දිලිත් හා අනුර - අපි නොදකින වෙනස
දිලිත් හා අනුර - අපි නොදකින වෙනස
===============================
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පිළිබඳ නිවැරැදිම නිර්වචනය මා දුටුවේ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීරගෙනි.
කෙතරම් දේශපාලන විවේචන දැක තිබුනද කිසිදු දේශපාලඥයෙකු මින්පෙර දිලිත් ජයවීර තරම් නිවැරදිව අනුර කුමාර දිසානායක කියවා තිබුණේ නැත.
මෙරට ඉතා පළපුරුදු සහ ප්‍රවීණම ඇඩ්වර්ටයිසින්කාරයා සහ සාර්ථක ව්‍යාපාරිකයකු වන දිලිත් දේවල් දකින්නේ ව්‍යාපාරික ඇසකින් නිසා අනුර කුමාර පිළිබඳ ඔහුගේ කියවීම මෙතරම් ආසන්න සහ නිවැරදි වන්නට විය හැක.
දිලිත් ජයවීර සිය සම්මුඛ සාකච්ඡාවේදී විග්‍රහ කරන අන්දමට ජවිපෙ දේශපාලනය දැන් අවසන්ය.
මෙරට සමාජවාදී පාලනයක් ඇති කිරීම සිය පරම අරමුණ කරගත්, ජීවිත පරිත්‍යාගයෙන් ඒ උදෙසා සමාජවාදී මතය පැළ කිරීමට සිය දේශපාලනය හැසිර වූ ජවිපේ දැන් නැත. ඒ වෙනුවට දැන් පවතින්නේ මුදල් ඉපයීම සිය අරමුණ කර ගත් ඉතා සාර්ථක, ඉතා විශාල ලාබ ලබනා සමූහ ව්‍යාපාරයකි.
අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා වූ දා පටන් ජවිපෙ එම අභ්‍යන්තර විප්ලවය ආරම්භ වුනි. දැන් ජවිපෙ කටයුතු කරන්නේ සිය පාරිභෝගිකයන් ඔවුන්ට ලබා දෙන කොන්ත්‍රාත්තු නිසි පරිදි, නිසි වේලාවට ඉටු කිරීම වෙනුවෙනි. ඒ සඳහා මෙරට සිටින දක්ෂතම සහ සුදුසුම කණ්ඩායම ජවිපෙ බවටද බවද සැකයක් නැත.
උදාහරණයක් ලෙසට ඇමෙරිකාවට සහ ඉන්දියාවට මෙරට ව්‍යවස්ථාවට සංශෝධනයක් අවශ්‍ය වූ විට එය සාදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට භාර දෙන්නේ ජවිපෙට ය. එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ පටන් ජනතාවට ගෙන යාම දක්වා අතිවිශාල කාර්යභාරයක් ජවිපෙ විසින් සිදු කරයි.
ඒ සඳහා ජවිපෙ ඉතා ඉහල නමුත් සාධාරණ මිලක් අය කරනවා ඇත.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය, දෙමළ ඩයස්පෝරාව ආදි ඔවුන්ගේ ඉහළම පාරිභෝගිකයන්ට අවශ්‍ය දේශපාලන මත සමාජගත කිරීම හා දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීමද ජවිපෙ ව්‍යාපාරයක් වශයෙන් සිදු කරයි.
උදාහරණයක් ලෙසට රනිල් වික්‍රමසිංහට මෙරට මාධ්‍ය කළු මාධ්‍ය වශයෙන් "බ්‍රෑන්ඩ්" කිරීමට අවශ්‍ය වූ විට එම කොන්ත්‍රාත්තුවද ලබා දෙන්නේ ජවිපෙටය. ජවිපෙ එය ඉතා සාර්ථකව සිදු කරයි.
දෙමළ සන්ධානයට අවශ්‍ය වන විසිවන සංශෝධනය සහ විධායකය අහෝසි කිරීම සිංහල ජනතාව අතර සමාජගත කිරීමේ කොන්ත්‍රාත්තුවද හිමිවන්නේ ජවිපෙ ව්‍යාපාරයටය. ජවිපෙ එම "ක්ලයන්ට්"ගේද අවශ්‍යතාවයද මැනවින් ඉටු කරදේ.
දිලිත් විස්තර කළ පරිදි ජවිපෙ ව්‍යාපාර ජාලය සීමා වන්නේ එවැනි මත පැල කිරීමට හා දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීම වැනි දේට පමණක් නොවේ.
මේ රටේ ප්‍රමුඛතම පෞද්ගලික ව්‍යාපාර සහ රජයේ ආයතනවල වෘත්තීය සමිති බොහෝමයක් පාලනය වන්නේ ජවිපෙ යටතේ ය. ඒවා ජවිපෙ ව්‍යාපාරයේ ඉතා ඉහල වත්කම් ලෙස හැඳින්විය හැක.
