දිවිගලවා ගැනීම

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
දිවිගලවා ගැනීම

දිවිගලවා ගැනීම - Dying to Survive​

attachment.php


දැඩි මතධාරී චීන කොමියුනිස්ටි පාලකයන්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඒ මහගු චීන සිනමා සිත්තම සමත්විය

Dying to Survive . ( දිවිගලවා ගැනීම ) 2018 -07-01
අධ්‍යක්ෂනය - Muye Wen


Muye Wen සිය සිනමා කෘතියට තෝරාගත්තේ චීනයේ සිදුවු සත්‍ය සිදුවීමි පෙලකි. ඔහු එහි තිර රචනය සිදුකලේ ඔස්කාර් සමිමාන දිනූ Dallas Buyers Club හි තිර රචනය අනුව යමින් ඊට සමානතරවය. Dallas Buyers Club චිත්‍රපටියේ ඒඩිස් රෝගය වැළදුනු පුද්ගලයෙක් ටෙක්සාස් ප්‍රාන්තයේ තහනමි කරනලද බෙහෙත් වර්ග ගෙන්වමින් තවත් තමා වැනි වූ ඒඩිස් රෝගීන් සුවපත් කිරීමට වෙහෙස දරයි. එයට සමානම සත්‍ය සිදුවීමි පෙලක් චීනයේද සිදුවෙයි. මෙි සිදුවීමි පෙල Muye Wen විසින්Dying to Survive තුලින් නිර්මාණාත්මක ලෙස අපිට ඉදිරිපත් කරයි.


චීනය ලියුකේමියා රෝගයට ඖෂධ ලබා ගත්තේ ස්විස්ටර්ලන්තයේ ප්‍රකට සමාගමක් වූ Novartis වෙතිනි. එ් සමාගම ලියුකේමියාවට අදාල වු ඒ පෙත්ත එ.ඡ.ඩොලර් 32 කට චීනයට සපයන ලදී. එහෙත් බොහෝ චීන ඡනතාවට එකී පෙත්ත ගැනීමට තරමි මුදල් නොමැතිකමින් තම දරැවෝ මරණය කරා යන ආකාරය ශෝකයෙන් බලා සිටියහ. 


දිනක් චීනයේ Lu Yong නැමති රෙදිපිළි විකුණා ඡීවත්වු සාමන්‍ය පන්තියේ වෙලෙන්දෙකුට මෙම ස්විස් ඖෂධය ඒ ගුණයෙන්ම ඉංදියානු වෙළදපොලේ ඇති බවත් එහි මිල ඇ.එ. ඩොලර් 01 ක් බවත් ආරංචි විය. එහෙත් ප්‍රශ්නය තිබුනේ එය නීත්‍යාණුකුලව ගෙන්වීමට නොහැකිවීමයි. චීනය එවිට ලියුකේමියාව සදහා ඉංදියානු ඖෂධ ගෙන්වීම සපුරා තහනමි කර තිබිණි.එහෙත් අවශ්‍යතාවය බලවත්ය.චීන දරැවෝ මිය යමින් සිටිති. අවශ්‍ය තාවයට නීතියක් නැතැයි කියන්නාක් මෙන් ඔහු හොර රහසේ මෙකී ඖෂධය ඉංදියාවෙන් චීනයට ගෙන්වනු ලැබීය.නීති විරෝධි බොහෝ ක්‍රියාවන්ට චීනයේ දඩුවම මරණයයි. මරණය පෙනි පෙනී මෙි මිනිසා බොහෝ ලියුකේමියාව වැළදි දරැවෝ ඉන්බෙිරා ගනු ලැබු අතර ඒ ඖෂධයෙන් ඔහු කිසිදු ලාභයක් ඉපයුයේ නැත. ලූ යැන්ගේ ක්‍රියාවෙි වටිනාකම ඇත්තේ එතැනය. ඒ ක්‍රියාව මරණයේ තොන්ඩුව සියතින් ගෙලලා ගැනීමකට සමාන නමි. මම ඔබෙන් අසමි එහි අගය විස්තර කිරීමට ඔබට වචන තිබෙිද ? . එහෙත් මෙි අනගි මිනිසා 2013 ඡුලි මස Hunan province පොලිසියට කොටුවිය.


ලු යෑන්ග් ට එරෙහිව චීන බලධාරීන් චීනය අනුමැතියකින් තොරව හොර රහසේ ව්‍යාඡ ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීමෙි චෝදනාව යටතේ නඩු පැවැරීය. නඩුව විභාග කරන අතරවාරයේ චීන මවුවරැන් හා පියවුරැන් 300 ක් එක්ව ඔවුනගේ ඡිවිත රදා පැවතුනේ ලු යෑන්ග් විසින් සිය දරැවන්ගේ ඡිවිත බෙිරා දීම මත බවත් එබැවින් ඔහුව නිදහස් කරන ලෙසත් ඉල්ලා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කලෝය. එයත්, ඔහු මෙය කලේ කිසිදු ලාභයක් නොගෙන බවත් සැලකිල්ලට ගත් අධිකරනය ලූ යෑන්ග්ට සුලු දඩුවමක් පමුනුවා ඔහු නිදහස් කලේය. Dying to Survive කතාව එයයි. ඡුලි මස පළමු සති දෙක තුල පමණක් චිත්‍රපටිය ඉපයූ ආදායම ඩොලර් මිලියන 390 කි .


චීනය සිය ප්‍රතිපත්ති වෙනස් කරමින් ඉංදියාවෙි ලියුකේමියාවට හා පිළිකාවට නිෂ්පාදිත ඖෂධවලට සිය තීරැ බදු අඩුකිරීමෙි ගිවිසුමක එළඹි බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කල අතර අානයනික ඖෂධ මත පනවා ඇති සියලු බදු ලිහිල් කර ලියුකේමියාවට හා පිළිකාවලට ගෙන්වනු ලබන සියලු ඖෂධ ස්වකීය ආනයන බදු වලින් සමිපූර්ණයෙන් නිදහස් කලේය.


චීනය ගිය වසරේ පමණක් ඖෂධ සදහා ඇමෙරිකා එක්සත් ඡනපදයට ඩොලර් බිලියන 123 ක් ගෙවා තිබිණි.


attachment.php


source http://thewoman.lk/category/entertainment/movies/
 

Attachments

  • Movies thewoman.lk 1.jpg
    Movies thewoman.lk 1.jpg
    32.6 KB · Views: 327
  • Movies thewoman.lk2.jpg
    Movies thewoman.lk2.jpg
    62.9 KB · Views: 328
  • Like
Reactions: other guy

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හිනා වෙන්නැතුව කියපංකො බං. උන් හැම මඟුලම අඩු ගානට හදන එකේ ඔය පෙත්ත ඉන්දියාවටත් වඩා අඩුවට හදාගන්න පුලුවන් ඇතිනෙ. එහෙම හැදුව නං ඉන්දියාවෙන් ගෙන්නන්න ඕන්නෑනෙ
     
    හිනා වෙන්නැතුව කියපංකො බං. උන් හැම මඟුලම අඩු ගානට හදන එකේ ඔය පෙත්ත ඉන්දියාවටත් වඩා අඩුවට හදාගන්න පුලුවන් ඇතිනෙ. එහෙම හැදුව නං ඉන්දියාවෙන් ගෙන්නන්න ඕන්නෑනෙ

    weather එක නිසා අමාරු ඇති හදන්න බඩු හොයාගන්න .....
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703
    113
    ඉතිං ඕක චීනෙට හදාගන්න බැරිද :eek:


    පේටන්ට් කෙස් එකක් ඇත්තේ... නැත්නම් චීන්නු ඕකටත් වැඩේ දීල මෙලහකට