කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දි පැය 24 පුරා සිදු කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරණ වැඩසටහනේ දී ඉකුත් 24 පැයේ පුද්ගලයන් 19,000 දෙනකුට එන්නත් ලබා දුන් බව යුද හමුදාව කියයි.
ඊයේ අලුයම 6.00 ආරම්භ වූ එන්නත් කරණය අඛණ්ඩය අද දිනත් පැවැත්වෙන බව ද යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එන්නත් ලබා ගැනිම සඳහා විශාල පිරිසක් ඊයේ රාත්‍රියේදී විහාර මහා දේවී උද්‍යානයට පැමිණ සිටියහ.
https://www.lankadeepa.lk/main_picture/දිවා-රැ-නොබලා-යුද-හමුදාව-එන්නත්-කරණයේ/11-596078