එම ව්‍යාපාරවල හිමිකරුවන් සමග ගිවිසුම් ගත වී මුදල් එපැයීම මෙන්ම ඇතැම් විටෙක සිය ව්‍යාපාරයේ ආධිපත්‍ය භාවිතා කරමින් ඔවුන් බ්ලැක්මේල් කරමින් මුදල් ඉපැයීමද ජවිපෙ සිදු කරයි.
එය මෙලෙස විග්‍රහ කළ හැක. ධම්මික පෙරේරාගේ සියලුම ව්‍යාපාරයන්හි 2019 වසරේදී කිසිදු වැඩ වර්ජනයක් සිදු නොවන බවට ජවිපෙ විසින් ධම්මික පෙරේරාට සහතිකයක් ලබා දෙමින් ගිවිසුම් ගත වේ. ඒ සඳහා ජවිපෙ ධම්මික පෙරේරාට නියම කරන මුදල මිලියන කිහිපයකි. ධම්මික පෙරේරාටද එම ගිවිසුම ඉතා ලාභදායක වන්නේ මෙම වසර තුළදී සිය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ වැටුප් වැඩි නොකළ යුතු නිසාය. එමගින් ඔහුට ජවිපෙට ගෙවූ මිලියන ගණනට වඩා මුදලක් ඉතිරි ඉතිරි කර ගත හැකි වනු ඇත. එය දෙපාර්ශ්වයට ම ඉතාම සතුටුදායක වින්/ වින් ආකාරයේ ව්‍යාපාරික ගිවිසුමකි.
ජවිපෙ ව්‍යාපාරය ආදායම් උපයන්නේ එවැනි ව්‍යාපාරික මෙහෙයුම් තුලිනි.
මෙරටට ගම්මිරිස් ප්‍රතිඅපනය හඳුන්වා දෙමින් එය මහා පරිමාණයෙන් සිදු කරමින් මෙරට ගම්මිරිස් මිල බිඳ දැමූ, මොහොමඩ් ඉබ්‍රහීම්ගෙන් මුදල් ලබා ගෙන ඔහු සිය ජාතික ලයිස්තුවට ඇතුළත් කිරීමට ජවිපෙ කටයුතු කර,
ඉන්පසුව මොණරාගල ගොස් ගම්මිරිස් ගොවීන් සමග එක්ව ගම්මිරිස් මිල බිඳවැටීමට සහ ගම්මිරිස් ප්‍රතිඅපනයනයට එරෙහිව විරෝධතා කිරීමට ජවිපෙට හැකි වන්නේ ඔවුන්ගේ මෙම ඉතා උපක්‍රමශීලී ව්‍යාපාර ස්වභාවය නිසාය.
ඒ අතින් ගත් කල ජවිපෙ ව්‍යාපාර ජාලය සහ එහි සභාපති අනුර කුමාර දිසානායක, දෙරණ මාධ්‍ය ජාලය සහ එහි සභාපති දිලිත් ජයවීරට වඩා ඉතා සාර්ථක ව්‍යාපාර මනසක් සහිත ව්‍යාපාරිකයෙකි.
දිලිත් පවසන ආකාරයට දෙරණ මාධ්‍ය ජාලයට බිලියන 8ක ණය තිබියදී, ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ බිලියන හයක ස්ථාවර තැන්පතු සහිත ප්‍රබල ව්‍යාපාරයක් වීමට හැකි වන්නේ මෙම හේතුන් නිසාය.
දෙරණ සහ ජවිපෙ ව්‍යාපාර අතර ඇති එම වෙනස හේතු වූ තවත් හේතුවක් මා දකිමි.
දෙරණ මාධ්‍ය ජාලයේ ව්‍යාපාර සහකරුවන් සිටින්නේ කිහිපදෙනෙකි. ඒ දිලිත්, වරුණි වැනි අයවලුන් පිරිසකි. දෙරණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටිනා සෙසු විශාල පිරිස ආයතනයේ සේවක සේවිකාවන් පිරිසයි.
සෙසු සෑම ව්‍යාපාරකම මෙන් දෙරණ ව්‍යාපාර ජාලයේ සේවක සේවිකාවන්ද දිලිත්ගේ ව්‍යාපාර තුළ සේවය කරනුයේ වැටුප් හා වරප්‍රසාද මුල් කරගෙනය. දිලිත් නිසි වේලාවට ඔවුන්ට වැටුප් ගෙවිය යුතුය. එයට අමතරව ඊ.ටී.එෆ්, ඊ.පී.ෆ් සහ තවත් නොයෙකුත් වරප්‍රසාද සහ දීමනා ලබා දිය යුතුය. වසරකට දෙවරක් බෝනස් ගෙවිය යුතුය.
මේ සඳහා දිලිත් ජයවීරට විශාල පිරිවැයක් දැරීමට සිදුවෙයි. දෙරණ ව්‍යාපාරජාලයේ ලාභය සනිටුහන් වන්නේ ඒ සියලුම පිරිවැයන් ඔවුන්ගේ ආදායමෙන් ඉවත් කළ පසුය.
