳින් හෝ නරකින් බාධක ජයගැනීම

    :sorry::sorry:

    අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන මා හිමිපාණන් වහන්සේ හදිසි අනතුරට ලක් වීමෙන් පසු වහාම කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර එහි විශේෂඥ වෛද්‍යවරුන් විසින් කොන්දට අදාලව ශල්‍ය කර්මයකට භාජනය කරන ලදී. කළුබෝවිල රෝහලේ සිටින්නේද ශ්‍රී ලංකාවේ ඉතාමත් පළපුරුදු සහ උගත් වෛද්‍යවරුන් වන අතර ඔවුන් සිය උපරිම ශක්තිය යොදවා ශල්‍ය කර්මය සාර්ථකව සිදු කළෝ ය. ශල්‍ය කර්මයෙන් අනතුරුව උන්වහන්සේ සුව වෙමින් සිටි අතර, තම හිතවතුන් කිහිප දෙනෙකුටද කතාබහ කර ඇත. :confused:

    ඉන් අනතුරුව උන්වහන්සේගේ රිබ්ස් (Ribs), එනම් පපුවේ ඇති අස්ථි කොටස් කැඩී ඇති බව පවසමින්, අස්ථි බද්ධයක් සිදුකිරීම සඳහා කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය මත උන්වහන්සේව බලහත්කාරයෙන්ම ආසිරි සර්ජිකල් නැමති පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත. :sorry: එහිදී පැය 10 ක ශල්‍යකර්මයක් සිදුකර ඇත. ඊට මූලික වී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් වෛද්‍ය සුජාතා සේනාරත්න යි. :shocked:

    h9991453_002_pi.jpg


    රිබ්ස් කැඩුන විට සාමාන්‍යයෙන් සිදු කරන්නේ ඒවා සුව වෙන තුරු ඒවා හරිගස්වා රෝගියාව විවේකීව තැබීම යි. අතිශය අවදානම් තත්ත්වයක් එනම් කැඩී ඇති රිබ්ස් නිසා හෘදයට හානි වෙන ආකාරයේ අවදානමක් තිබුණොත් මිස ඒවා බද්ධ කිරීමට යන්නේ නැති බව කලුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවසා තිබුණි.:confused:

    එසේම අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිගේ රිබ්ස් කැඩී තිබීම කිසිදු අවදානම් සහගත තත්ත්වයේ එකක් නොවුණි. කොන්දට අදාල ශල්‍ය කර්මය කිරීමෙන් පසුව උන්වහන්සේ සිය හිතවතුන් සමග හොඳින් කතා බහ කිරීමෙන්ම උන්වහන්සේ සුව වෙමින් සිටි බව පැහැදිළි වෙයි.

    කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සැත්කම සාර්ථකව සිදුකර උන්වහන්සේ විවේකීව වැඩ සිටියදී, උන්වහන්සේගේ වයසට ඔරොත්තු දෙන්නේ නැති ආකාරයට පැය 10 ක ශල්‍ය කර්මයක් සිදුකිරීම වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇත. :angry::angry:

    වෛද්‍ය සුජාතා සේනාරත්න යනු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ බිරිඳ බැවින්, වෛද්‍යවරුන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමට ඇති අකැමති භාවය නිසා මේ ගැන වැඩි යමක් ප්‍රසිද්ධියේ පවසන්නේ නැත. මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා උක්ත සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යංගයෙන් පවසා තිබූ නමුත් ඔහුට මේ වන විට බරපතල බලපෑම් එල්ල වෙමින් පවතියි.

    wasantha.jpg


    බටහිර රටක මෙවැන්නක් සිදුවුණානම් අදාල පෞද්ගලික රෝහලේ බලපත්‍රය තාවකාලිකව තහනම් කර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා පරීක්ෂණයක් සිදුකර, ඊට මැදිහත් වූ උදවියට එරෙහිව නීතිපතිවරයා ලවා අපරාධ නඩු ගොනු කරයි. එහිත් බෙල්ලන්විල විමලරතන හිමිට අදාලව ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයක් තියා හදිසි මරණ පරීක්ෂණයවත් නිසියාකාරව සිදු වී නැත.

