දිල්ලියේ පොළව යට මහා වෙළඳපොළ ‘පාලිකා බසාර&#353

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    දිල්ලියේ පොළව යට මහා වෙළඳපොළ ‘පාලිකා බසාර&#353

    කලින් ලිපියකදි සරෝජනී නගරයේ සාප්පු සවාරිය ගැන කියද්දි පොරොන්දු වුණා පාලිකා බසාර් හෙවත් පාලිකා වෙළඳ කලාපය ගැන කියන්න. මොකද ඉන්දියාවේ නවදිල්ලි පැත්තේ සංචාරයට යන උදවියට තියන බරපතලම ප්‍රශ්නය සාප්පු සවාරි යන්න නිවැරදි තැනක් හොයාගන්න එක වන නිසා.

    මුලින්ම කියන්න ඕන පාලිකා බසාර් කියන්නේ පුදුම හිතෙන තැනක්. සරලවම කියනවනම් පොළව යට අක්කර ගණනාවක් පුරා පැතිරිලා තියන කඩ සාප්පු දහසකට වැඩි ප්‍රමාණයක් ඇති නොනිඳන වෙළඳ නගරයක්. ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වලින් ඇවිත් බඩ මිළට ගන්න වෙළෙන්දන් වගේම විදේශීය, දේශීය ජනතාව ඉතා විශාල සංඛ්‍යාවක් සැරිසරන වෙළඳ කලාපයක් තමයි පාලිකා බසාර්.

    පාලිකා බසාර් පිහිටලා තියෙන්නේ මධ්‍යම නව දිල්ලියේ. ඒ කියන්නේ හරියටම දිල්ලි නගරයේ මැද. දිල්ලියේ ප්‍රධානා පරිපාලන නගරය විදිහට සලකන්නේ රාජව් චෝක් (රාජිව් කොලණිය) දිවංගත රජිව් ගාන්ධි අගමැතිතුමන්ගේ නමින් නම්කරපු රාජව් චෝක් හි දිල්ලියේ ප්‍රධානම පරිපාලන ආයතන පිහිටලා තියෙනවා. ඒ නිසා ආරක්ෂාව වගේම මාර්ග තදබදයත් ටිකක් වැඩියි.

    අපි ගමන් කලේ ගුරුගාන් ඉඳන් දිල්ලිය බලායන මෙට්‍රෝ විදුලි දුම්රියෙන් නිසා ගමන පහසු වුණා. ගුරුගාන් HUDA City ඉඳන් දිල්ලියට දුර කිලෝමීටර් 45ක් විතර. Yellow Line Metro එකේ උද්යෝග් බවන්, Central Secretariat, පාටෙල් චෝක් දුම්රිය ස්ථාන පහුවෙද්දි ඊළඟට හමුවෙන්නේ රාජිව් චෝක් දුම්රිය ස්ථානය. රාජව් චෝක් ඉඳන් දිල්ලි දුම්රිය පොළට දුර කිලෝමීටර් එකහමාරක්. මේ රාජව් චොක් ප්‍රදේශයේ සෙන්ට්‍රල් පාර්ක් කියන්නේ ඉන්දියාවේ ජනාකීර්ණම ප්‍රදේශය.

    රාජිව් චෝක් මෙට්‍රෝ දුම්රිය ස්ථානයෙන් එළියට බහිද්දිම තියෙන්නේ අහස උසට මීටර් සිය ගණනක් ඉහළට එසවුණු ඉන්දියුනා ධජය. මම හිතන්නේ උසම ඉන්දියානු ධජය වෙන්න ඕන. ඒක මුලින්ම දකින අපිට පවා ඇතිවෙන්නේ ඉන්දියාව ගැන ලොකු අභිමානයක්, එහෙමනම් ඉන්දියානු වැසියන්ට ඒක කොහොම අත්දැකීමක් වෙනවා.

    දුම්රිය ස්ථානයේ ඉඳන් ටික දුරක් ඇවිදගෙන එද්දි පොළව යටට විහිදෙන විශාල දොරටුවක් තිබෙන පාලිකා බසාර් දැකගන්න පුළුවන්. මේ දොරටුවෙන් ඇතුල්වෙද්දි ඔබේ බෑග් ස්වයංක්‍රීය යන්ත්‍රයකින් පරික්ෂාවට භාජනය කරනවා. ඉන්දියාවට එල්ලවී තිබෙන ත්‍රස්ත තර්ජනය මේකට හේතුවක්. ඒ පැත්තෙන් බලද්දි ලංකාවේ අපි තාමත් වාසනාවන්තයි.

    පාලිකා බසාර් දොරටුවේ පඩිපෙලෙන් පහළට බැස්සමා එක් එක් මාර්ගවල කඩ සාප්පු දහස් ගාණක් තියන ආකාරයත්, ඒවායේ විවිධ ඇඳුම් ආයිත්තම්, උපකරණ ඇතුලු බොහොමයක් දේවල් අලෙවියට තබා ඇති ආකාරය දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ ඉන්දියානු සාරියක් ඉන්දියානු රුපියල් 100 ඉඳන් (ලංකාවේ රුපියල් 300 ක් විතර) මිළක ඉඳන් ඉහළට මිලට ගන්න පුළුවන්. ඉන්දියානු ආභරණ, මතක සටහන් පුදුමාකාර අඩු මිළකට ගුණාත්මක දේ මිළට ගන්න අපූරු තැනක් තමයි පාලිකා බසාර්.

    කාන්තාවක් නම් පාලිකා බසාර් දොරටුවෙන් ඇතුල් වුනොත් ආයෙත් පැය ගණනකට එළියට එන්නේ නෑ. ඒ තරමට තෝරන්න දේවල් තියනවා. ටිකක් හෙට්ටු කළොත් මිළත් අඩු කරගන්න පුළුවන්, ඒ වගේම ව්‍යාපාරයකට තොග වශයෙන් මිළට ගන්නවනම් බොහොම ලාභයි.

    පාලිකා බසාර් වෙළඳ සංකීර්ණයේත් නිතරම සොරුන් ගැවසෙන නිසා ඔබේ පොකට් එක ගැන කල්පනාවෙන්, ඒ වගේම ජංගම දුරකතන ගැනත් අවධානයෙන් ඉන්න. කොහොම වුනත් පාලිකා බසාර් කියන්නේ පොළව යටට ගිහින් සාප්පු සවාරියක අත්දැකීම ගන්න පුළුවන් උපරිම තැනක්.

    මූලාශ්‍රය - https://her.lk/travel-girl/916-palika-bazaar