අනික් පසට අනුර කුමාර දිසානායක සභාපතීත්වය දරන ජවිපෙ ව්‍යාපාර ජාලයේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. මෙය දිලිත් ජයවීරද සාකච්ඡාවේදී වරද්දා ගත් බව මා හට නිරීක්ෂණය විය.
ජවිපෙ ව්‍යාපාර ජාලය තුළද දෙරණ ව්‍යාපාර ජාලය මෙන් සේවක සේවිකාවන් සිටිති. එය අගයක් ලෙස ගත් ගත් කල දෙරණ ව්‍යාපාර ජාලයට වඩා කිහිප ගුණයක සේවක සේවිකා සංඛ්‍යාවකි.
එනමුදු විශේෂත්වය වන්නේ මෙම සේවක, සේවිකාවන් නඩත්තු කිරීමට සහ ඔවුන්ගෙන් රාජකාරී කරවා ගැනීමට අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ ව්‍යාපාර සහකරුවන්ට කිසිඳු පිරිවැටුපක් වැය නොවීමයි.
ජවිපෙ සිදුකරන උද්ඝෝෂණ, විරෝධතා, පෝස්ටර් කැම්පේන්, වැඩ වර්ජන ආදි සියලුම ව්‍යාපාරික කටයුතුවලට මෙම සේවක සේවිකාවන් සිය දායකත්වය නොපිරිහෙලා ලබාදේ. එනමුදු ජවිපෙ ව්‍යාපාර ජාලය ඔවුන්ට වැටුප් ගෙවීමට අවශ්‍ය නැත.
ජවිපෙ ව්‍යාපාරය සිය පාරිභෝගිකයන් අතර තව තවත් ශක්තිමත් වීමට ඔවුන්ට ඡන්දය ලබා දීමද මෙම සේවක සේවිකාවන් ස්වේච්ඡාවෙන් සිදු කරයි.
දිලිත් සිය සම්මුඛ සාකච්ඡාවේදි ලක්ෂ කිහිපයක් වූ මෙම ජවිපෙ මෙම සේවක, සේවිකා පිරිස පාරිභෝගිකයන් යැයි වරදවා හැඳින්වූවා දුටුමි.
සැබැවින්ම ජවිපෙ පාරිභෝගිකයන් යනු ඔවුන් මුදල් ලබාගෙන සිය සේවා ලබා දෙන එජාපය, දෙමළ සන්ධානය, ඩයස්පෝරාව, තානාපති කාර්යාල හ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ආදීන් ය.
ජවිපෙ ව්‍යාපාරය වෙනුවෙන් මෙහෙවර කරනා මේ ලක්ෂ ගණනක පිරිස ව්‍යාපාරයේ වැටුප් නොලබන සේවක සේවිකාවන් ය.
ඔවුන් ස්වේච්ඡාවෙන් සිය කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් ජවිපෙ ව්‍යාපාර ජාලය වෙනුවෙන් ඇප කැපවී මෙහෙවරකම් සිදු කරති. එම නිසා ව්‍යාපාරයට කිසිදු පිරිවැයක් නැත. ඇත්තේ වත්කම් ලාභ හා ඉපයීම් පමණි.
ව්‍යාපාරයේ සියලුම වත්කම්, ආදායම් බෙදී යන්නේ අනුර කුමාර දිසානායක ඇතුළු ඔහුගේ ව්‍යාපාර හවුල්කරුව්න් අතර ය.
ඒ ටිල්වින් සිල්වා, විජිත හේරත්, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති, වසන්ත සමරසිංහ ආදී ජවිපෙ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ය.
අනුර කුමාර දිසානායක ජවිපෙ පක්ෂ නායකත්වයට පත් වී ජවිපෙ ව්‍යාපාරයක් වීමට ප්‍රථම එහි සාමාජිකයෙකු කේ.ඩී ලාල්කාන්ත සිය අඹුදරුවන් පෝෂණය කළේ පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා ගත් සහල් සහ පොල් වලින් බව ප්‍රසිද්ධියේ කීවා ඔබට මතක ඇත.
නමුත් මෑතකදී එම ලාල්කාන්තම පැවසුවේ සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට යැවීමට තරම් තමන් හට වත්කම් සහ දේපළ තිබෙන බවය.
වසර කිහිපයකින් සිදු වූ එම වෙනසට සම්පූර්ණ හේතුව වන්නේ අනුර කුමාර දිසානායක විසින් ජවිපෙ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කොට එහි ව්‍යාපාර සහකරුවෙක් වශයෙන් කේ.ඩී ලාල්කාන්ත පත්කර ගැනීමය.
ව්‍යාපාරිකයකු වශයෙන් අනුර කුමාර දිසානායක දිලිත් ජයවීරට වඩා සාර්ථක වී ඇත්තේද, ජවිපෙ ව්‍යාපාර ජාලයද දෙරණ ව්‍යාපාර ජාලයට වඩා ලාභ උපයන, විශාල ව්‍යාපාරයක් බවට පත්වී ඇත්තේද මෙම වෙනස හේතුවෙනි.
උපුටා ගැනීමකි