දිලෙනා තරුවේ ....

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,140
    1
    9,024
    113
    -~උලක් උඩ-~
    මට සින්දු කියන්න බෑ.. ඒත් ඉතින් ට්‍රයි එකක් දානවා කවුරුවත් නැති නිසා.. ඔව් දන්නවා කටහඬ කැතයි කියලා. :P අහලා බලන්න ඒ උනාට



    ත සැන්දෑවේ ආකාසේ දිලෙනා තරුවේ
    සරා සඳ අද නෑ ගිහින් බැහෙලා සිත් අහසේ
    එලියත් ඇති ඒ ඔබගේ අද අඳුරුයි සීතල සැන්දෑවේ
    හැකිදෝ ඉන්නට ඈතින් වත් ආලෝකය වී සිත් අහසේ

    ඔබගේ ඒ කතා ඔබගේ ඒ සිනා
    ඉන්නම් පසෙක වී නිහඬව බල බලා
    ඔබ අන් සතු නිසා මම අද තනි වෙලා
    මතකය අවදි වෙයි ඔබ දකිනා තුරා

    දුර ඈත පේන නිම්නයේ අතීතයේ ඉඳන්
    මගේ ජීවිතේම හැඩවුනේ ඔබේ ලඟින් ඉඳන්
    ඔබ නෑ දන්නේ මගෙ හීන පුරා ඔබමයි සැමදා හිටියේ
    ඉන්නෙත් ඔබමයි මතුවට සැමදා සිත පවතින තුරු ලෝකේ.

    ඔබගේ ඒ කතා ඔබගේ ඒ සිනා
    ඉන්නම් පසෙක වී නිහඬව බල බලා
    ඔබ අන් සතු නිසා මම අද තනි වෙලා
    මතකය අවදි වෙයි ඔබ දකිනා තුරා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    ලස්සනයි නමක් මතක නැති ගායකයෙක් මතක් වෙනවා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සින්දුව කැත නෑ හොඳයි. Visual එකකුත් කරලා යූටියුබ් දාන්න. Good luck.