දිවයින පුරා අධික ශීතල කාලගුණයක්
දිවයින පුරා අධික ශීතල කාලගුණයක්
2011 ජනවාරි 13 වෙනි බ්‍රහස්පතින්දා, 07:39
අධික ශීත කාලගුණයක් අද උදෑසන වනවිටද දිවයින පුරා පැතිර ඇති බව වාර්තා වේ. කාලගුණ විද්‍යා දත්ත පෙන්වා දෙන ආකරයට අඩුම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 08ක් වී තිබිණි. මහනුවර ප්‍රදේශයේ උෂ්ණත්වය අංශක 16.3 දක්වා පහල වැටී තිබුණු බවද වාර්තා වේ.
යාපනයේ උෂ්ණත්වය අංශක 21.6 ක්ද කොළඹ නගරයෙන් වාර්තා වූ අවම උෂ්ණත්වය අංශක 20.4ක්ද වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ නගරයේ ගතවූ පැය 24 තුළ අංශක 30ත් 22ත් අතර පරාසයක සාමාන්‍ය අවම උෂ්ණත්වයක් පැවති බවද කාලගුණ විද්‍යා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අසාමාන්‍ය කාලගුණ වෙනස්වීමත් සමග නුවර එළිය ප්‍රදේශයේ උෂ්ණත්වයේ සාමාන්‍යය 18ක් වූ අතර, මහනුවර උෂ්ණත්වයේ සාමාන්‍යය 18.4ක් බවද පැවසේ.
ඉන්දියාව ආශ්රිත ප්‍රදේශයේ සිට එන ශීත දියවැලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Source - Lankatruth

cmb cOooolll