    බෙල්ලන්විල විමලරතන හිමිට අදාලව හදිසි මරණ පරීක්ෂණය සිදු කළ යුතුව තිබුණේ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක විසිනි. නමිත් උන්වහන්සේගේ හදිසි මරණ පරීක්ෂණය වෙනත් බල ප්‍රදේශයක මරණ පරීක්ෂක වරයෙක් විසින් සිදුකර තිබේ. එය හිරු රූපවාහිනිය වාර්තා කළේ මෙලෙසයි.



    එසේම උන්වහන්සේට හදිසි අනතුර සිදුවූයේ ඇතෙක් පහර දීමක් නිසා බව ඇත්ගොව්වා විසින් මාධ්‍ය වෙත පවසා මාධ්‍ය වල එසේ පළ වීමත්, ඉන් අනතුරුව තමන්ට ඇතෙක් පහර නොදුන් බව උන්වහන්සේ පැවසූවේ යැයි උන්වහන්සේගේ සහෝදර භික්ෂූන් වහන්සේ වන බෙල්ලන්විල ධම්මරතන හිමි මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමත් යන පරස්පරතාවය නිසා උන්වහන්සේගේ අපවත් වීම මෑත කාලයේ සිදුවුණ තවත් අභිරහස් භික්ෂු අපවත්වීමක් බවට පත්ව ඇත.


    බෙල්ලන්විල විමලරතන හිමිගේ අපවත්වීම සැක සහිතයි, කළුබෝවිල රෝහල් ආරංචිමාර්ග තහවුරු කරයි.
    February 19, 2018 InsideColombo.com

    PS : භික්‍ෂුන් අපවත් කරවීම ශ්‍රී ලාංකිකයින්ට නවමු අත්දැකීමක් නොවන නමුත් මෑතකදී කාගේත් සැකයට භාජනයව කරලියට පැමිණි මෙම සිදුවීම නිදහස් මනසක් ඇති හුදී ජනයාගේ දැනගැනීම පිණිස සංවේගයෙන් යුතුව බෙදාගන්නා ලදී
     
    Last edited:
    • Like
    Reactions: richlife

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ දොස්තරතුමා උතුම් මනුස්සයෙක් මචං..
    මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ශකතුමා මෙතුමා.. රටට ජාතියට බොහොම ලැදි කෙනෙක්..

    මට නම් ඔය රාජිත පවුල ගැන තඹ සතේක විශ්වාසයක් නෑ... රට උනත් විකුණයි සල්ලි කීයක් හරි හම්බවෙනව නම්... මොකක් හරි යටි කූට්ටු වැඩක් තියෙන්න පුලුවන් කියල හිතෙනවා බං.. :sorry:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මේ දොස්තරතුමා උතුම් මනුස්සයෙක් මචං..
    මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ශකතුමා මෙතුමා.. රටට ජාතියට බොහොම ලැදි කෙනෙක්..

    මට නම් ඔය රාජිත පවුල ගැන තඹ සතේක විශ්වාසයක් නෑ... රට උනත් විකුණයි සල්ලි කීයක් හරි හම්බවෙනව නම්... මොකක් හරි යටි කූට්ටු වැඩක් තියෙන්න පුලුවන් කියල හිතෙනවා බං.. :sorry:
    :yes::yes::yes::yes::sorry::sorry:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේ දොස්තරතුමා උතුම් මනුස්සයෙක් මචං..
    මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ශකතුමා මෙතුමා.. රටට ජාතියට බොහොම ලැදි කෙනෙක්..

    මට නම් ඔය රාජිත පවුල ගැන තඹ සතේක විශ්වාසයක් නෑ... රට උනත් විකුණයි සල්ලි කීයක් හරි හම්බවෙනව නම්... මොකක් හරි යටි කූට්ටු වැඩක් තියෙන්න පුලුවන් කියල හිතෙනවා බං.. :sorry:

    ow bro. :sorry::sorry: