දිලී ඔබට ස්තූතියි..our childhood is officially completed

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දිලී ඔබට ස්තූතියි..our childhood is officially completed

    දිලී ඔබට ස්තූතියි..|our childhood is officially completed

    14063958_170367523371513_3972148707028728671_n.jpg


    #මහේල හොදම ක්ලාස් බැට්ස්මන් වුනත්
    #සංග හොදම ගෙන්ට්ල්මන් වුනත්
    #දිලා ඔයා තමයි හොදම ස්පිරිට් එක තිබිච්ච ප්ලේයර්...
    මිඩ්ල් ඕඩර් බැට්කරන්න ආවත් ඕපන් ආවත්..
    අවුරුදු 19ක් වුනත්, 39ක් වුනත් හැමදාම ඒක අඩුවක් නැතුව
    එක වගේ තිබුන...
    අපි ඉස්සෙල්ලම මැච් බලන්න පටන්ගත්ත කාලෙ
    ඔයා ආවෙ 6,7 වගේ...ඒ දවස් වල නන් අපි හුගක් බලන් හිටියෙ ඔයා ටෙස්ට් වල සමරෙත් එක්ක ඇවිත් ලොකු පාට්නශිප් එකක් දානකන්...
    සංගගෙයි මයියගෙයි පාට්නශිප් එක තිබුන් නැත්තන්...ඔයාල දෙන්න අනිව ගේම ගහනව කියල අපි දැනන් හිටිය...කොහොම හරි මයිය ඔයාගෙ ටැලන්ට් එකට හම්බෙන්න ඕන ප්ලේස් එක පහුවෙලා හරි අරන්දුන්න...අවුරුදු 10 ට විතර සෙන්චරි 1ක් අරන් තිබුන ඔයා ඉතුරු වන්ඩේ සෙන්චරි 21 ම ගහන්නෙ ඊට පස්සෙ...
    ඔයා 2009, 2011 වල්ඩ් කප් හැම එහෙකම වැඩිම රන්ස් ගහන්නෙ,කවුරුත් මෙච්චර කාලෙකට දැකල තිබ්බෙ නැති අමුතුම ශොට් එහෙකුත් එක්ක...එහෙම ආපු #ඩිල්ස්කූප් එක ඔයා ගියත් හැමදාම ,ලස්සන මතක ගේන තැග්ගක් වගේ ඉතුරුවෙලා තියෙයි....
    ඉතින් අපි ක්‍රිකට් බලන්න ගත්තේ,බැලුවේ සංගල ,මයියල, දිලීල, වාස්ල හින්ද...ඒ තමයි අපේ ගෙනරේශන් එකේ පට්ටම පොරවල්...ඔව් ඒක තමයි ඇත්ත...එක එක තැන් වල එක එක විදිහට ජීවත් වුනත් මොන දේවල් කරත්..අපි හැමෝම හුගක් වෙලා ඔයාලත් එක්ක ජීවත්වුනා...
    දැන් ඉස්සර තරම්ම මැච් බැලෙනව අඩුයි...මොනව වුනත් අපි ගහන මැච් කොහොම හරි බලනව... #දිලී ත් යනව කීවමයි මතක්වුනේ....අපේ ජෙනරේශන් එකේ කාලේ දැන් හරි කියල...ඉතින් දිලී, අපිට ඒ දීපු ලස්සන මතක වලට අයෙ පාරක් ස්තුතියි... ඩිල් ස්කූප් පාරක් දකින ගානෙ...ශෝට් ලෙග් එක දිහාට බෝලයක් යන ගානේ ඔයාව මතක්වෙයි...හැමදාම ඔයාව හිතේ තියෙයි..හැමදාම...
     
    Last edited: