දිල්ලියේ_නිවාස_අහිමි_ජනතාවට_ඡන්ද_වරම්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
දිල්ලියේ_නිවාස_අහිමි_ජනතාවට_ඡන්ද_වරම්

දිල්ලියේ නිවාස අහිමි ජනතාවට ඡන්ද වරම්


140409150305_homeless_vote-1.jpg


ඉන්දියාවේ දිල්ලි අගනුවර ජීවත් වන හිසට සෙවණක් අහිමි ජනතාව සිය ජීවිතයේ පළමු වතාවට මෙවර මහ මැතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කිරීමට වරම් ලබති. ඒ මැතිවරණ කොමිසම විසින් ඔවුන්ගේ නම් ඡන්ද හිමි නාම ලේඛන වලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බැවින්.


140409150307_homeless_vote-2.jpg


ලෝකයේ විශාලතම මහ මැතිවරණය ලෙස හඳුන්වන ඉන්දියානු මහ මැතිවරණය සඳහා මිලියන 814ක් ජන්ද දායකයින් ලෙස සුදුසුකම් ලබා සිටිති. පියවර නමයකින් සමන්විත ඡන්ද විමසීම අප්‍රේල් මස 7 වනදා ඇරඹුනු අතර එය මැයි මස 12 වන දින නිමාවීමට නියමිතයි

140409150309_homeless_vote-3.jpg


පසුගිය වර්ෂයේ තම මැතිවරණ හැඳුනුම්පත ලබාගැනීමට සමත් වූ 36 වියැති සුරෝද් බින්ද් අනෙකුත් නිවාස අහිමි ජනතාවටද ඔවුන්ගේ මැතිවරණ හැඳුනුම් පත ලබාගැනීම පිණිස ලියාපදිංචි වීම උපකාර කළේය.

140409150311_homeless_vote-4.jpg


බැංකු ගිණුමක් විවෘත කර ගැනීම, මුළුතැන්ගෙය සඳා ගෘහස්ථ ගෑස් සම්බන්ධතාවක් ලබාගැනීම දුම්රියෙන් ගමන් කිරීම ආදි අනන්‍යතාවය පැහැදිලි කිරීමට අවශ්‍ය කෙරෙන අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීම පිණිසද මෙම මැතිවරණ හැඳුනුම් පත ප්‍රයෝජනයට ගත හැකි බැවින් එය හිමිකරුවන්ට වෙනත් ප්‍රයෝජන රැසක්ද අත්වී තිබේ.


140409150313_homeless_vote-5.jpg


දිල්ලියේ නිවාස අහිමි ජනතාවගේ ප්‍රමාණය හැටදහසක් පමණ වන බවයි නිල ඇස්තමේන්තු අනුව පෙනී යන්නේ. ඔවුන්ගේ සමහර දෙනෙක් රූපවාහිනියේ ප්‍රචාරය වන ක්‍රිකට් තරඟ නැරඹීම පිණිස පැරණි දිල්ලි නගරයේ තාවකාලිකව ඉදිකළ කූඩාරම් වල රැස්ව සිටිති.

140409150315_homeless_vote-6.jpg


මේ නිවාස අහිමි ජනතාව දුම්රිය ස්ථාන වටා, බස් නැවතුම් පල් වල, ගුවන් පාලම්, පදික වේදිකා සහ යමුනා නදී තෙරේ ඉවුරු වල උමං මාර්ග වැනි ස්ථාන වල ලැඟුම් ගෙන සිටිති.

140409150317_homeless_vote-7.jpg


කෙසේ වෙතත් නිවාස අහිමි ජනතාවගෙන් බොහෝ දෙනෙකු පවසන්නේ තමන් අයැදුම්පත් ඉදිරිපත් කොට ඇති නමුත් මැතිවරණ හැඳුනුම්පත් තවමත් ලැබී නොමැති බවයි. සමහර දෙනෙක් කෝපයට පත්ව සිටින අතර මැතිවරණ නිළධාරීන් වෙත අල්ලස් පවා ලබාදුන් බවට ඔවුහු චෝදනා කරති.

140409150319_homeless_vote-8.jpg


21 වියැති සුනිල් ටාන්ටි කුඩාකල සිටම දිල්ලියේ ජීවත් වන්නෙක්. කැනෝවීට් පෙදෙසේ හනුමාන් කෝවිල අසල තේ කඩයක වැඩ කරන සුනිල්, තම දෙමාපියන් කවුරුන්ද යන වග හෝ ඔවුන් කොහේ ජීවත් වනවාද යන්න පිළිබඳ කිසිවක් කීමට දන්නේ නැහැ.'' අනිත් සේරටම වඩා මේ මැතිවරණ හැඳුනුම්පත , පොලීසියේ මහත්වරුන්ගේ කරදරයෙන් මාව බේරාගනීවි," ඔහු පවසයි.

140409150322_homeless_vote-9.jpg


අසූපස් වියැති වික්ටෝරියා ජීවත් වන්නේ ඇයගේ හැටතුන් හැවිරිදි පුතා ඔගස්ටීන් සමඟ දකුණු දිග දිල්ලියේ මලාවියා නගර් හි පිහිටි ගුවන් පාලමක් යට. හිඟමන් යැදීමෙන් දවසකට සුළු මුදලක් සොයාගන්නා ඔගස්ටීන්ට මැතිවරණ හැඳුනුම් පතක් ලබාගැනීමට හැකිවී තිබෙනව. එහෙත් වික්ටෝරියාට එවැන්නක් නැහැ.


BBC Sinhala Sandeshaya
 
  • Like
Reactions: signshop

signshop

Well-known member
  • May 30, 2011
    12,243
    9,039
    113
    Dubai
    ඉන්දියාවේ මෙහෙම පීඩිත දුගී මිනිස්සු හිටියට මුන්ගේ උද්දච්ච කම නම් කතා කරලා වැඩක් නෑ. උන් හිතාගෙන ඉන්නේ ඉන්දියාව කියන්නේ ඇමරිකාව වගේ සුපිරි රටක් කියලා. මේවා මුන්ට පෙන්නන්න ඔන. තෑන්ක්ස් මචන්.. රෙප් දුන්නා
     
    • Like
    Reactions: siripala

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Thanks machan ..Rep added for you.


    ඉන්දියාවේ මෙහෙම පීඩිත දුගී මිනිස්සු හිටියට මුන්ගේ උද්දච්ච කම නම් කතා කරලා වැඩක් නෑ. උන් හිතාගෙන ඉන්නේ ඉන්දියාව කියන්නේ ඇමරිකාව වගේ සුපිරි රටක් කියලා. මේවා මුන්ට පෙන්නන්න ඔන. තෑන්ක්ස් මචන්.. රෙප් දුන්නා