දිය_වැල්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    වරක් බැසීමට පෙර දෙවරක් සිතන්න
    -----------------------------------------------------------,

    මීගමුව මුහුද ආශ්‍රිතව නිතර සිද්ධ වෙන මරණ වලට වග උත්තරකරු මේ දියවැල්....

    මූහුද දැකලා නාන්න හිතුනාම වෙරලේ රැල්ල අඩුම තැනක් තමයි හොයන්නේ. අන්න අර හරියේ රැල්ල අඩුයි එතනට යමු කියල ඕන්න ඉතින් ළමයි එහෙම එක්කගෙන යනවා රැල්ල අඩු හරියට. අවාසනාවට ඒ වගේ තැන් වල තමයි වෙරලේ ඉදලා මුහුද දෙසට යන ජල ප්‍රවාහයන් නැත්නම් ( Rip Currents) තියෙන්නේ.

    වෙරල කිට්ටුව නිසලව තියෙන නිසා ඉන ගැබුරට ඇවිද ගියාම කකුල් දෙකෙන් මුහුද පැත්තට ඇදලා ගන්නවා දැනුනාම හිතන්න පරක්කු වැඩියි.

    දිය වැල් ඇති වෙන්නෙ මෙහෙමයි. මුහුදු රළ විශාල ජල ප‍්‍රමාණයක් වෙරළට රැගෙන එනවා. එම රළ බිඳී යෑමෙන් පසු මේ ජලය නැවත මුහුදට ගලා යා යුතුයි. නො කඩවා පැමිණෙන රළ මේ ආපසු ගලා යෑමට බාධා කරනවා. නැවත මුහුදට ගලා යන තෙක් මේ ජලය වෙරළ ඉමදිගේ දෙපසට ගමන් කරමින් සිට ක්‍ෂණික ව පහසු ස්ථානයකින් වේගයෙන් මුහුදට ගලා යාම සිදු වෙනවා. වෙරළාසන්න ව මුහුදු පතුලේ පවතින වැලිපරවල සෑදී ඇති හිඩැස්වලින් මෙසේ දියවැල් (Rip Currents) ඇති වීම සිදු වෙනවා. එවැනි ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ.

    මිනිත්තුවකටත් අඩු කාලයක දී මීටර් තුන්සියයක් පමණ වෙරළෙන් ඈතට ඔබ ව රැගෙන යන්න මේ දියවැලකට පුළුවන්.
    දිගු වෙරළ තීරවල සාමාන්‍යයෙන් මීටර් 200කට වරක් වගේ මෙවැනි දියවැල් ඇති වෙනවා. ඉතාමත් නිසල මුහුදේ පවා ඇති වන මෙවැනි දියවැල් නිසා මුහුදේ පිහිනමින් සිටින අය මෙන් ම ඉණ තෙක් මුහුදට බැස සිට ගෙන සිටින අය පවා ගැඹුරු මුහුදට ඇදී යන්න පුළුවන්. මේ නිසා පිහිනන්න දන්නෙ නැත්නම් මුහුදට බහින්නෙ නැති එක වඩාත් නුවණට හුරුයි. ඔබට ඔබ ගැන කොපමණ විශ්වාස වුණත් කිසි ම විටක තනිව ම මුහුදේ නාන්න යෑමෙන් වළකින එක හොඳයි.

    දියවැල් ඇති වෙන තැන් හඳුනා ගන්නෙ කොහොම ද ?

    සාමාන්‍යයෙන් අප පාර පනින්න පෙර දෙපස හොඳින් බලනවා. ඒ වගේ, මුහුදට බහින්න පෙරත් ටික වෙලාවක් හොඳින් නිරීක්‍ෂණය කළොත් දියවැල් ඇති වෙන තැන් හඳුනා ගත හැකි යි. වෙරළ ආසන්නයේ දී රළ බිඳෙන විට සුදු පැහැයට දකින්න පුළුවන්. මේ සුදුපැහැති තීර අතරේ සමහර තැන් නිසල, අඳුරු ලෙසින් නිරීක්‍ෂණය වෙනවා. මේ තැන්වලින් ජලය මත පාවෙන නොයෙක් ද්‍රව්‍ය මුහුදට ගලා යනු දකින්න පුළුවන්. එවන් ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ. මේ නිසා ඔබ කොතරම් පිහිනීමට දක්ෂ වුණත් මුහුදට බහින්න පෙර මෙසේ ටික වේලාවක් නිරීක්ෂණය කළොත් වඩා ආරක්‍ෂාකාරී තැන් සොයා ගන්න පුළුවන් වේවි.

    මේ දියවැල්වල වේගය පිහිණුම් ශූරයන්ගේ වේගයටත් වඩා වැඩි බව ඔබ මතක තබා ගන්න. සමහර මුහුදු තීර කොහෙත් ම දිය නෑමට නිර්දේශ කරන්නෙ නැහැ. නොයෙක් අනතුරු හැඟවීමේ පුවරු මෙවන් ස්ථානවල සවිකර තිබෙනවා. මුහුදට බහින්න පෙර මේ ගැනත් ටිකක් විමසිලිමත් වෙන්න. අවදානම් සහිත ස්ථානවල පවා මුහුදේ පිහිනීමෙන් තමන්ගේ පුහු වීරත්වය පෙන්වන්න සමහර අය කැමති යි. හිස් මිනිසුන්ගෙන් ලැබෙන පුහු වර්ණනාවන්ට වඩා අතිශය දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතය වටින බව ඔබ අමතක කරන්න එපා.

    දිය වැලකට හසුවුණොත් කුමක්ද කළ යුත්තේ?

    දිය වැලකට හසුවුව හොත් කිසි ම විටක ඊට එරෙහි ව පීනන්න උත්සාහ කරන්න එපා. දියවැලේ වේගය ඔබේ පිහිනුම් වේගයට වඩා වැඩි නිසා ඔබට එය කළ නො හැකියි. මේ වෙනුවට වෙරළට සමාන්තර ව පිහිනීමෙන් දියවැලෙන් ඉවත්විය හැකියි. ඉන් පසු වෙරළ දෙසට පිහිනන්න පුළුවන්. මෙසේ ඉවතට පිහිනන්න නො හැකි නම් ජලය මතුපිට රැඳී සිටිමින් උදව් අවශ්‍ය බවට අත උස්සා සංඥා කරන්න.
    sketch-1578892112574.png
    [/IMG]
    FB-IMG-1578892026638.jpg


    FB-IMG-1578892037675.jpg


    උපුටාගැනීමකි

    නිශාන් රෙජී නිශා ගේ පිටුවෙන්.
    (මෙය මාගේ ලිපියක් නෙවෙයි
    ගත්තේ fb එකෙන් . )
    බලලා තවත් කෙනෙකුට දකින්න Bump එකක් දාගෙනම යන්න යාළුවේ
     
    Last edited: