දිය_යට_ටෙනිස් පිටියක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    දිය_යට_ටෙනිස් පිටියක්

    ඩුබායි නගරය කියන්නේ සෑමවිටම පුවත් මවනා නගරයක්. එයට හේතුව වන්නේ එම නගර වැසියන් සතු ඉතා විශාල මුදල් කන්දරාවයි. මිනිසා විසින් නිපදවන ලද අරුම පුදුම ස්ථාන රැසක් මේ නිසා ඩුබායි හි දක්නට ලැබෙනවා. අද මෙම පිටුව වෙන් වන්නේද එවන් ස්ථානයක් වෙතයි. ඒ තමයි දිය යට ටෙනිස් ක්‍රීඩා පිටිය. හැබැයි මෙය තාම ඉදිවෙලා නම් නෑ.

    තවමත් සංකල්පයක් පමණක් වන මෙම අදහසෙහි හිමිකරු වන්නේ ලෝක ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. 30 වැනි වියෙහි පසුවන පෝලන්ත ජාතික Krzysztof Kotla නම් මෙම ගෘහ නිර්මාණය ශිල්පියා මේ වනවිටත් දිය යට ටෙනිස් ක්‍රීඩා පිටියක් තැනීම සඳහා සියලු ගෘහ නිර්මාණ සැලසුම් සකස් කර අවසන්. වර්සෝව් නගරයේ පිහිටි 8+8 නම් සංකල්ප චිත්‍රාගාරයක හිමිකරු වන කොට්ලා පවසන්නේ මෙය ගොඩනැගීම සඳහා සුදුසුම ස්ථානය ඩුබායි බවයි.

    ඔහු තව දුරටත් පවසා සිටින්නේ සුපිරි තාක්ෂණය, පරිසර විද්‍යාව හා ක්‍රීඩාව යන අංශ තුනම මෙහිදී සම්බන්ධ වන නිසා ආර්ථික වශයෙන් ඉතාමත් ඉහළ වටිනාකමක් සහිත ව්‍යාපෘතියක් ලෙස මෙය සැලකිය හැකි බවයි.

    ටෙනිස් ක්‍රීඩා නැරැඹීමට කැමැති සියල්ලන්ට මෙය උද්යෝගයක් ඇති කරවන ආරංචියක් වුවද ඉංජිනේරුවන් පවසා සිටින්නේ කාර්මික අපහසුතා හා වැය වන විශාල මුදල නිසා මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් කිරීම තරමක් අපහසු බවයි. ඔවුන් පවසන පරිදි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම අභියෝගය වන්නේ මෙහි අඩංගු වන විශාල වීදුරු නිපදවීමටයි.

    සාමාන්‍යයෙන් මීටර් 33ක පළලකින් යුතු කවාකාර වීදුරු මේ සඳහා අවශ්‍ය වන අතර වර්තමානයේ නිපදවන්නේ සාමාන්‍යයෙන් මීටර් 10ක් පමණ වන වීදුරු නිසා මේ සඳහා යන්ත්‍ර සූත්‍ර හා තාක්ෂණය වෙනම ම නිපදවිය යුතු බව ඔවුන් පවසනවා. මෙය ගොඩ නැඟීමේදී තාක්ෂණික අභියෝගතා විශාල ප්‍රමාණයක් පැන නැගුනද මේ සියල්ලටම වඩා විශාලම ප්‍රශ්නය වන්නේ මානව සම්පත සම්බන්ධයෙන් පැන නඟින අභියෝග වලට මුහුණ දීමයි. ගොඩබිම හා දියයට අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම හා හදිසි තත්වයන් වලදී ඇතුළත සිටින මිනිසුන් ආරක්ෂාකර ගැනීම මේ අතරින් සුවිශේෂයි.

    ඉතා විශාල මුදලක් වැය කර මෙවැනි ව්‍යාපෘතියක් සිදු කිරීමට කිසිවකු ඉදිරිපත්වීම සැකසහිත බව සමහරකු පවසන අතර මෙය ගොඩනැගුවත් පරාවර්තනය වන ආලෝකය හා විශාල මසුන් නිසා ක්‍රීඩකයන්ව ලෙහෙසියෙන් නොමඟ යෑමට ඉඩ ඇති බව තවත් සමහරකු පවසනවා.

    ඩුබායි හි ඉදිකිරීමට යන එකම දිය යට ව්‍යාපෘතිය මෙය නොවේ. මුහුද යට නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටත් තවත් සමාගමක් සැලසුම් කරමින් සිටින බව ආරංචි වනවා. නැව්වල නැංගුරම් වලින් භූ කම්පන හා සුනාමි වැනි අවස්ථාවන් සඳහාද ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි ලෙසින් මෙවැනි ඉදිකිරීම සිදුකිරීමට විශාල පරිශ්‍රමයක් හා අති විශාල මුදලක් වැය වනවා.

    ඩුබායි හි වෙසෙන කෝටිපතියන්ට මෙම මුදල එතරම් විශාල මුදලක් නොවන නිසා නොබෝ කලකින්ම අපිට දිය යට ටෙනිස් ක්‍රීඩාංගණයක් දැකිය හැකි වන්නේ විම්බල්ඩන් තරගාවලියේ දකින්නට ලැබෙන විවෘත කිරීමට හා වැසීමට හැකි වහළය සහිත ක්‍රීඩාංගණය සඳහා වැයවූ මුදල සොච්චම් මුදලක් බවට පත් කරමිනි.


    OGMU739.jpg


    9AkZWNN.jpg







    (සිළුමිණ)​
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    Munta salli walata karanna wadak nathnam ara somaliyawe wage ratawal wala minissunta udaw karanna puluwanne.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Munta salli walata karanna wadak nathnam ara somaliyawe wage ratawal wala minissunta udaw karanna puluwanne.

    Math hithanne ohoma thamai. :)

    Mama hithanne mulu lokema 1 government ekak yatathata enna ona. Eeeta passe Communist system ekak ethule (eka eka jana warga wala culture ekata garu karamin) lokema palanaya wenna ona.