සම්පූර්ණ නම
දෝන දිලිනි ලක්මාලි තිරිමාන්න
*උපන්දිනය
1990 මැයි 16
*ලග්නය
තුලා
*ජීවිතේ වීරයා
වීරයෝ නෑ
*බලාපොරොත්තුව
ලොකු බලාපොරොත්තු නෑ
*ඉතින්, දිලිනි කොහොමද මේ දවස්වල ජීවිතේ?
ටිකක් කාර්යයබහුලයි. ටෙලි නාට්‍ය 03 ක විතර වැඩ කටයුතු කරනවා. කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශවල තමයි රූගත කිරීම් කරන්නේ. ඒ හින්දම මේ දවස්වල ටිකක් කාර්යයබහුලයි.
ඔබට ඉතාම ඉහළ මිලකට, ඔබ බොහොම ප්‍රියකරන අධ්‍යක්ෂවරයෙකුගේ ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක ප්‍රධාන චරිතය සඳහා ආරාධනා ලැබෙනවා. නමුත් ඒ චරිතය සඳහා ඔබට සම්පූර්ණයෙන්ම හිස මුඩු කරන්න සිද්ධවෙනවා. ඔබ චරිතය බාරගන්නවද?
නැහැ.
*ඔබට තරුණයෙකුගෙන් ප්‍රථමවරට ආදර යෝජනාවක් ලැබුණේ වයස අවුරුදු කීයෙදීද?
අවුරුදු 15 ක් හෝ 16 දී.
*මේ දක්වා ඔබේ ජීවිතය තුළ ඔබේ කිසියම් දක්ෂතාවයක් වෙනුවෙන් ඔබ ආදරය කරන කෙනෙකුගෙන් ඔබට ලැබුණු පළමු තෑග්ග?
පොත් 02, පැන්සල් 02, මකන 02
*ඔබ තුළ ඔබ දකින දුර්වලම ගුණාංගයක්?
අන් අයව ගොඩක් විශ්වාස කිරීම.
*වෘත්තීය කලා ශිල්පිණියක් මුල්තැන දියයුත්තේ තමන්ගේ වෘත්තීයටද? පෞද්ගලික ජීවිතයටද?
පෞද්ගලික ජීවිතයට.