දිව්‍යලෝකේ ඔරලෝසු
තම ජීවිත කාලය හොඳින් ගතකල ශ්‍රී ලාංකිකයෙක් මරණින් මතු දිව්‍ය ලෝකයේ දොරටුව අසලට සම්ප්‍රාප්ත විය. එහි දොරටුපාලයා ඔහු කැඳවාගෙන ඔහුට නියමිත ස්ථානය වෙත රැගෙන යන්නට වන්නේ ය. ඒ ස්වර්ණමය වැටක් දිගේය. එහි දෙපස රන් ඔරලෝසු රාශියක් එල්ලා තිබිණි. එහෙත් ඒවායේ කටු එක එක වේගයෙන් කැරකෙමින් තිබිණි. ඔහුට එය මහත් ප්‍රහේලිකාවක් විය.
මොනවද මේ හරි වෙලාවක් නැති ඔරලෝසු ඔහු ඇසීය.
ආ මේවා ද? ලෝකෙ ඉන්න හැම මිනිහෙකුටම ඔරලෝසුවක් තියෙනව මෙහේ… දොරටුපාලකයා කීය.
ඇත්තට ම… ලාංකිකයා පුදුම විය.
ඔව්, මේ ඔරලෝසු වල කටු කැරකෙන්නෙ ඔරලෝසු අයිතිකාරයා බොරුවක් කියනකොට විතරයි. එක බොරුවකට එක වටයයි.
මේ බලන්න තෙරේසා මව්තුමිය ගේ ඔරලෝසුව, කවදාවත් ඒකෙ කටු කැරකිලා නැහැ.
මේ තියෙන්නෙ ඒබ්‍රහම් ලින්කන්ගෙ ඔරලෝසුව, ජීවිත කාලයෙදිම දෙවතාවයි කැරකුණේ. දොරටුපාලයා විස්තර කලේය.
ඔවුහු තවත් ඉදිරියට ඇවිදගෙන ගියහ. ලාංකිකයා ඔරලෝසු ඔරලෝසු පරීක්ෂා කලේ ය.
නැද්ද මේකෙ අපේ රටේ ජනාධිපතිතුමාගේ ඔරලෝසුව එහෙම.
තියෙනවා, තියෙනවා මොකෝ නැත්තෙ දොරටුපාලයා කීය.
ඒක ශක්‍ර දිව්‍යරාජයා එයාගෙ විමනෙ වහලෙ සවිකරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදියට.
රිපොස්ට් නම් සොරි හොදේ 
මේක දැම්මේ කාටවත් මඩ ගහන්න නෙමෙයි. කතාව හොදයි කියලා හිතුනු නිසා බෙදා ගන්න හිතුනා.
උපුටා ගැනීමකි
.

Last edited: